Pages

Sunday, May 17, 2015

Codeigniter සිංහලෙන් - පාඩම් අංක 1


පරිගණක භාෂා ගැන කථා කරද්දි PHP ගැන කථා නොකරම බැහැ මොකද ඒ තරම්ම PHP අප අතර ජනප්‍රිය පරිගණක භාෂාවක් වන නිසා. එසේ නමුත් PHP පමණක් යොදා ගෙන ක්‍රමලේඛණය කරන විට වාසි මෙන්ම අවාසිද තිබෙන්නට පුළුවන්. එම නිසා බොහෝ විට Framework එකක් යොදා ගෙන ක්‍රමලේඛණය කරන්නට බෝහෝ පරිගණක ක්‍රමලේඛ ශිල්පීන් පුරුදු වී සිටිනවා. වර්තමානයේ බොහෝ Frameworks ජනප්‍රිය වී තිබෙන නමුත්, Codeigniter යනු ආරම්භකයෙකුට ඉතාම පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස කා අතරත් ජනප්‍රිය වී තිබෙන framework එකක් ලෙස හැඳින්විය හැකිය. ඔබ PHP වලට ආධුනිකයෙක් නම් Codeigniter හැදෑරීමට පෙර PHP පිළිබඳ මූලික දැනුමක් ලබා සීටි නම් එය Codeigniter ඉගැනීමට ඉතා පහසු වේ


පහසුවෙන් ගතික වෙබ් වැඩසටහන් (Dynamic web applications) නිර්මාණය කිරීමට හැකි වීම framework එකක ප්‍රධානතම වාසියක් ලෙස සැලකිය හැක. Codeigniter සැලකූ විට ඒ සඳහා ක්‍රියාකාරී  Forums තිබීම, නිතර යාවත්කාලීන වීම, හොඳ ප්‍රලේඛනයක් (Documentation) තිබීම, ඉගෙන ගැනීමට පහසු වීම, සකස් කරන ලද අතුරු වැඩ සටහන් බොහොමයක් තිබීම (Additional libraries and developed modules) වැනි වාසි තිබෙනබා. නමුත් ක්‍රමලේඛණය කිරීමේදී එක් වැඩසටහනකට අදාල කේත එක් තැනක නොතිබීම, අනවශ්‍ය ලෙස ගොනු නිර්මාණය කිරීමට සිදු වීම. කියවා තේරුම් ගැනීමේ හැකියාව අඩු වීම වැනි අවාසි ද නැතුවා නොවේ. කෙසේ නමුත් මේ ලිපි පෙළින් මම බලාපොරොත්තු වෙනවා Codeigniter ගැන තරමක දැනුමක් ඔබ වෙත ලබා දෙන්නට.

Codeigniter ගැන හඳුන්වා දීමක් කරන්නට පෙර පළමු වැඩසටහන සාදා නිම කිරීමෙන් පාඩම ආරම්භ කිරීම වඩා සාර්ථක යැයි හැඟුන හෙයින් අද පාඩමෙන් සරල වැඩසටහනක් සාදා ගන්නා ආකාරය බලමු. ඉන්පසුව මේ පිලිබඳ හඳුන්වා දීමක් අවශ්‍ය වුවහොත් කරන්නට මම සූදානම්. 

මුලින්ම ඔබගේ පරිගණකයේ WAMP හෝ XAMPP ස්ථාපිත කරගත යුතුය. මක්නිසාද යත් PHP යනු server side scripting language එකක් නිසා එය ක්‍රියාත්මක වන්නට server එකක් ඔබගේ පරිගණකයේ තිබිය යුතු වෙනවා. අප මෙහිදී database සඳහා යොදා ගනු ලබන්නේ mysql නිසා WAMP හෝ XAMPP ස්ථාපිත කිරීමෙන් ඒ සියල්ල එක වර පරිගණකයේ ස්ථාපිත කර ගැනීමට අවස්ථාව සලසා ගත හැක.

Installation 

1. ඉන්පසුව  www.codeigniter.com/ වෙබ් අඩවියෙන් Codeigniter බාගත කරගෙන zip file එක unzip කර ගන්න.
2. unzip කරගත් පසු ප්‍රධාන ගොනුව ඔබගේ server එකට upload කර ගන්න.  
3. WAMP භාවිතා කරන්නේ නම්  C:\wamp\www හි නව ගොනුවක් (මම CI ලෙස සාදා ගන්නවා) සාදා ඉහත කී files upload කර ගන්න.
4. http://localhost/ci/  ලෙස වෙබ් බ්‍රව්සරයේ සටහන් කර එම යොමුව වෙත යාමෙන් ඔබට ඔබගේ පළමු Coideigniter වැඩසටහන වෙත යා හැකියි.



මෙහිදී default_controller ලෙස Welcome.php දක්වා ඇති අතර එමඟින් welcome_message.php යන view file එක call කර ඇත. මෙම ගැන මීළඟ පාඩමෙන් වැඩි විස්තර ඉගෙන ගත හැකි වේ. දැනත ක්‍රියාකරන ආකාරය ඉගෙනීම සඳහා එක් වැඩසටහනක් සාදා ගැනීම වැදගත් වේ.

අපට default_controller වෙනස් කර ගැනීමට අවශ්‍ය නිසා  C:\wamp\www\CI\application\config හි ඇති routes.php යන ගොනුව විවෘත කරගෙන default_controller හි 'welcome' යන්න වෙනුවට අපට අවශ්‍ය නමක් ලබා දිය හැක. එය 'Home_controller' ලෙස වෙනස් කරගනිමු.

ඉන්පසුව C:\wamp\www\CI\application\controllers වෙත ගොස් එහි Home_controller.php යන නමින් නව php ගොනුවක් සාදා ගත යුතු වේ. එහි පහත කේතය සටහන් කර ගත යුතු වේ.
 <?php  
 defined('BASEPATH') OR exit('No direct script access allowed');  
 class Home_controller extends CI_Controller {  
      public function index()  
      {  
           $this->load->view('Home');  
      }  
 }  

ඉන්පසුව  C:\wamp\www\CI\application\views වෙත ගොස් එහි Home.php යන නමින් නව php ගොනුවක් සාදා ගත යුතු වේ. එහි පහත කේතය සටහන් කර ගත යුතු වේ. මෙම ගොනුව පරිශීලකයාට පෙනෙන ගොනුව බැවින් අලංකාර ලෙස සාද ගත යුතු වේ. එහි අප කැමති ආකාරයට විවිධ දේ පෙන්විය හැක.උදාහරණයක් ලෙස පහත පරිදි ලෙස බ්‍රව්සරයේ මුද්‍රණය කරගත හැක.

 <?php  
 defined('BASEPATH') OR exit('No direct script access allowed');  
 ?><!DOCTYPE html>  
 <html lang="en">  
 <head>  
      <meta charset="utf-8">  
      <title>Welcome to CodeIgniter</title>  
 </head>  
 <body>  
 <div id="container">  
      <h1>Welcome to CodeIgniter! My Name is Pubudu Nawarathna</h1>  
      </div>  
 </body>  
 </html>  

අවසාන ප්‍රතිඵලය පහත පරිදි ලැබේ. අපගේ ඊලඟ පාඩමෙන් අද කල කී දෑ ගැන වඩාත් විස්තරාත්මකව විමසා බලමු. එතෙක් සුභ දවසක් !!!!!

No comments:

Post a Comment