Pages

Friday, September 10, 2010

මොනවද මේ ASCII කියන්නේ?-What is an ASCII

ASCII යනුවෙන් හෑදින්වෙන්නේ American Standard Code for Information Interchange යන්නයි.එය උච්චාරණය කරන්නේ ඇස්කී යනුවෙනි.එය සංකේත කේථාංකනය කිරීමේ සම්මත ක්‍රමයක් ලෙස සරලව හෑදින්විය හෑකිය.සංකේථයක් පරිගණකයක හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණයක දර්ශණය කරන සම්මත ආකාර කිහිපය අතරින් මුල්ම හා කුඩාම ක්‍රමය ලෙස මෙය හැදින්විය හැකිය.ඇමෙරිකානු සම්මතයක් වන මෙය අද වන විටත් බොහෝ උපාංග වල භාවිතා වේ.වර්ථමානයේ UTF-8 හා Unicode  වැනි සම්මතයන් ද භාවිතා කල හැකි තරමට මේ උපාංග දියුණු වී ඈත.ඒවා ASCII වලට වඩා වැඩි සංකේත ගණනකට ප්‍රථිචාර දෑක්විය හෑකි වන ලෙස නිමවා ඈත.US-ASCI Internet Assigned Numbers Authority (IANA) මගින්     ASCII සදහා සංකේත අනුපිළිවෙල ඉදිරිපත් කරනු ලබයි.මේ ක්‍රමය මුලින්ම වාණිජ වශහ්යෙන් යොදා ගත්තේ දුරස්ථ මුද්‍රක යන්ත්‍ර සදහායි.1960 ඔක්තෝබර් 6 වෑනිදා මේ ක්‍රමය සම්ම්ත වශයෙන් භාවිතා වීම ඈරඹිණි.


ASCII භාවිතා වන්නේ ප්‍රධාන වශයෙන් පරිගණකයේ අකුරු පෙන්වීම සදහායි.පරිගණකයට අප සදහන් කරන අකුරු හෝ ඉලක්කම් හදුනා ගෑනීමේ හෑකියාවක් නොමැත.මන්ද යත් එය ක්‍රියා කරනුයේ  ද්විමය සංඛ්‍යා වලට ප්‍රතිචාර දක්වමිනි.පරිගණකයට අවශ්‍ය ද්විමය සංඛ්‍යා ASCII ක්‍රමය මගින් සම්මත ආකරය හරවා දීමට කටයුතු කරනු ලැබේ. මෙහිදී ද්විමය සංඛ්‍යා යනු මොනවාදෑයි ගෑටළුවක් පෑන නගී.අප සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ 10 පාදයේ සංඛ්‍යා ය.ඒවා නම් 0,1,2,3,4,5,6,7,8,9 වේ.මෙහි Digits නැතිනමි සංඛ්‍යාංක 10 වේ.නමුත් පරිගණකයට හදුනා ගත හෑක්කේ 2 පාදයේ සංඛ්‍යා පමණි.එනම් 0,1 සංඛ්‍යා ය.මෙය පරිගණකයට ලබා දෙන්නේ සුළු වෝල්ටීයතා වෙන්ස් කිරීමක් මගිනි.එය පරිගනකයේ මව් පුවරුව විසින් හදුනා ගැනීමෙන් අනතුරුව පරිගණක  මෙහෙයුම් පද්ධතියට ලබා දේ.ඉන්පසු අවශ්‍ය ගණනය කිරීම් කරනු ලෑබේ.



මෙහිදී 10 පාදයේ සංඛ්‍යා 2 පාදයට පරිවර්ථනය කරන ආකාරය සදහන් කිරීම අවශ්‍ය නොවන බව මගේ හැගීමයි.කෙසේ නමුත් අප යම් අකුරක් හෝ ඉලක්කමක් හෝ යම් සංකේතයක් දර්ශනය කිර්‍රිමේදී පළමුවෙන්ම පරිගණකය එම ඔබන බොත්තමට අදාල ද්විමය අගය ලබා ගනී.ඉන්පසු ASCII ක්‍රමය භාවිතා කර අදාල අගය හදුනා ගනී.මෙය පැහැදිලි කිරීමට මෙම ක්‍රියාවේ විරුද්ධ පස සිට විස්තර කිරීම සුදුසු ය.උදාහරණයක් ලෙස ඔබ යතුරු පුවරුවේ A අකුර ඔබනු ලැබුවේ යැයි සිතන්න.එයට අදාල ASCII අගය වන්නේ 65යි.මෙම 65හි ද්විමය අගය වන්නේ 1000001 යි.අප යතුර එබුව සැනින් මෙම ද්විමය අගය පරිගණකය හදුනා ගෙන මෙහෙයුම් පද්ධතිය මගින් ASCII හරහා මෙය  A බව හදුනා ගනී.

ASCII යනු බිට් 8ක සම්මතයක් වේ.එහි සංකේත පෙන්වීම සදහා 0-127 ක අගයන් භාවිතා කරනු ලැබේ.නමුත් මෙම සංකේත 127 පෙන්වීම සදහා බිට 7 ප්‍රමාණවත් විය.මෙහිදී මූලිකව භාවිතා කරනු ලැබූ ඉංග්‍රීසි අකුරුත් මූලික සංකේත කිහිපයත් පෙන්වීම සදහා මෙම බිට 7 සම්මතය ප්‍රමාණවත් විය.එනම් ඒ සියල්ලම 127 කට වඩා අඩු විය.නමුත් තොරතුරු තාක්ශණය දියුනු වීමත් සමගම ලෝකය විශ්ව ගම්මානයක් වීමේ ක්‍රියාවලිය ඈරඹීමත් සමගම තවත් භාශා පරිගණකය සමග ගනු දෙනු කිරීම අරඹන ලදි.

නමුත් එම අකුරු පෙන්වීමට මෙම ඉලක්කම 127 ප්‍රමාණවත් නොවීය.එම නිසා ඉතිරි බිටයද රෑගෙන බිට 8 Extended ASCII සම්මතය හදුන්වා දුනි.අප සාමාන්යෙන් අකුරක් සදහා bite 1(bit 8)ක මතකයක් වෑය වන බව පවසන්නේ මෙ බෑවිනි.එහිදී අංක 0-255 දක්වා පෙන්විය හෑකි විය.නමුත් කාලයක් යන විට මෙයද ප්‍රමාණවත් නොවීමෙන් මීටත් වඩා විශාල ක්‍රමයක් අවශ්‍ය විය.ඒ සොයා ගෑනීම් වල ප්‍රතිඵලයක් ලෙස අපට සිංහල ද එක ලෙස භාවිතා කල හෑකි Unicode හදුන්වා දුනි.එය බිට 16 සම්මතයක් නිසා ආසන්න වශයෙන් සංකේත 64000 ක පමණ පෙන්විය හෑක.

ASCII වල 33 මුද්‍රණය නොවන සංකේත  ද 94ක් මුද්‍රණය වන සංකේත ද පවතී.පරිගණකයේ යතුරු වලට අදාල ASCII අගයන් පහත වගුවෙන් ලබා ගත හෑක.

මා විසින් සකස් කරන ලද මෘදුකාංගය මගින් ද ඒවා බලා ගත හෑක.
http://groups.google.com/group/aurorasolutions/web/ASCHI_READER.rar

1 comment: