Pages

Saturday, October 11, 2014

නව පරපුරේ වෙබ් භාෂාව - WebGL

WebGL යනු පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ ස්වාධීනව ක්‍රියා කරන (ඕනෑම මෙහෙයුම් පද්ධතියක ක්‍රියා කරන ) වැඩසටහන් ක්‍රමලේඛ අතුරුමුහුණතකි. (Application Programming Interface-API).  එය නිර්මාණය කොට ඇත්තේ පරිගණක ග්‍රාෆික නිර්මාණ (Computer graphics) වෙබ් බ්‍රව්සරය ඔස්සේ ක්‍රියා කිරීම පහසු කිරීමටයි. WebGL සාමාන්‍ය පරිගණක ග්‍රාෆික නිර්මාණ මෙන් render කිරීමට වෙනත් plugins අවශ්‍ය නොවන අතර සෘජුවම (Graphics Processing Unit -GPU) සමඟ සම්බන්ධ වී render කිරිම කරයි. සාමාන්‍යෙන් Computer graphics ඉතා විශාල මතක හා ගණනය කිරීම් ශක්තියක් භාවිතා කරයි. ඔබ පරිගණක ක්‍රීඩා කරුවෙක් නම් නිතැතින්ම ඔබට බලවත් graphics කාඩ් සහ RAM කාඩ් අවශ්‍ය වනු ඇත. නමුත් WebGL හරහා මෙම පරිගණක ගණනය කිරීම් ශක්තිය අවම ලෙස භාවිතා කර උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දීම සිදු කරයි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති WebGL අනාගතයේදී සියළුම පරිගණක ක්‍රීඩා නිර්මාණය සඳහා යොදා ගනු නොඅනුමානය. එසේ වුවහොත් ඔබට ඔබේ පැරණි පරිගණකයෙන් අද පවතින නවතම පරිගණක ක්‍රීඩා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇත.