Pages

Sunday, March 20, 2011

මගෙන් මෘදුකාංගයක්-A small software from me

මම හදපු මෘදුකාංගයේ කලින් දීපු යොමු වැඩ කරන්නැති බව කීප දෙනෙක් කිව්ව නිසා ආයෙත් උඩුගත කරලා යොමු ටිකක් දැම්මා.තරහා වෙන්න එප එකම දේ නැවත දැමීම ගැන.මේක දුරකථන අංක ගබඩා කර තබා ගත හැකි කුඩා මෘදුකාංගයක් ඊට අමතරව යාලුවන්ගේ උපන්දින මතක් කර දීමත් කරනවා.බාගෙන ගුණ දොස් කියන්නකෝ.

Saturday, March 19, 2011

මගෙන් මෘදුකාංගයක්-A small software from me

මෙන්න මම හදපු තවත් මෘදුකාංගයක් මේ ගැන විස්තර මම කියන්න යන්නේ නෑ.බාගෙනම බලන්නකෝ
Link 1
Link 2
Link 3
Link 4
එදිනෙදා ජීවිතයේදී තරමක් වත් වැඩක් වෙයි කියලයි හැදුවේ.තවත් දෙයක් කියන්න ඕනේ.මේක හදල තියෙන්නේ ජාවා වලින් නිසා මෙය ස්ථාපනය කරන්න කලින් ජාවා පරිගණකයට ස්ථාපනය කර ගෙන ඉන්න ඕනෙ.
Download Java JRE Link 1 ,
Link 2
 හැබැයි මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ බීටා සංස්කරණයක් කියලා හදුනවන්න පුලුවන්.මේක බාගෙන ගුණ දොස් කියන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.සමහර කොටස් තවමත් එක් කරලා නෑ.ඒ බව වැඩ කරද්දී ඔබට තේරෙයි.උදාහරණයක් ලෙස Validation වගේ දේවල්.

ඒ වගේම මෙහි සිදු විය යුතු වෙනස් කම් එහෙම තියෙනවා නම් ඒවා ඔක්කොම කියන්න.ඊලග සංස්කරණයේදී ඒවා නිවැරදි කරන්න පුලුවන් නෙ.මේකේ අතුරු මුහුණත එහෙම වෙනස් වෙන්න ඕනි නම් ඒ හැම දෙයක්ම කියන්න නිදහස තියෙනවා.අනික එහෙම කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මේ කුඩා මෘදුකාංගය හදන්න උදව් කරපු හැමදෙනාටත් එය ස්ථාපනය කර වැරදි සොයන ඔබටත් විශේෂයෙන් ශෙන්යාටත් තාරක ටත් ස්තුතිය පුද කරනවා.

Friday, March 4, 2011

වින්ඩොස් සදහා ජාවා පථ සකස් කිරීම(ස්ථිර ක්‍රමය) - Set Java Path for Windaws(permenent method)

       අද මම සූදානම් වෙන්නේ ජාවා පරිගණක භාෂවෙන් වැඩ කරන කොට කලයුතු දෙවන වැදගත් කටයුත්ත ගැන කියල දෙන්න.පලමු වැදගත් කටයුත්ත තමයි ජාවා tool kit (JDK tool kit) එක පරිගණකයට ස්ථාපනය කර ගැනිම.මෙන්න මේ ලිපිනයෙන් java tool kit 1 බාගත කර ගත හැකියි.ඉන් අනතුරුව මේ කියන කටයුත්ත කර ගැනීමෙන් අනතුරුව ඔබේ පරිගණකය ජාවා වලින් වැඩ කිරීමට හැකි තත්වයට පත් වෙනවා.මුලින්ම C drive එක තුල ඇති (ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය තිබෙන drive එකේ)ජාවා bin ගොනුවේ ලිපිනය ලබා ගත යුතුයි. ඔබේ මෙහෙයුම් පද්ධතිය windaws 7 නම් මෙහි දැක්වෙන ලිපිනය ලබා ගත හැකියි.C:\Program Files\Java\jdk1.6.0_23\bin
         දැන් පරිගණකයේ Mycomputer right click කර එන drop down list එකෙහි properties තෝරාගන්න. (Short cut key- Windaws + pause)