Pages

Sunday, May 17, 2015

Codeigniter සිංහලෙන් - පාඩම් අංක 1


පරිගණක භාෂා ගැන කථා කරද්දි PHP ගැන කථා නොකරම බැහැ මොකද ඒ තරම්ම PHP අප අතර ජනප්‍රිය පරිගණක භාෂාවක් වන නිසා. එසේ නමුත් PHP පමණක් යොදා ගෙන ක්‍රමලේඛණය කරන විට වාසි මෙන්ම අවාසිද තිබෙන්නට පුළුවන්. එම නිසා බොහෝ විට Framework එකක් යොදා ගෙන ක්‍රමලේඛණය කරන්නට බෝහෝ පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් පුරුදු වී සිටිනවා. වර්තමානයේ බොහෝ Frameworks ජනප්‍රිය වී තිබෙන නමුත්, Codeigniter යනු ආරම්භකයෙකුට ඉතාම පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස කා අතරත් ජනප්‍රිය වී තිබෙන framework එකක් ලෙස හැඳින්විය හැකිය. ඔබ PHP වලට ආධුනිකයෙක් නම් Codeigniter හැදෑරීමට පෙර PHP පිළිබඳ මූලික දැනුමක් ලබා සීටි නම් එය Codeigniter ඉගැනීමට ඉතා පහසු වේ

Saturday, October 11, 2014

නව පරපුරේ වෙබ් භාෂාව - WebGL

WebGL යනු පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ ස්වාධීනව ක්‍රියා කරන (ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරන ) වැඩසටහන් ක්‍රමලේඛ අතුරුමුහුණතකි. (Application Programming Interface-API).  එය නිර්මාණය කොට ඇත්තේ පරිගණක ග්‍රාෆික නිර්මාණ (Computer graphics) වෙබ් බ්‍රව්සරය ඔස්සේ ක්‍රියා කිරීම පහසු කිරීමටයි. WebGL සාමාන්‍ය පරිගණක ග්‍රාෆික නිර්මාණ මෙන් render කිරීමට වෙනත් plugins අවශ්‍ය නොවන අතර සෘජුවම (Graphics Processing Unit -GPU) සමඟ සම්බන්ධ වී render කිරිම කරයි. සාමාන්‍යෙන් Computer graphics ඉතා විශාල මතක හා ගණනය කිරීම් ශක්තියක් භාවිතා කරයි. ඔබ පරිගණක ක්‍රීඩා කරුවෙක් නම් නිතැතින්ම ඔබට බලවත් graphics කාඩ් සහ RAM කාඩ් අවශ්‍ය වනු ඇත. නමුත් WebGL හරහා මෙම පරිගණක ගණනය කිරීම් ශක්තිය අවම ලෙස භාවිතා කර උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දීම සිදු කරයි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති WebGL අනාගතයේදී සියළුම පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා යොදා ගනු නොඅනුමානය. එසේ වුවහොත් ඔබට ඔබේ පැරණි පරිගණකයෙන් අද පවතින නවතම පරිගණක ක්‍රීඩා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.

Saturday, March 22, 2014

මොකද්ද මේ GMO කියන්නේ? ඒවා ආහාරයට ගැනීම නුසුදුසු ද?


GMO (Genetically Modified Organism) ගැන කථා කරන්නට කලින් දැන ගත යුතු දේවල් කිහිපයක් තියෙනවා.
ඕනෑම ජීවියෙකුගේ (ශාක, සතුන් ක්සුද්‍ර ජීවින් උදා වයිරස්, බැක්ටීරියා) පවතින ලක්ෂණ ඔහුගේ මතු පරම්පරාවට සම්ප්‍රේශණය කිරීම සඳහා යම් ආවේණිගත වන ද්‍රව්‍යක් අවශ්‍ය කෙරේ. ඒවා DNA යනුවෙන් හැඳින්වේ.

Tuesday, February 18, 2014

Sensitive videos found in Youtube - Yotube තුල මා දුටු සංවේදී වීඩියෝවන්

Youtube වෙබ් අඩවිය තුල ජනප්‍රිය වූ මා හිත්ගත් සංවේදී සහ මඳක් සිතා බැලිය යුතු වීඩියෝවන් කිහිපයක් අද ඔබත් සමඟ බෙදා හදා ගන්නට සිතුවා. මෙම වීඩියෝවන් වල අයිතිය එම හිමිකරුවන් හට හිමිවිය යුතු වෙනවා.

Sunday, November 10, 2013

ස්වයංක්‍රීයව පරිගණකය ක්‍රියා විරහිත කරමු - Shutdown the Computer Automatically

ඔබ නිතරම පරිගණකය ආශිතව කටයුතු කරන්නෙක්ද? එසේ නම් නිතැතින්ම මේ ගැටළුව ඔබටත් ඇති වී ඇති. යම් දීර්ඝ කාලයක් ගත වන කටයුත්තක් සිදු කරමින් සිදු කරමින් සිටින විට හදිසියේම ඔබට ඉවතට යෑමට සිදු වේ. එහෙත් පරිගණකය ක්‍රියා විරහිත (shut down) කිරීමට ද නොහැකිය. එසේ නම් යම් කාලයක් තබා උදාහරණයක් ලෙස මඟින් පරිගණකය shut down කිරීමට තිබේ නම් අගනේ යැයි විටෙක ඔබට සිතෙන්නට හැකිය.

Tuesday, September 24, 2013

මොකද්ද මේ Leap Motion?

ඔබ පරිගණකය සමඟ නිතර ගණු දෙණු කරන්නෙක්ද? මවුසය හා කී බෝඩය මේ වන විට ඔබට එපා වී තිබෙනවාද? එසේ නම් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි උපාංගයක් ගැනයි. මේ උපාංගය සමඟ එන පරිගණකයක් ද සමාගම පසුගිය දා හඳුන්වා දුන්නා. එම වීඩියෝව පහලින් ඔබට නරඹන්න පුළුවන්. මෙම තාක්ෂණය හඳුන්වන්නේ Leap Motion ලෙසයි. ඇමෙරිකාවේ Motion Control සමාගම විසින් හඳුන්වා දී ඇති මේ නව තාක්ෂණය සමඟින් ඔබට මවුසයක් භාවිතයෙන් තොරව පරිගණකය හා ගණු දෙනු කල හැකි. මෙම තාක්ෂණයට ඔබගේ අතෙහි චලන ඉතා නිවැරදිවා හඳුනා ගත හැකි අතර එමඟින් හිස් අවකාශය තුල ඔබ දක්වන ත්‍රිමාන චලන මඟින් පරිගණකයට විධාන ලබා දීම කල හැකි. මෙම උපාංගය Kinect උපාංගයකට වඩා වෙනස් වේ. මඟින් මුළු සිරුරේම චලන ලබා ගැනීමට හැකි අතර මෙමඟින් අතෙහි චලන පමණක් හඳුනා ගනී.