Pages

Saturday, March 22, 2014

මොකද්ද මේ GMO කියන්නේ? ඒවා ආහාරයට ගැනීම නුසුදුසු ද?


GMO (Genetically Modified Organism) ගැන කථා කරන්නට කලින් දැන ගත යුතු දේවල් කිහිපයක් තියෙනවා.
ඕනෑම ජීවියෙකුගේ (ශාක, සතුන් ක්සුද්‍ර ජීවින් උදා වයිරස්, බැක්ටීරියා) පවතින ලක්ෂණ ඔහුගේ මතු පරම්පරාවට සම්ප්‍රේශණය කිරීම සඳහා යම් ආවේණිගත වන ද්‍රව්‍යක් අවශ්‍ය කෙරේ. ඒවා DNA යනුවෙන් හැඳින්වේ.


මේවායේ තොරතුරු ගබඩා කරන්නේ නයිට්‍රජනීය භෂ්ම 4 උපයෝගී කරගෙනය. එක් සෛලයක මේවා විශාල ප්‍රමාණවලින් තිබේ. උදාහරණයක් ලෙස මිනිසාගේ එක් සෛලයක DNA ප්‍රමාණය නයිට්‍රජනීය භෂ්ම බිලියන 3ක් පමණ වන තෙක් දිගුය. ඒවා ඇත්තේ ක්‍රෝමොසෝම යන්වෙන් හැඳින්වෙන DNA අණු එකතු වී සෑදුණු ව්‍යහ යුගල් 23 තුලය. එක් සෛලයක න්‍යෂ්ඨියක තිබෙන සියළුම DNA ප්‍රාමාණය Genome ලෙස හඳුන්වයි. 2001දී මිනිසාගේ ජීනෝමය සොයාගෙන අවසන් වූ අතර ඒ පිළිබඳ වැඩි විස්තර මෙම ලින්ක් එකෙන් ලබා ගත හැක.

මීට කලකට ඉහතදී ජීවීයෙකුගේ ලක්ෂණ පාලනය කරන්නට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ DNA තුල පවතින යම් කුඩා Sequence එකක් වන ජානය නැමැති ඒකකය බවත් ඉතිරි DNA, junk DNA හෙවත් කාර්යක් නොකරන තොරතුරු වශයෙන් නොසලකා හරින්නට වූවත් වර්ථමානයේ සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ සියලු තොරතුරු ජීවියාගේ පැවැත්මට අවශ්‍ය බවත් ඒවා තවදුරටත් නොසලකා හැරිය නොහැකි බවත් හඳුනා ගන්නා ලදි.

ජාන මඟින් ප්‍රධාන වශයෙන් කරන්නේ කිසියම් නිශ්චිත ප්‍රෝටීනයක් නිපදවීමයි. මෙය සරල ප්‍රෝටීනයක් නිපදවීම කිව්වත් එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර පොත් ගණන් ලිවිය හැකි මාතෘකාවකි. ඇත්තෙන්ම මේ ක්‍රියාවලියේ සමහර තැන් තවමත් හඳුනා ගෙන නොමැත. ප්‍රෝටීන මඟින් ජීවියාගේ සියළුම ජීව ක්‍රියා පාලනය කරන බව කිව හැක. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන්නේ ජාන කිහිපයක සංකීර්ණ ක්‍රියාවලිය හේතුවෙන් බව පැවසුවොත් ඔබ පුදුම වනු ඇත. ඒ වගේම විකෘතියක් යනු මේ DNA අණු කිහිපයක හෝ විශාල ප්‍රමාණයක ඇති නයිට්‍රජනීය භෂ්ම වල කිසියම් වෙනස් වීමක් නිසා මාතෘ ජීවියාගේ තොරතුරු වලට වඩා යම් වෙනස් කමක් තොරතුරු වල ඇති වීමයි.

Independance assortment නැමැති ක්‍රියාවලියේදී හා තවත් ජෛව ක්‍රියාවලි රැසක ප්‍රතිපලයක් ලෙස පීතෲ ලක්ෂණ හා මාතෲ ලක්ෂණ වලින් යුතු ඒ දෙදෙනාටම වෙනස් ගති ලක්ෂණද ඇති ජීවින්ද බිහි වීම සිදු වේ.

බැක්ටීරියා මෙලෙස ලිංගික ප්‍රජනනයට සහය නොදැක්වූවත් තම තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් පරිසරය හා උරෙන් උරැ ගැටීමට අවශ්‍ය ලක්ෂණ සහිත ජීවීන් බිහි කරනු ලබයි. මේ ක්‍රියාවලියට සියළුම ජීවින්ගේ විකෘති හට ගැනීම ඉතා වැදගත් කරුණක් ලෙස සලකයි. උදාහරණයක් ලෙස clostridium tetani බැක්ටීරියාවකට උදා ඔක්සිජන් වායුව ඉතා අහිතකර නම් විකෘතියක් මඟින් එයට ඔක්සිජන් වල අහිතකර තත්ත්වය මඟ හැරිය හැකි නම් අනික් ජීවින් අභිබවා එම ජීවියා පරිසරයට අනුවර්ථනය වී survival of the fittest යන සංකල්පය යටතේ ජීවියා පරිණාමය වන්නට පටන් ගනී. එක් සෛලයකින් ආරම්භ වී මිනිසා වැනි දියුණු ජීවීන් ඇති වීමට එක් ප්‍රධාන සාධකයක් ලෙස විකෘති හඳුන්වන්නට පුළුවන. නමුත් ස්වභාවධර්මය විසින්ම එම විකෘති ඇති වීම වලක්වනු ලබයි. මක්නිසාද යත් බොහෝ විට විකෘතියකින් සිදු වන්නේ අහිතකර ප්‍රතිපලයක් බැවිනි. එම නිසා සෛලයක් තම තොරතුරු විකෘති වලින් තොරව පිටපත් කිරීමට විවිධ උපක්‍රම භාවිතා කරයි. උදාහරණයක් ලෙස මිනිසාගේ පවතින නැමැති CFTR ජානයේ භෂ්ම 4 වෙනස් වීමෙන් Cystic fibrosis නැමැති මාරාන්තික රෝග තත්ත්වය වැළඳේ. එම නිසා විකෘති සෑම විටම සුභාදායි යැයි පැවසීම නිවැරදි නොවේ. නමුත් මෙයින් ගතයුතු කරුණ වන්නේ ස්වභාවධර්මය විසින්ම GMO සෑදීමට කටයුතු කරන බවයි. යම් ජීවියෙකුගේ ලක්ෂණ වෙනස් කර නව ජීවියෙක් සෑදීමේ ක්‍රියාවලිය මුලින්ම ආරම්භ කලේ ස්වභාවධර්මය විසින්මය. එහිදී අහිතකර ජීවීන් පරිසරයෙන් තුරන් විය. 

ස්වභාවධර්මය pollination නැමැති ක්‍රියාවලියේදී ද GMO නිපදවීමක් සිදු කරයි. එහි විස්තර කිරීම මෙහිදී මා කරන්නේ නෑ.

එමෙන්ම ඈත අතීතයේ සිටම දෙමුහුන් තාක්ෂණය (Conventional Breeding) පැවත ඇති බව සාක්ෂි රැසකි. මෙහිදී ද සිදු කරන්නේ එක් ජීවියෙකුගේ හිතකර ලක්ෂණ අනෙක් ජීවියාට පරිවහනය කිරීමයි. එනම් GMO නිපදවීමයි.ඔබ නොදන්නවා වූවාට මේ අනුව ලොව ආහාර වලින් 51% වැඩි ප්‍රමාණයක් GMO food ලෙස සැලකීම වැරදි නොවේ. ලංකාවේ තත්ත්වයද එසේමය. ඔබ නොදැනුවත්වම ඒවා ආහාරයට ගනු ලබයි.

GMO හෝ Genetic Engineering යනුවෙන් හැඳින්වෙන නව තාක්ෂණයන් යටතේ එක් ජීවියෙකුගේ හිතකර ජානයක් තවත් ජීවියෙකුට පරිවහනය කිරීම සිදු කරයි. මෙම පරිවහන ක්‍රියාවලිය බොහෝ විට කෘත්‍රිම ක්‍රමයක් නොවන අතර ඒවාට යොදා ගන්නේ විවිධ ජීවින්ගෙන් සොයා ගන්න ලැබූ පරිවහන ක්‍රියාවලිය. උදාහරණයක් ලෙස ශාක වලට හිතකර ජාන පරිවහනය කිරීමට agrobacterium tumefaciens නැමැති බැක්ටීරියාව යොදා ගෙන සාමාන්‍ය infection එකක් සිදු කරනු ලබයි. මේවා ඉතා දීර්ඝ ක්‍රියාවලි වන අතර මෙහිදී විස්තර කිරීම අසීරුය. මේ සඳහා යොදා ගන්නා ලද ජාන විවිධ තත්ත්වයන් යටතේ අධ්‍යනය කර ඇති අතර ඒවායෙන් යම් අහිතකර ක්‍රියාවක් වනවා නම් ඒ බව molecular screening වලින් හඳුනා ගත හැක. 

එමෙන්ම මේ කිසිම ජාන වෙනස් කිරීමක් කෘතිමව හිතුමතේට සිදු නොකරයි. ස්වභාවික පරිසරයේ පවතින හිතකර ජානයක් එම ජානය නොමැති ජීවියෙකුට ඇතුලත් කිරීම මෙහිදී සිදු කෙරේ. උදාහරණයක් ලෙස ගොඩ හීනැටි ගොයම් ශාකයට දින 14 පමණ කාලයක් ගංවතුරෙන් ආරක්ෂා විය හැක. නමුත් සාමාන්‍යන් වගා කරන ගොයම් වලට මම හැකියාව නොමැති අතර ගංවතුරකදී පහසුවෙන් විනාශ වී යයි. එම නිසා ගොඩ හීනැටි වල මේ හොඳ ලක්ෂණයට අදාල ජානය සොයා අතීතයේ භාවිතා කරන ලද දෙමුහුන් තාක්ෂණයන් මඟින් එම ලක්ෂණය පමණක් වගා කරන හොඳ අස්වැන්නක් සහිත ශාකයකට පරිවහනය කර අද සමාජය අහිතකර යැයි කියන GMO සෑදිය හැකිය. මුලින් අහිතකර නොවූ ජානයක් වෙනත් ශාකයකදී අහිතකර වන්නේ කෙසේ දැයි මගේ තර්කයයි. මේවා molecular markers assisted breeding මඟින් ඉතා සාර්ථකව අධ්‍යනය කල හැකි අතර කිසිදු අහිතකර ජාන ඇතුල් නොවන බවට වග බලා ගනී.

මෙවැනි ශාකයක් වෙළඳ පොළට එවීමට පෙර වසර 10ක පමණ කාලයක් පරීක්ෂණ පවත්වනු ලැබේ. එසේ වූ විට ඔබ ඔය කියන අහිතකර ප්‍රතිපල ඇති වීම සැක සහිතය. නමුත් විවිධ පෞද්ගලික ආයතන තම මඩිය තර කර ගැනීමට අහිතකර ජාන සහිත ජීවීන නොසෑදිය නොහැකිම නොවේ. නමුත් එය ඉතාමත්ම අඩු සම්භාවිතාවක් ඇති කරුණකි.


එමෙන්ම සාමාන්‍ය ශාක වල අඩංඟු නොවන බොහෝ හිතකර ලක්ෂණ මෙම ශාක වල ඇතුල් විය හැකිය. බොහෝ විට එහි පවතින සියළුම අහිතකර ලක්ෂණ ඉවත් කිරීමට මෙම තාක්ෂණයෙන් ඉඩ සැලසේ. ඇත්තෙන්ම GMO ගැන කථා කරන විටම අප සමාජය තුල ඇත්තේ පුහු බියකි. ඇත්තෙන්ම මෙහිදී කරන්නේ කුමක්දැයි කිසිවෙක් නිවැරදිව වටහා නොගෙන බොරුවට නැට්ට පාගාගෙන කෑ ගසයි. දියුණු රටවල් මෙම උපක්‍රම භාවිතා කරමින් අස්වැන්න වැඩි කරගන්නා අතරතුර ලංකාව තවමත් තම මතයේ රැඳි සිටියි. රටක් දියුණු වන්නට කෘෂිකර්මය දියුණු කර යුතු අතර මෙවැනි නව තාක්ෂණයක් යොදා ගැනීම වරදක් නොවේ. Food security ඇති කිරීමෙන් පසු අනෙක් කර්මාන්තයන් දියුණු කල හැකිය. ශාක මෙන්ම අනෙක් ජීවින්ටද මෙසේමය මෙම තාක්ෂණයන් මඟින් පිළිකා වලට වැනි මාරාන්තික රෝග වලට පවා විසඳුම් සොයා ගන්න දිනය වැඩි ඈතක නොවන බව පැවසිය හැක.

No comments:

Post a Comment