Pages

Monday, October 11, 2010

වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම.-Determination of lead emission from motor vehicles

1940 න් පමණ පසු විද්‍යාඥයින් මෝටර් රථ එන්ජින් සදහා ඊයම් යෙදීම අරඹන ලදි. මෙයට හේතුව ඉන්ධන දහනය සුමට ආකරයෙන් සිදු නොවීම නිසා වාහන  වල knock වීම් සිදු වීමයි. එයට පිළියමක් ලෙස ඊයම් අඩංගු Tetra Ethyl Lead (TEL)යොදා ගෑනීමට හෑකි බව විද්‍යාඥයින් තේරුම් ගත්තේ ඊයම් සතු ගුණාංග කිහිපයක් නිසයි. ප්‍රධාන වශයෙන් ඊයම් TEL වල කාබන් පරමානුව සමග සහ සංයුජ බන්ධනයක් සාදයි. මෙයට හේතුව කාබන් හා ඊයම් අතර විද්යුත් සෘණතා වෙනස අඩු වීම්යි. එම නිසා මෙම සහසංයුජ බන්ධනය කෑඩී බිහි වන්නේ මුක්ත ඛණ්ඩක දෙකකි. මුක්ත ඛණ්ඩක යනු ඉතා අස්ථායි පරමාණු වේ.එම නිසා ඒවා උත්සාහ කරන්නේ කෙසේ හෝ ස්ථායි වීමටයි. මෙහිදී එන්ජිමේ උණුසුම හා පුළිගු වල ශක්තියෙන් TEL බන්ධනය කෑඩී එමගින් නිපදවන මුක්ත ඛණ්ඩක වලින් ඉන්ධනයේ දිගු හයිඩ්‍රෝකාබන් දාම වල බන්ධන බිද වෑටේ. එමෙන්ම ඉන්ධනයේ මෙම TEL සංයෝගය දිය වීමද වෑදගත් හේතුවකි එය යොදා ගෑනීමට.


නමුත් මෙම් සංයෝගය බිද වෑටීමෙන්  සෑදෙන PbO හා Pb මගින් එන්ජිම විනාශ කරන නිසා එයට පිළියමක් ලෙස 1,2 Dibromoethane යොදා ගන්නා ලදි. එමගින් ඊයම් Lead (2) Bromide ලෙස වාතයට බෑහෑර වීමෙන් එන්ජිම ආරක්ෂා කර ගත හෑකි විය.

නමුත් ඊයම් යනු ප්‍රබල විෂක් සහිත රසායනිකයකි. එය ශ්වසනයෙන් මිනිස් සිරුරට ඈතුලු වී අස්ථි වල Calcium වෙනුවට ප්‍රථිස්ථාපනය් වෙයි. මෙයට හේතුව Pb2+  හා Ca2+ වල  එකම ආරෝපණයක් තිබීම හා පරමාණු වල විශාලත්වය ආසන්න ලෙස සමාන වීමයි. එමෙන්ම එය කුඩා දරුවන්ගේ මොළය හ මානසික වර්ධනය අඩු වීම කෙරෙහි සෘජුවම බලපායි.

මේ හේතු නිසා ඊයම් සහිත ඉන්ධන වාහන සදහා යොදා ගෑනීම සියලුම රටවල් පාහේ තහනම් කරන ලදි. අද වන විට මෙම ඊයම් සහිත ගෑසොලින් ගුවන් යාන සදහා පමණක් භාවිතා කරයි.වාහන වල  සුමට දහනය සදහා අද ඈරෝමෑටික හයිඩ්‍රෝකාබන්, ඊතර, සහ ඈල්කොහොල වර්ග යොදා ගනී. උදා:- Methylcyclopentadienyl Manganese Tricarbonyl (MMT), Toluene, Ferrocene.

විද්‍යාගාරයේදී ඉන්ධන වල ඊයම් ප්‍රතිශතය නිර්ණය කල හෑක.  මේ සදහා අනුමාපන ක්‍රමය යොදා ගත හෑක. ඒ සදහා ඊයම් සහිත ගෑසොලින් සාම්පලයකින් දන්නා පරිමාවක් යොදා ගෙන එය දහනය කරමින් තනුක නයිට්‍රික් අම්ල ද්‍රාවනයක් තුලට බුබුලනය කල යුතු වේ.Pb2+ ප්‍රමානය නිර්ණයට එය ද්‍රාවනයක් වශයෙන් පෑවතීම පහසු නිසා සියලුම ඊයම් දිය කර ගෑනීමට නයිට්‍රික් යොදා ගනී. සෑම නයිට්‍රේටයක්ම ජලයේ ද්‍රාව්ය වීම මෙයට හීතුවයි. ඉන්පසු ද්‍රාවනය පෙරා ගෑනීම අවශ්‍ය වන්නේ දහනය නොවූ කාබන් අංශු පෑවතීමෙන් අනුමාපණයේදී නිවෑරදි අන්ත ලක්ෂය ගෑනීමට බාධා ඈති වේ.ඉන්පසු මෙම ද්‍රාවණය උදාසීන කර ගත යුතු වේ. එයට හේතුව පසුව සදහන් කරනු ඈත. මෙහිදී උදාසීනීකරණයට ප්‍රබල භෂ්මයක් යොදා ගන්නා නිසා එමගින් Pb(OH)2 අවක්ෂේප විය හෑකි නිසා එය වෑලෑක්වීමට ස්වාර්ක්ෂක Acetate ද්‍රාවණය යොදා ගෑනේ.මෙය Pb2+ සමග අවක්ෂේපයක් නොසාදන අතර pH අගය නියතව තබා ගනිමින් Pb(OH)2  අවක්ෂේප නොවීමට කටයුතු කරයි.

මේ පෙර සූදානම් කර් ගත් ද්‍රාවනයෙන් කොටසක් ගෙන අනුමාපණය මගින් ඊයම් ප්‍රතිශතය සොයා ගන්නා ආකාරය මීළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

3 comments:

  1. නියමයි!
    දිගටම කරගෙන යන්න!!

    තවදුරටත් වැඩි යමක් එක කලොත් ;
    ගැසොලින් යනු සරල හා ශාඛා දාම අල්කෙන මිශ්‍රණයක්. වැඩිවශයෙන් සරල දාම අල්කෙන ඇති විට පුලිඟු ජනකය දැල් වීමට පෙර දහනය වීම සිදුවෙයි(the mixture in the cylinder ignite before the spark plug sparks). එවිට ඇතිවන හදිසි පීඩන වෙනස නිසා krankshaft එක සමග ගමන් කරනු වෙනුවට වාතය krankshaft එක මත එක්වරම තෙරපුමක් ඇති කරයි. මේ නිසා තට්ටු කරන්නාක් වැනි ශබ්දයක් හටගනියි. එකට තමා knocking කියන්නේ.

    අනික් එක නයිට්‍රික් වල බුබුලනය කරන කොට ලෙඩ්, Pb ලෙස තිබුණහොත් NO3- වල N ඔක්සිහරණය වී Pb, Pb2+ බවට ඔක්සිකරණය කරයි.

    and

    ""නමුත් මෙම් සංයෝගය බිද වෑටීමෙන් සෑදෙන හා මගින් එන්ජිම ...""
    ""නමුත් මෙම් සංයෝගය බිද වෑටීමෙන් සෑදෙන PbO හා Pb මගින් එන්ජිම.. ""
    වෙන්න ඕනේ නේද?

    ReplyDelete
  2. bohoma sthuthi shenyaa obe prathicharayata weredda haduwa onna

    ReplyDelete