පරිගණක භාෂා ගැන කථා කරද්දි PHP ගැන කථා නොකරම බැහැ මොකද ඒ තරම්ම PHP අප අතර ජනප්‍රිය පරිගණක භාෂාවක් වන නිසා. එසේ නමුත් PHP පමණක් යොදා ගෙන ක්‍රමලේඛණය කරන විට වාසි මෙන්ම අවාසිද තිබෙන්නට පුළුවන්. එම නිසා බොහෝ විට Framework එකක් යොදා ගෙන ක්‍රමලේඛණය කරන්නට බෝහෝ පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් පුරුදු වී සිටිනවා. වර්තමානයේ බොහෝ Frameworks ජනප්‍රිය වී තිබෙන නමුත්, Codeigniter යනු ආරම්භකයෙකුට ඉතාම පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස කා අතරත් ජනප්‍රිය වී තිබෙන framework එකක් ලෙස හැඳින්විය හැකිය. ඔබ PHP වලට ආධුනිකයෙක් නම් Codeigniter හැදෑරීමට පෙර PHP පිළිබඳ මූලික දැනුමක් ලබා සීටි නම් එය Codeigniter ඉගැනීමට ඉතා පහසු වේ
Sunday, May 17, 2015
Saturday, October 11, 2014
නව පරපුරේ වෙබ් භාෂාව - WebGL
WebGL යනු පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ ස්වාධීනව ක්‍රියා කරන (ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරන ) වැඩසටහන් ක්‍රමලේඛ අතුරුමුහුණතකි. (Application Programming Interface-API). එය නිර්මාණය කොට ඇත්තේ පරිගණක ග්‍රාෆික නිර්මාණ (Computer graphics) වෙබ් බ්‍රව්සරය ඔස්සේ ක්‍රියා කිරීම පහසු කිරීමටයි. WebGL සාමාන්‍ය පරිගණක ග්‍රාෆික නිර්මාණ මෙන් render කිරීමට වෙනත් plugins අවශ්‍ය නොවන අතර සෘජුවම (Graphics Processing Unit -GPU) සමඟ සම්බන්ධ වී render කිරිම කරයි. සාමාන්‍යෙන් Computer graphics ඉතා විශාල මතක හා ගණනය කිරීම් ශක්තියක් භාවිතා කරයි. ඔබ පරිගණක ක්‍රීඩා කරුවෙක් නම් නිතැතින්ම ඔබට බලවත් graphics කාඩ් සහ RAM කාඩ් අවශ්‍ය වනු ඇත. නමුත් WebGL හරහා මෙම පරිගණක ගණනය කිරීම් ශක්තිය අවම ලෙස භාවිතා කර උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දීම සිදු කරයි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති WebGL අනාගතයේදී සියළුම පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා යොදා ගනු නොඅනුමානය. එසේ වුවහොත් ඔබට ඔබේ පැරණි පරිගණකයෙන් අද පවතින නවතම පරිගණක ක්‍රීඩා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.
Saturday, March 22, 2014
Tuesday, February 18, 2014
Sensitive videos found in Youtube - Yotube තුල මා දුටු සංවේදී වීඩියෝවන්
Youtube වෙබ් අඩවිය තුල ජනප්‍රිය වූ මා හිත්ගත් සංවේදී සහ මඳක් සිතා බැලිය යුතු වීඩියෝවන් කිහිපයක් අද ඔබත් සමඟ බෙදා හදා ගන්නට සිතුවා. මෙම වීඩියෝවන් වල අයිතිය එම හිමිකරුවන් හට හිමිවිය යුතු වෙනවා.
Sunday, November 10, 2013
ස්වයංක්‍රීයව පරිගණකය ක්‍රියා විරහිත කරමු - Shutdown the Computer Automatically
ඔබ නිතරම පරිගණකය ආශිතව කටයුතු කරන්නෙක්ද? එසේ නම් නිතැතින්ම මේ ගැටළුව ඔබටත් ඇති වී ඇති. යම් දීර්ඝ කාලයක් ගත වන කටයුත්තක් සිදු කරමින් සිදු කරමින් සිටින විට හදිසියේම ඔබට ඉවතට යෑමට සිදු වේ. එහෙත් පරිගණකය ක්‍රියා විරහිත (shut down) කිරීමට ද නොහැකිය. එසේ නම් යම් කාලයක් තබා උදාහරණයක් ලෙස මඟින් පරිගණකය shut down කිරීමට තිබේ නම් අගනේ යැයි විටෙක ඔබට සිතෙන්නට හැකිය.
Tuesday, September 24, 2013
මොකද්ද මේ Leap Motion?
ඔබ පරිගණකය සමඟ නිතර ගණු දෙණු කරන්නෙක්ද? මවුසය හා කී බෝඩය මේ වන විට ඔබට එපා වී තිබෙනවාද? එසේ නම් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි උපාංගයක් ගැනයි. මේ උපාංගය සමඟ එන පරිගණකයක් ද සමාගම පසුගිය දා හඳුන්වා දුන්නා. එම වීඩියෝව පහලින් ඔබට නරඹන්න පුළුවන්. මෙම තාක්ෂණය හඳුන්වන්නේ Leap Motion ලෙසයි. ඇමෙරිකාවේ Motion Control සමාගම විසින් හඳුන්වා දී ඇති මේ නව තාක්ෂණය සමඟින් ඔබට මවුසයක් භාවිතයෙන් තොරව පරිගණකය හා ගණු දෙනු කල හැකි. මෙම තාක්ෂණයට ඔබගේ අතෙහි චලන ඉතා නිවැරදිවා හඳුනා ගත හැකි අතර එමඟින් හිස් අවකාශය තුල ඔබ දක්වන ත්‍රිමාන චලන මඟින් පරිගණකයට විධාන ලබා දීම කල හැකි. මෙම උපාංගය Kinect උපාංගයකට වඩා වෙනස් වේ. මඟින් මුළු සිරුරේම චලන ලබා ගැනීමට හැකි අතර මෙමඟින් අතෙහි චලන පමණක් හඳුනා ගනී.
Tuesday, August 20, 2013
Saturday, August 10, 2013
Friday, April 26, 2013
fit image to label in java- ඉමේජයක් ජාවා ලේබලයකට ගැලපෙන ලෙස සකස් කිරීම.
ජාවා පරිගණක භාෂව සමඟ කටයුතු කරන විටක ඔබට ලේබලයකට ඉමේජයක් දැමීමට අවශ්‍ය වී තිබෙන්නට පුළුවන්. මෙය Netbeans හරහා ඉතා පහසුවෙන් කර ගන්නට පුළුවන්. නමුත් ගැටළුව වන්නේ එය නොවෙයි. මේ දමන ඉමේජය ලේබලයේ ප්‍රමාණයටම විය යුතු අතර ඊට අඩු හෝ වැඩි නොවිය යුතු වීමයි. ඉතින් මේ කුඩා ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එයට විසඳුමක් සපයා දීමටයි. පළමුවෙන්ම අපි බලමු Netbeans වලින් ලේබලයකට ඉමේජයක් add කර ගන්න ආකාරය.
Monday, February 4, 2013
මොකද්ද මේ Mind Blaster? What is Mind Blaster?
අද දවස සුවිශේෂී දවසක්. ඔව් අද තමයි ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගෙන 65 වසරක් ගත වන දිනය. නමුත් ඒ සුවිශේෂී බවට අමතරව අද තවත් විශේෂත්වයක් ගෙන දෙන දවසක් මක් නිසාද කිව හොත් අද තමයි ලංකාවේ පළවෙනි USSD Game එක මහජනයා සඳහා නිකුත් වන දිනය. මේ වන කොටත් තරඟය ඇරඹිලා තියෙන්නේ. ඒ නිසා අද පෝස්ටුවෙන් ඒ ගැන කථා කරන්න මම හිතුවා.
මොකද්ද මේ USSD කියන්නේ?
Unstructured Supplementary Service Data යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම ක්‍රමය ජංගම දුරකථන සඳහා භාවිතා වන ප්‍රොටොකෝලයක්. එමඟින් ඔබට දුරකථන සේවා සපයන්නා (Service Provider) හා සම්බන්ධ විය හැකි. එමඟින් තමයි ඔබගේ ජංගම දුරකථනයේ මුදල් ශේෂය වැනි දෑ පිරික්සන්නේ මෙතෙක් කලක එවැනි සේවාවන් සඳහා පමණක් මේ මෙනු ක්‍රමය භාවිතා කලත් අද වන විට ඒ ගමන් මඟ නව මුහුණුවරක් ගෙන ජංගම දුරකථන ක්‍රීඩාවක් දක්වා දියුණු වී තිබෙනවා.
කොහොමද ක්‍රීඩාව Play කරන්නේ?
මේ ක්‍රීඩාව Play කරන්න අවශ්‍ය එකම දේ තමයි Dialog සම්බන්ධතාවයක් සහිත ජංගම දුරකථනයක් ඔබ සතුව තිබීමයි. අද තිබෙන බොහෝ ක්‍රීඩා කිරීම සඳහා Smart දුරකථන අවශ්‍ය වෙනවා. නමුත් මේ සඳහා එවැනි අවශ්‍යතාවයක් නෑ. ඕනෑම වර්ගයක දුරකථනයකින් ඔබට මේ සඳහා එක් විය හැකියි. ඔබ ඒ සඳහා කල යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන් #771*671# ඇමතීම පමණයි.
Wednesday, January 9, 2013
විශ්මිත මකුළු ලෝකය- Amazing Spider World
"පෘථිවිය" සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇතැයි සැළකෙන එකම ග්‍රහලොවයි. ජීවය ඇති වූයේ කෙසේද? එය පහදා දීමට විවිධ සිද්ධාන්ත බිහිවී තිබේ. කෙසේ නමුත් දැනට පිළිගන්නා අන්දමට පරිණාමවාදය මෙම සිද්ධාන්ත තුලින් ප්‍රමුඛ පෙළේ පිළිගැනීමක් ලබා ඇත. අප චාල්ස් ඩාවින් හට එහි ගරුත්වය ලබා දුන්නත් ඒ සඳහා තවත් හිමිකරුවෙක් ද සිටින අතර ඔහුටද එම ගෞරවය ලබා දිය යුතු බව අපි සිහියේ තබා ගත යුතු වෙනවා. ඔහු නමින් ඇල්ෆ්‍රඩ් රසල් වොලස් ය.
Tuesday, January 8, 2013
Office 365-මොකද්ද මේ ඔෆිස් 365?
මේ ගැන කථා කරන්නට ප්‍රථමයෙන් අපි Cloud Computing ගැන මදක් විමසා බැලීම වැදගත්. Cloud Computing යනු සම්පත් (මෘදුකාංග හා දෘඩාංග ) සේවාවක් ලෙස ජාලයක් හරහා (උදාහරණ වශයෙන් අන්තර් ජාලය හරහා) ප්‍රයෝජනයට ගැනීමයි.
Saturday, October 27, 2012
Diving through the Windows 8- වින්ඩෝස් 8
මයික්‍රොසොෆ්ට් හි නවතම වින්ඩෝස් සංස්කරණය ඊයේ(26) වනදා නිකුත් වුණා. එහි බීටා සංස්කරණයක් අත් හදා බැලීමට මටත් හැකි වුණා. ඒ සමඟම ඊයේ රාත්‍රියේ දී එය යාවත්කාලීන කර ගැනීමටද හැකියාව ලැබුණා.
Saturday, October 13, 2012
ජාවාස්ක්‍රිප්ට් වලින් රිජෙක්ස් - Introduction to Regular Expressions from Javascript
මොනවද මේ Regex නැත්නම් Regular Expressions කියලා කියන්නේ. පරිගණක භාෂාවක අප String Manipulation ලෙස හඳුන්වන වාක්‍ය ඛණ්ඩ සංවිධානාත්මකව හැසිරවීමේ රටාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.
එනම් වාඛ්‍ය ඛණ්ඩ නැත්නම් Strings වල රටා හඳුනා ගෙන ඒවා අපට අවශ්‍ය කටයුතු වලට යොදා ගැනීම මෙහිදී සරල වශයෙන් සිදු කෙරේ. සරල පැහැදිලි කිරිමක් ගනිමු.
Thursday, August 16, 2012
ජාවාහි Singleton Objects ගැන දැන ගනිමු. What are Singleton objects in java programming language
අද කථා කරන්න යන්නේ ජාවා පාඩමක් පිළිබඳවයි. තරමක් දුරට ජාවා ගැන අවබෝධය ඇති කෙනෙක්ට මෙම ලිපිය වැදගත් වේවි. ඒ නැතත් බොහෝ සරල ලෙස පැහැදිලි කරන්නට උත්සාහ කරන්නම්. මේ සඳහා ඔබට OOP (Object Oriented Programming)පිළිබඳ තරමක් දුරට අවබෝධය අවශ්‍ය කරනවා. ජාවා දන්න බොහෝ දෙනෙක් OOP ගැනද දන්නවාට සැකයක් නෑ. ජාවාහි Object 1 යනු සත්‍ය ලෝකයේ වස්තුවකට සමාන කරන ලද වස්තුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට ගති ගුණ ( properties ) උදා වර්ණය, ප්‍රමාණය මෙන්ම හැසිරීම් ( behaviors ) ද තිබෙනවා. උදා: වස්තුව කාරයක් නම් කාරය ගමන් කරයි, කාරයේ රෝද කැරකෙයි. මෙම වස්තූන් විවිධ ලෙස හැසිරීමෙන් විවිධ ක්‍රියාකාරකම් කල හැකියි. ඔබ ජාවා වලට ආධුනිකයෙක් නම් ගැන වැඩි විස්තර මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකියි.
Wednesday, July 11, 2012
ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස් අල(ර්)ට් - Free News alert to your mobile phone
ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක් සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.
Monday, July 9, 2012
Youtube වීඩියෝ mp3 ලෙස බාගැනීම. Download youtube video as mp3
බොහෝ විට අපට youtube වෙබ් අඩවියේ ඇති වීඩියෝ පටයක ඕඩියෝ කොටස පමණක් ලබා ගැනීමට සිදු වන අවස්ථා තිබෙනවා.
උදාහරණ ලෙස ගීතයක් mp3 ලෙසින් ලබා ගැනීමට අවශ්‍ය විට
video එකක් mp3 ලෙස convert කර ගැනීමට අවශ්‍ය වූ විට
Wednesday, June 13, 2012
ගූග්ල් ක්‍රෝම් ප්ලගින්ස් - Google Chrome plugins (Extensions)
2008 දී හඳුන්වා දුන් Google Chrome දැන් බොහෝ ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක් බවට පත් වෙලා අවසන්. මයික්‍රොසොෆ්ට් නිෂ්පාදනයක් වූ Internet Explorer සඳහා හොඳ තරඟයක් මෙයට ලබා දෙන්නට හැකි වී තිබෙනවා. අද මම ඉදිරිපත් කරන්නේ ක්‍රෝම් හි සුවිශේෂී අතුරු වැඩසටහන් (plugins) කිහිපයක්. මේවා ගොඩක් අය දැනටමත් භාවිතා කරන ඉතාම ප්‍රසිද්ධ වැඩසටහන්. නමුත් නොදන්නා අයට වැදගත් යැයි හිතුණු නිසා මේ ගැන ලිපියක් ලියන්න හිතුණා.
Saturday, March 3, 2012
තමන් විසින් තමන්වම කැඳවීම හෙවත් Recursive Algorithms
එදා මට Recursive Algorithms වල හොඳ උදාහරණයක් මඟ ඇරුනා. ඒ නිසා මේ එක ලිව්වේ ඒ උදාහරණය ගැන කියන්න. මේ වෙද්දිත් කාට හරි මේ Algorithms වර්ගය ගැන පොඩි හරි අවුලක් තියෙනවා නම් මේක කියෙව්වම ඒක නිරාකරණය වෙලා ඕනෙම අමාරු ගානක් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒ නිසා කොතරම් කාර්ය්‍ය බහුල උනත් විනාඩි 10කින් මේක ලිව්වේ.
Tuesday, December 6, 2011
How to use Batch scripts2- බැච් විධාන භාවිතය2.
අද මම ගිය වර ලිපියේ ඉතිරි ටික ලියන්න තමයි සූදානම් වෙන්නේ. කලින් ලිපියෙන් මම කියල දුන්නා Batch Scripts වල මූලික කරුණු කිහිපයක්. අද ලිපියෙන් තව කරුණු කිහිපයක් ඉගෙන ගනිමු.
මුලින්ම බලමු Format කරන්න බැරි Pen Drive එකක් Format කර ගන්නා ආකාරය
Subscribe to:
Posts (Atom)



