Pages

Wednesday, August 4, 2010

ඓතිහාසික උතුරුපව්ව රජ මහා විහාරය(වෘතපා විහාරය)-Uthurupaw Raja maha Viharaya

අප හැදී වෑඩුනේ බෞද්ධ පරිසරයක නිසා පන්සල අපිට ඉතාම සමීප ය.කෙසේ වෙතත් ගමේ පන්සල  අපිට ඉතාම සමීප සම්බන්ධතාවක් දක්වන ස්ථානයකි.මේ නිසා අද ලිපිය අපේ ගමේ පන්සල ගැන ලියන්නට මට සිතුණි.
ඔබ අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල, ත්‍රිකුණාමලය වන්දනාවේ යන මාර්ගයේ පිහිටා තිබෙන බැවින් එහි යන ඔබට මෙම විහාරය ද වැඳ පුදා ගෙන යා හැකි නම් එය ඉතාම භාග්‍යයක් කොට සලකමි.මෙය ජීවිතයේ එක් වරක් හෝ වැඳ පුදා ගත යුතු ස්ථානයක් ලෙස හැදින්විය හැක.
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මහා මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට පැමිණෙන විට කිලෝ මීටර් 24 පමණ ගිය විට කුඩා නගරයක් වන ගොකරෑල්ල හමුවෙයි. එතැන් සිට මඳ දුරක් ගොකරෑල්ල පොලීසිය පසු කොට ගිය විට වම් පසින් කඳුලව පාර දක්නට ලෑබෙයි

කුරුණෑගල සිට දඹුල්ල දෙසට යන විට ගොකරෑල්ල් පොලීසිය පසු කර විට හමු වන මෙම පාරෙන් වමට හැරවිය යුතුය.

එහි මීටර් 500 පමණ ගිය විට ආකර්ෂණීය වට පිටාවකින් සමන්විත  උස ගල් පර්වතයක් මුදුනේ පිහිටා ඇති උතුරුපව්ව රජ මහා විහාරයේ විහාර මාවත හමුවෙයි.
මෙතෑනින් දකුණට හරවා මද දුරක් යා යුතුය.
පෙර රජ කාලයේදී ගොඩ නැගූ මෙම විහාරයේ ඉතිහාසය ක්‍රි:පූ 236 දක්වා දිවෙයි.එම ඉතිහාසය පිළිබඳ තොරතුරු පසුව බිමසා බලමු. දඹුල්ල සිට පැමිණෙන විට කිලෝ මීටර් 38 පමණ ගිය විට ගොකරෑල්ල හමුවෙයි.

ප්‍රධාන මාර්ගයේ සිට මදක් ගිය විට ඈතින් පෙනෙන විහාරය.

නැරඹීමට ද වැඳ පුදා ගැනීමට ද ස්ථාන බොහොමයක් ඇති මෙම විහාරය වැද පුදා ගනීමට මම මෙයින් ඔබට ආරාධනා කරමි. දිශා කිහිපයකින් ම කදු පර්වත වලින් විහාරය පිහිටි පර්වතය වට වී ඇත.දැන් ප්‍රතිසංස්කරණය කර හොද තත්වයකට විහාර භූමිය ගෙනැවිත් තිබේ.

මහ මළුව


බුද්ධ ප්‍රතිමා වහන්සේ

‍ෛචත්‍ය රාජයා
බෝධීන් වහන්සේ


 කටාරම් කොටා ඈති පෙර කල භාවනාව සදහා යොදා ගත් ලෙන් කිහිපයක් ද මෙහි වේ.විහාර භූමිය උස් ස්ථානයක පිහිටා තිබීම නිසා අවට වට පිටාව හොදින් නෑරඹිය හැක.මේ ස්ථානයට නක්ල්ස් කදු වැටිය ද දර්ශනය වේ. 


ඈතින් පෙනෙන නකල්ස් කදු

විහාර භූමියේ කොනක පර්වතය මුදුනේ මදක් විශාල පොකුනක් වේ.එය මයුරවතී දේවිය ස්නානය සදහා යොදා ගත් බවද සදහන් ය.මෙහි ඈති සුවිශේෂීත්වය නම් කිසිම කලක මෙහි ජලය සිදී නොයෑමයි.කිහිප වරක්ම එය ඉහ පිරිසිදු කිරීමට උත්සාහ දරා ඈතත් ඒ සියලු ප්‍රයත්න අසාර්ථක වී තිබේ. 

සිදී නොයන පොකුණ


එමෙන් ම පර්වතය මුදුනේ පානය කිරීමට සුදුසු ජලය පිරි අඩි 30 පමණ ගෑඹුරු ලිදක් ද වේ.මෙහි උල්පතක් තිබෙන අතර එයද සිදී නොයන බව පෑවසේ.

 ඉතා ඈත ඉතිහාසයකට හිමිකම් කියන මෙම විහාරයේ එම ඉතිහාස කථාව දැන් දැන ගනිමු.එම තොරතුරු ලබා දුන් හිරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ගෞරවනීය මානපහ ආනන්ද ස්වාමීන් වහන්සේට මාගේ ස්තුති පූර්වක නමස්කාරය පුද කර සිටිමි.

ඉතිහාස කථාව
බු:ව 236 දී දෙවන පෑතිස් රාජ්‍ය සමයේ ලක්දිවට විජය  ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවා ගෙන එනු ලෑබුවේ සගමිත් ථෙරනින් වහන්සේ විසිනි.මෙහිදී සගමිත් ථෙරනින් වහන්සේ ගේ මාමා වරුන් අට දෙනෙකු වූ මහා බෝධිගුප්ත, සූරියකාන්ත චන්ද්‍රගුප්ත,දේවගුප්ත ධම්මගුප්ත, සුමිත්ත, ජුනින්දර ගෝතම යන පිරිස සගමිත් ථෙරනියගේ සහ බෝධියේ  ආරක්ෂාවට පෑමිණ ඇත.
මෙසේ පෑමිණි කුමාර වරුන්ගේ ප්‍රධානියා වූ මහාබෝධිගුප්ත කුමරුට දෙවන පෑතිස් රජතුමා විසින් බෝධිය ආශ්‍රිත විවිධ විවිධ තනතුරු වල ප්‍රධානත්වයට ලබා දී ඈති අතර ස්වල්ප කාලයක් තුලදීම කුමරුට මයුරවතී දේවියද සරණ පාවා දී ඈත.
පසුව මහාබෝධිගුප්ත කුමරු මයුරවතී දේවිය සමග රටේ සිරි නරඹමින් වයඹ දිග, පිගිටි රට, කටුමැටියාවට (වර්ථමාන කටුමැටියාවට) පෑමිණ මෙම ප්‍රදේශය පාලනය  කල වයෝවෘධ සූරියදාස බ්‍රාහ්මණ රාල හමුවී අපට සිතිරව වාසය කිරීමට සුදුසු ස්ථානයක් දෙන මෙන් ඉල්ලා සිටියහ.අනතුරුව සූරියදාස(ප්‍රාදේශීය) බ්‍රාහ්මණ විසින් මෙම දෙදෙනාට සිතිර වාස භූමිය ලෙස දෙවියන්ට සෝමකරණ කැනිබිමේ(වර්තමාන විහාරය පිහිටි පර්වතය) රජ මාලිගය සාදවගෙන ප්‍රදේශය ද පාලනය කරමින් ප්‍රාදෙශීය පාලකයෙකු ලෙස කටයුතු සිදු කර ඇති බව විහාර සන්නසෙහි සදහන් ය.මෙසේ ප්‍රදේශය පාලනය කිර්‍රිමේදී ඒ සදහා සහය දුන් මුලසුමන, දේව, සුභ යන නිළධාරීන් තිදෙනාට පර්වතය පාමුල ඈති අඩි 120ක් දිගින් යුක්ත කළුගල් ලෙනෙහි කාමර 3 පිළියෙල කර දී ඈති බව සෙල්ලිපියෙහි සදහන්ය.

සෙල් ලිපිය


පසු කාලීනව මෙම ගල්ලෙන තුල දහ අටරියන් සෑතපෙන බුද්ධ ප්‍රතිමාවද සමාධි ප්‍රතිමා සහ සතර දේවාලය ද සාදවා මහා සංඝ රත්නයට පූජා කර ඈති අතර බෝධි ගුප්ත කුමරු විසින් උතුරුපව්ව විහාරය ද, අරම විහාරය ද මයුරවතී දේවිය විසින් කදුලව මෑදිරිය විහාරය ද කරවා ඈත.

මීට ටික කලකට පෙර එම ලෙන් විහාරය පෑවති ආකාරය.



වර්ථමානයේ පුරාවිද්‍යාඥ දෙපාර්තමේන්තිවේ ද සහය ඈතිව නෑවත ප්‍රතිසංස්කරණය කල පෑරණි විහාරය



මින් අනතුරුව බු:ව: 296 වර්ෂයේ දී  රාජ්‍යත්වයට පෑමිණි සූරතිස්ස රජතුමා විසින් පෑරණි විහාරාරාම විනාශයට පත්වීමට ඉඩ නොදී ප්‍රථිසංස්කරණය කරවා ඈති බවත් ඈත්කද විහාරය, ගොන්නනගිරි විහාරය, අරිට්ටපාද විහාරය, පූර්ව ගිරි විහාරය, කොලොන්කාර විහාරය,වං ගුත්තරවිහාරය කරවා ඈති බවත් සන්නසෙගින් සදහන් ය. උතුරු පව්ව රජ මහා විහාරයේ පර්වතය මුදුනේ සොලොස් රියන් උස චෛත්‍ය ද ඊට අමතරව අද දින දක්නට නොලෑබුනත් විහාරයට නුදුරු තෑන උතුරු දෙසින් දෙමහල් ගෙයක් ද ඊට ගල් ටෑන් සොළොසක් ද සාදා ප්‍රාකාර ගෝපුර , මණ්ඩප, බෝධි,සන්ඝවාස,පුෂ්පාරාම, පලාරාම සකසා විහාරයට උතුරු දෙසින් පර්වතය ඈති දෙසින් ඒ මත ‍ෛචත්‍ය හා විහාරාරාම ඈති නිසා වෘතපා විහාරය යන නම ලෑබී ඈත.
මේ ආකාරයෙන් පුෂ්ප දේව මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය ධම්මාරාම හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරට අයිති වන ලෙස මහා මායිම් වළල්ලෙන් ඈතුලත විහාර 32 ක් කරවා පූජා කර ඈති බව සන්නසෙහි සදහන්ය.
ඉන් අනතුරුව බු:ව: 2302 ක් වූ ද රාජ්‍ය වර්ෂ 1758 වර්ෂයේදී රාජ්‍යයට පෑමිණි කීර්ති ස්‍රී රාජසිංහ මහ රජතුමා විසින් පෙර රජ දවස ඕලන්දකාර විජාතිකයින් ඒ ඒ තෑන විනාශ කල වෙහෙර විහාර නෑවත ප්‍රථිසංස්කරණය කරවා ගම් බිම් ඈති කොට භික්ෂූන් වහන්සේලාට ප්‍රථ්‍ය පහසුකම් සලසා පූජා කර ඈති බව කීර්ති ස්‍රී රාජසිංහ රජතුමා පූජා කර ඈති තුඩපතෙහි සදහන් වේ.(තුඩ පත යනු ඔප්පුවක් වනි අයිතිය ලබා දෙන ලියවිල්ලකි.)මේ තුඩ පතෙහි නියම රන් පිටපත බ්‍රිතාන්යන් විසින් බලෙන් හිමි කර ගෙන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තෑන්පත් කොට තිබෙන අතර එහි පිටපතක් රාජ්‍ය ලේඛණාරක්ෂණ දෙපාර්තමේන්තුවේ තෑන්පත් කොට තිබේ.


එමෙන්ම මෙම විහාරයේ ජරාවාස හරවා නව විහාර කර්මාන්ත කරවා හයගිරි විහාරාධිපතිව වෑඩ විසූ පොතුහෑර රත්නපාල මහා නාහිමිපාණන් වහන්සේ ට බු:ව: 2302ක් වූ ද රාජ්‍ය  වර්ෂ 1856 ක් වූ වෙසක් මස පුර පසොළොස්වක දා කීර්ති ස්‍රී රාජසින්හ මහරජෝත්තමයාණන්වහන්සේ විසින් මෙම උතුම් තුඩපත ලේඛණයකරවා පූජා කර ඈත.
එදා සිට අද දක්වා පොතුහෑර සඝ පරම්පරාවේ භික්ෂූන් වහන්සේලා මෙම විහාරයේ ආධිපත්‍ය දරා වෑඩ සිටිය අතර වර්ථමානයේ මෙම විහාරයේ භාරකාර ධූරය දරමින් විහාරාරාමය නව මගකට සකස් කරමින් මහත් ආලෝකයක් ඈති කරනුයේ හිරියාල හත්පත්තුවේ ප්‍රධාන සංඝ නායක මානපහ ආනන්ද නාහිමි පානන් වහසේ විසිනි.

මානපහ ආනන්ද හිමිපාණෝ



අද දවසේ දී මෙම උතුරුපව්ව රජ මහා විහාරස්ථානයේ දායකත්වය දරමින් කටයුතු කරනු ලබනුයේ ඉහල ගොකරෑල්ල , පහල ගොකරෑල්ල ,මී වෑව,කටුමෑටියාව,වරාලන්ද ,වලව්වත්ත,ආධී ගම්මාන වල දායක පිවතුන් ය.
මේ වන විට පර්වතය මුදුනේ සිට ප්‍රථම ශ්‍රාවක පිරිස නිරූපණය කරමින් පළමු රහතන් වහන්සේලා 60 නම ධර්ම ප්‍රචාරණයේ නිරත වීම සිහිපත් කර ප්‍රථිමා වහන්සේලා 60 නමක් වැඩම කිරීම සිදු කරමින් පවතී.

ප්‍රථිමා වහන්සේලා ඉදිකිර්‍රිමට පෙර





තවමත් වෑඩ කටයුතු සිදු කරමින් පවතින ප්‍රථිමා වහන්සේලා සහ අලුතින් ඉදි කල ධර්ම පුස්ථකාලය සහිත සංඝාවාසය

1937 ජූලි 25 වෑනි ඉරිදා උතුරු පව්ව විහාරය ගෑන සිළුමිණ පත්‍රයේ  පළවූ ලිපියක්

පහත දුරකථනය අමතා තොරතුරු දෑන ගත හෑකිය 0372250977





14 comments:

  1. Good post

    Wickramasinghe
    http://inetquotations.blogspot.com/

    ReplyDelete
  2. Good post ayya.I'm very proud about living Gokerella when I read this

    ReplyDelete
  3. "Well Done" for a great piece of work. Efforts like this that help to preserve our heritage and pass it on to the next generation should be highly appreciated.

    ReplyDelete
  4. thanks dewmini,We have to protect our heritage and we all try to get our place in the world.And this is a small effort for that.

    ReplyDelete
  5. Shall I post a link to this article on my blog (dgamlath.blogspot.com) with some of your opening text?

    ReplyDelete
  6. වටින ලිපියක් සහෝ. ගිහින් බලන්න වටින තැනක් වගේ

    ReplyDelete
  7. මට මග හැරුනු තැනක්..දැනගත්ත එක ලොකුදෙයක්.....ස්තුතියි...

    ReplyDelete