Pages

Tuesday, January 8, 2013

Office 365-මොකද්ද මේ ඔෆිස් 365?

මේ ගැන කථා කරන්නට ප්‍රථමයෙන් අපි Cloud Computing ගැන මදක් විමසා බැලීම වැදගත්. Cloud Computing යනු සම්පත් (මෘදුකාංග හා දෘඩාංග ) සේවාවක් ලෙස ජාලයක් හරහා (උදාහරණ වශයෙන් අන්තර් ජාලය හරහා) ප්‍රයෝජනයට ගැනීමයි. 



Cloud Computing වල ආකාර කිහිපයක් දක්නට ලැබේ.

  • Infrastructure as a service (IaaS)
  • Platform as a service (PaaS)
  • Software as a service (SaaS)
  • Network as a service (NaaS)
  • Storage as a service (STaaS)
  • Security as a service (SECaaS)
  • Data as a service (DaaS)
  • Database as a service (DBaaS)
  • Test environment as a service (TEaaS)
  • Desktop virtualization
  • API as a service (APIaaS)
  • Backend as a service (BaaS)


Logical Diagram of Cloud computing


උදාහරණයක් වශයෙන් ඔබට දෘඩ තැටියක් (Hard Disk) ගැනීමට අවශ්‍ය යැයි සිතමු. නමුත් ඔබට අන්තර්ජාලය හරහා නොමිලේ යම් ඉඩක් ලබා ගත හැකි සේවාවන් රැසක් ලබා ගත හැකි වේ. උදාහරණයක්  Drop Box ලෙස එවැනි සේවාවකි. මෙහිදී ඔබට පරිගණකයේ ඉඩ, සේවාවක් ලෙස ලබා ගත හැකි වේ.

ඔබට යම් මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපනය කිරීමට අවශ්‍ය බව සිතන්න. නමුත් ඒ සඳහා අවශ්‍ය ඉඩ කඩ හෝ පහසුකම් ඔබට නොමැති නමුත් අන්තර්ජාල පහසුකම් පමණක් ඇති නම් මේ මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය අන්තර්ජාලය හරහා බොහෝ විට නොමීලේ ලබා ගත හැක. එසේම මේ තාක්ෂණයේ ඇති තවත් වාසියක් වන්නේ මෙවැනි මෘදුකාංග ඔබගේ මිතුරන් ආදී වෙනත් අයත් සමඟ එක්ව භාවිතා කල හැකි වීමයි. එනම් පිරිසක් සමඟ එක්ව එක විට යම් නිර්මාණයක් ලොව විවිධ තැන් වල සිට කර ගැනීමට මේ තාක්ෂණයෙන් අවස්ථාව හිමි වී තිබේ.මේ තාක්ෂණය භාවිතා කිරීම ඉතාම ලාභදායි වන අතර ඉතාම පහසු වේ. එනිසා බොහෝ ආයතන ක්‍රමයෙන් මෙම තාක්ෂණය භාවිතා කිරීම ආරම්භ කර තිබේ.

Microsoft Office පැකේජය එදිනෙදා ජීවිතයේදී අප වැඩි වශයෙන් භාවිතා කරන මෘදුකාංග එකතුවක් වේ. මෙහිදී මෙම පැකේජය අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගත යුතු වේ. නමුත් ඔෆිස් 365 තුලින් මේ සියළුම සේවාවන් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට මං පෙත් විවර කර දෙයි. මෙහිදී මයික්‍රොසොෆ්ට් ඔෆිස් 365 සඳහා ඇති ප්‍රධාන බාධාව වන්නේ නොමීලේ ලබා දෙන අනෙකුත් සේවාවන් ය.ගූග්ල් ආයතනයත් මෙවැනිම සේවාවක් නොමීලේ ලබා දේ. එම සේවාව google drive නමින් හැඳින්වෙන අතර මෙම යොමුව ඔස්සේ ඒ සඳහා පිවිසිය හැකිය. මෙම සේවාව වෙබ් බ්‍රව්සරය හරහා ලබා දී ඇත. නමුත් සාම්ප්‍රදායික ඔෆිස් භාවිතා කරන්නන්ට එම ඔෆිස් ගුණාංගයන් අඩු මිලට ඔෆිස් 365 ඔස්සේ ලබා ගත හැකියි. මෙමඟින් තවත් අමතර සේවාවන් රැසක් ලබා දෙයි. උදාහරණ ලෙස email පහසුකම්,කැලැන්ඩරය ගොනු හුවමාරු පහසුකම් (Online File sharing). මෙන්ම තවත් සුවීශේෂී පහසුකම් රැසක් ලබා දේ.


මූලාශ්‍ර:

No comments:

Post a Comment