Pages

Friday, September 10, 2010

මොනවද මේ ASCII කියන්නේ?-What is an ASCII

ASCII යනුවෙන් හෑදින්වෙන්නේ American Standard Code for Information Interchange යන්නයි.එය උච්චාරණය කරන්නේ ඇස්කී යනුවෙනි.එය සංකේත කේථාංකනය කිරීමේ සම්මත ක්‍රමයක් ලෙස සරලව හෑදින්විය හෑකිය.සංකේථයක් පරිගණකයක හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණයක දර්ශණය කරන සම්මත ආකාර කිහිපය අතරින් මුල්ම හා කුඩාම ක්‍රමය ලෙස මෙය හැදින්විය හැකිය.ඇමෙරිකානු සම්මතයක් වන මෙය අද වන විටත් බොහෝ උපාංග වල භාවිතා වේ.වර්ථමානයේ UTF-8 හා Unicode  වැනි සම්මතයන් ද භාවිතා කල හැකි තරමට මේ උපාංග දියුණු වී ඈත.ඒවා ASCII වලට වඩා වැඩි සංකේත ගණනකට ප්‍රථිචාර දෑක්විය හෑකි වන ලෙස නිමවා ඈත.US-ASCI Internet Assigned Numbers Authority (IANA) මගින්     ASCII සදහා සංකේත අනුපිළිවෙල ඉදිරිපත් කරනු ලබයි.මේ ක්‍රමය මුලින්ම වාණිජ වශහ්යෙන් යොදා ගත්තේ දුරස්ථ මුද්‍රක යන්ත්‍ර සදහායි.1960 ඔක්තෝබර් 6 වෑනිදා මේ ක්‍රමය සම්ම්ත වශයෙන් භාවිතා වීම ඈරඹිණි.


ASCII භාවිතා වන්නේ ප්‍රධාන වශයෙන් පරිගණකයේ අකුරු පෙන්වීම සදහායි.පරිගණකයට අප සදහන් කරන අකුරු හෝ ඉලක්කම් හදුනා ගෑනීමේ හෑකියාවක් නොමැත.මන්ද යත් එය ක්‍රියා කරනුයේ  ද්විමය සංඛ්‍යා වලට ප්‍රතිචාර දක්වමිනි.පරිගණකයට අවශ්‍ය ද්විමය සංඛ්‍යා ASCII ක්‍රමය මගින් සම්මත ආකරය හරවා දීමට කටයුතු කරනු ලැබේ. මෙහිදී ද්විමය සංඛ්‍යා යනු මොනවාදෑයි ගෑටළුවක් පෑන නගී.අප සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ 10 පාදයේ සංඛ්‍යා ය.ඒවා නම් 0,1,2,3,4,5,6,7,8,9 වේ.මෙහි Digits නැතිනමි සංඛ්‍යාංක 10 වේ.නමුත් පරිගණකයට හදුනා ගත හෑක්කේ 2 පාදයේ සංඛ්‍යා පමණි.එනම් 0,1 සංඛ්‍යා ය.මෙය පරිගණකයට ලබා දෙන්නේ සුළු වෝල්ටීයතා වෙන්ස් කිරීමක් මගිනි.එය පරිගනකයේ මව් පුවරුව විසින් හදුනා ගැනීමෙන් අනතුරුව පරිගණක  මෙහෙයුම් පද්ධතියට ලබා දේ.ඉන්පසු අවශ්‍ය ගණනය කිරීම් කරනු ලෑබේ.