Pages

Friday, February 25, 2011

පරිගණක භාෂා - Computer Languages

            ඔන්න සෑහෙන කාලෙකින් ආව බ්ලොග් එක පැත්තෙ දැන් ලියන්නත් කාලෙ එච්චර නෑ.වැඩ වැඩ ඉවරයක් නෑ.කමක් නෑ පුලුවන් විදියට දිගටම ලියන්නම්කෝ.අද මම කියන්න යන්නේ පරිගණක භාෂා ගැන.ඒ ගැන ලියන්න හිතුවේ අපේ UOC අයටත් ඒක වැදගත් වෙයි කියලයි.

            ඉස්සෙල්ලම කියන්න ඕනෙනේ පරිගණකය කියන්නේ යන්ත්‍රයක් නේ.ඉතින් එයට මිනිසුන් හා ගනු දෙනු කිරීමට ක්‍රමයක් සෘජු ක්‍රමයක් නෑනේ.ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිසුන් හා මිනිසුන් අතර සන්නිවේදනය කරන ආකරයට කෙලින්ම අදහස් හුවමාරු කර ගන්න එයට තවමත් හැකියාවක් නෑ.මම තවමත් කියල කියන්නෙ මේ වන විට කෘතිම බුද්ධිය සහිත පරිගණක නිපදවීමට මිනිසා උත්සාහ ගනිමින් ඉන්නවානේ.සමහර විට ඒ කාර්යන් සාර්ථක විය හැකි නිසයි. මෙන්න මේ නොහැකියාව නිසා පරිගණකය හා සන්නිවේදනය කල හැකි ක්‍රමයක් ලෙස පරිගණක යෙදුම් (Computer Applications,Softwares)හදුන්වා දී තිබෙනවා.මේවා හරහා අපට පරිගණකය හා සම්බන්ධ වී අපගේ කටයුතු ඉටු කර ගත හැකි වී තිබේ.අප එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරගන්න සිංහල, ඉංග්‍රීසි වගේ භාෂාවක් භාවිතා කරනවා වගේ ඉහත කී යෙදුම් නිර්මාණය කිරීම සදහා යොදා ගන්නා මාධ්‍යය ලෙස පරිගණක භාෂාව(Programming Language) යොදා ගන්නවා. සරලව කිව්වොත් මෘදුකාංගයක් ලිවීම සදහා තමයි පරිගණක භාෂාවක් යොද ගන්නේ.මෙම භාෂාව මිනිසාගේ උවමනා හා අවශ්‍යතා සදහා කෘතිමව නිපදවා ඇති එකකි.