Pages

Friday, August 6, 2010

උණුසුම් සුභ පෑතුම්-Wish you all the best

2010 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලුම සහෝදර සහෝදරියන්ට මම මගේ උණුසුම් සුභ පෑතුම් මෙසේ එක් කර සිටිමි.
එමෙන්ම එම තරග විභාගය උසස් අන්දමින් සමත් වීමට අවශ්‍යය ශක්තිය හා ‍ෛධර්යය ලෑබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.
specially sanj, sandharuwan, manusha, dulani, namal, kasun, prasadini, wish you all the best guys.

Wednesday, August 4, 2010

ඓතිහාසික උතුරුපව්ව රජ මහා විහාරය(වෘතපා විහාරය)-Uthurupaw Raja maha Viharaya

අප හැදී වෑඩුනේ බෞද්ධ පරිසරයක නිසා පන්සල අපිට ඉතාම සමීප ය.කෙසේ වෙතත් ගමේ පන්සල  අපිට ඉතාම සමීප සම්බන්ධතාවක් දක්වන ස්ථානයකි.මේ නිසා අද ලිපිය අපේ ගමේ පන්සල ගැන ලියන්නට මට සිතුණි.
ඔබ අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල, ත්‍රිකුණාමලය වන්දනාවේ යන මාර්ගයේ පිහිටා තිබෙන බැවින් එහි යන ඔබට මෙම විහාරය ද වැඳ පුදා ගෙන යා හැකි නම් එය ඉතාම භාග්‍යයක් කොට සලකමි.මෙය ජීවිතයේ එක් වරක් හෝ වැඳ පුදා ගත යුතු ස්ථානයක් ලෙස හැදින්විය හැක.
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මහා මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට පැමිණෙන විට කිලෝ මීටර් 24 පමණ ගිය විට කුඩා නගරයක් වන ගොකරෑල්ල හමුවෙයි. එතැන් සිට මඳ දුරක් ගොකරෑල්ල පොලීසිය පසු කොට ගිය විට වම් පසින් කඳුලව පාර දක්නට ලෑබෙයි