Pages

Saturday, October 11, 2014

නව පරපුරේ වෙබ් භාෂාව - WebGL

WebGL යනු පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ ස්වාධීනව ක්‍රියා කරන (ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරන ) වැඩසටහන් ක්‍රමලේඛ අතුරුමුහුණතකි. (Application Programming Interface-API).  එය නිර්මාණය කොට ඇත්තේ පරිගණක ග්‍රාෆික නිර්මාණ (Computer graphics) වෙබ් බ්‍රව්සරය ඔස්සේ ක්‍රියා කිරීම පහසු කිරීමටයි. WebGL සාමාන්‍ය පරිගණක ග්‍රාෆික නිර්මාණ මෙන් render කිරීමට වෙනත් plugins අවශ්‍ය නොවන අතර සෘජුවම (Graphics Processing Unit -GPU) සමඟ සම්බන්ධ වී render කිරිම කරයි. සාමාන්‍යෙන් Computer graphics ඉතා විශාල මතක හා ගණනය කිරීම් ශක්තියක් භාවිතා කරයි. ඔබ පරිගණක ක්‍රීඩා කරුවෙක් නම් නිතැතින්ම ඔබට බලවත් graphics කාඩ් සහ RAM කාඩ් අවශ්‍ය වනු ඇත. නමුත් WebGL හරහා මෙම පරිගණක ගණනය කිරීම් ශක්තිය අවම ලෙස භාවිතා කර උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දීම සිදු කරයි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති WebGL අනාගතයේදී සියළුම පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා යොදා ගනු නොඅනුමානය. එසේ වුවහොත් ඔබට ඔබේ පැරණි පරිගණකයෙන් අද පවතින නවතම පරිගණක ක්‍රීඩා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.



WebGL ක්‍රමලේඛය තරමක් අසීරු ය. සාමාන්‍ය පරිගණක ක්‍රමලේඛකයෙකුට එය තරමක් අසීරු ක්‍රියාවකි. මන්දයත් සියළුම pixel අගයන් තනි තනිව ක්‍රමලේඛ කලයුතු හා ගණිත කර්ම සීග්‍රයෙන් භාවිතා වන බැවිනි. එය දෙවන පරම්පරාවේ පරිගණක භෂාවක් මෙන් තරමක් අසීරුය. එම නිසා ඒ සඳහා විවිධ පරිගණක ක්‍රමලේඛකයින් හඳුන්වා දී ඇත. threejs.org එවැන්නකි. ප්‍රධාන වෙබ් බ්‍රව්සර් හිමිකරුවන් (Chrome, Mozilla )වෙන වෙනම මෙම භාෂාව වැඩි දියුණු කිරිමේ කටයුත්තේ නිරත ව සිටී.  WebGL ප්‍රධාන වශයෙන් HTML5 හි ඇති canvas element එක මත ධාවනය වේ. Javascript වැනි Client side scripting languages මඟින් මේ සඳහා විධාන ලබා දීම සිදු වේ. threejs ද එවැනි javascript library යකි. WebGL අනාගතයේ පරිගණක ක්ෂේත්‍රයේ වැඩි වටිනාකමක් ලබා ගැනීමට හැකි නව භාෂාවක් බැවින් මේ ගැනත් හදාර තිබීම ඔබ සැමට වැදගත් වනු ඇත.

References

http://en.wikipedia.org/wiki/WebGL
https://www.khronos.org/webgl/wiki/Main_Page



No comments:

Post a Comment