Pages

Wednesday, July 11, 2012

ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස් අල(ර්)ට් - Free News alert to your mobile phone


ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter  ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක්   සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.


1. මුලින්ම ඔබ Twitter ගිණුමක් සාදා ගත යුතු වේ. Twitter sign up වෙබ් අඩවියට ගොස් ඔබේ තොරතුරු ඇතුලත් කර ඔබේ email ගිණුම මඟින් එය තහවුරු කර ලියාපදිංචිය අවසන් කරන්න.

2. 
ඉන්පසු ඔබේ ජංගම දුරකථනය සක්‍රීය කර ගත යුතු වේ. Settings > Mobile හරහා ඔබේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කරන්න. මෙම සේවාව දැනට  Mobitel, Dialog හා Etisalt වලට පමණක් ලබා දේ. අවශ්‍ය තොරතුරු ලබා  දී Activate phone click කරන්න.



නැවත සංස්කරණය: බොහෝ දෙනාට තම ජංගම දුරකථනය සක්‍රීය කර ගැනීමට නොහැකි වූ බව දක්වා තිබුණා. මම නැවත සරලව එය පැහැදිලි කරන්නම්.

ඔබ ලියාපදිංචිය සඳහා ඉහත රූපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කල පසු ඔබට Text :Go" to 40402 ලෙස පණිවිඩයක් දිස් වනුඇත. එහි සඳහන් පරිදි ඔබගේ ජංගම දුරකථනයෙන් ලෙස go කෙටි පණිවිඩයක් ලියා එය 40402 ට send කරන්න. ඉන්පසු 2වන රූපයේ සඳහන් පිටුව වෙත ගොස් කාර්‍යය අවසන් වේ.එහි සඳහ ආකාරයට එයට පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ විට ඔබගේ දුරකථනය වෙබ් අඩවිය හා සම්බන්ධ වීම අවසන් වේ. 
ඉන්පසු අවශ්‍ය වෙනස් කම් සිදු කර save කරන්න.

3. මී ළඟට ඔබට අවශ්‍ය ප්‍රවෘත්ති සේවාදායකයෙක් සොයා ගත  යුතු වේ. උදාහරණ වශයෙන් 
Hiru News , Ada deranaDaily Mirrorවැනි සේවා සපයන්නන් දැක්විය හැක. ඔබට අවශ්‍ය සේවා සපයන්නෙක් සෙවුමක් මඟින් සොයා ගත හැක.

4.  ඉන්පසු එම සේවාසපයන්නෙක්ගේ වෙබ් පිටුවට ගොස් එය Follow කරන්න. Follow කළ පසු රූපයේ දැක්වෙන ස්ථානය Click කර එහිTurn On Mobile Notification යන්න Click කරන්න.



ඉන්පසු ඔබට දිනපතා නිව්ස් අලර්ට් ලැබෙනු ඇත. මෙම සේවාව මඟින් ඔබේ මිතුරන්ට sms 
යැවීම මෙන්ම ඔබට වැදගත් වෙනත් තොරතුරුද sms මඟින් ලබා ගත හැක.

6 comments:

  1. බොහෝම ස්තූතියි! වැදගත් පෝස්‍ටුවක්

    ReplyDelete
  2. නොදැන උන් දෙයක්...තැන්ක්ස් පුබුදු

    ReplyDelete
  3. meka wada kare nane???? mobile activation eka wenna.. can u help me?

    ReplyDelete
  4. mama eka thawa duratath pahadili karala post eka edit karannam. thanks eka gena danuwath kalata?

    ReplyDelete
  5. ඔබ ලියාපදිංචිය සඳහා ඉහත රූපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කල පසු ඔබට Text :Go" to 40402 ලෙස පණිවිඩයක් දිස් වනුඇත. එහි සඳහන් පරිදි ඔබගේ ජංගම දුරකථනයෙන් ලෙස go කෙටි පණිවිඩයක් ලියා එය 40402 ට send කරන්න. ඉන්පසු 2වන රූපයේ සඳහන් පිටුව වෙත ගොස් කාර්‍යය අවසන් වේ.එහි සඳහ ආකාරයට එයට පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ විට ඔබගේ දුරකථනය වෙබ් අඩවිය හා සම්බන්ධ වීම අවසන් වේ. ඉන්පසු අවශ්‍ය වෙනස් කම් සිදු කර save කරන්න.

    ReplyDelete
  6. වටිනවා සහෝදරයෝ පින් සිද්ද වෙච්චාවේ

    ReplyDelete