Pages

Saturday, October 16, 2010

වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම 2.-Determination of lead emission from motor vehicles part 2

ඊයම්  ද්‍රාවණය වී ඇති ඉහත සාම්පලයේ ඊයම් සොයා ගැනීම සදහා ක්‍රමයක් ලෙස එය අනුමාපනයක් මගින් හදුනා ගත හැකි ප්‍රතිකාරකයක් සමග ප්‍රතික්‍රියා කෙරේ. මේ අනුමාපනය සදහා කෙලින්ම Pb2+ යොදා ගත නොහැක. මන්ද යත් එය Redox ප්‍රතික්‍රියා වලට සහභාගී නොවීමයි. එය භෂ්මයක් සමග ප්‍රතික්‍රියා කල විට සාදන්නේ අවක්ෂේපයක්(Pb(OH)2) නිසා එමගින් අනුමපනයක් කල නොහැක.මේ නිසා කල හැක්කේ ඊයම් වෙනත් ද්‍රව්‍යයක් බවට හරවා එම ද්‍රව්‍යය මගින් ඊයම් සාන්ද්‍රණය සොයා ගැනීමයි. ‍ඒ සදහා Redox ප්‍රතික්‍රියා දක්වන Potassium Di-chromate සමග ප්‍රතික්‍රියා කරවා ඉතිරි (Cr2O7)2 ප්‍රමාණය අනුමාපනයක් මගින් හදුනා ගැනීමෙන් ඊයම් ප්‍රමාය සෙවිය හැකිය.

මෙහිදී මාධ්‍යය ආම්ලික හෝ භාශ්මික වීම ප්‍රතික්‍රියාව සදහා සුදුසු නැත.එම නිසා මාධ්‍යය උදාසීන කිරීමට NaOH යොදා ගනී. ආම්ලික මාධයේදී පහත ප්‍රතික්‍රියාව සිදු වී අවක්ෂේපය දියවී නැවත (Cr2O7)2- සෑදේ.
(Cr2O7)2- + H2O > 2(CrO4)2- +2H+ 
එසේ වීමෙන් සියලුම ඊයම් අවක්ෂේප නොවේ. මාධ්‍යය භාශ්මික වුවහොත් Pb(Oh)2 අවෂේපය සාදා ඊයම් එයටත් වැය වේ.එම නිසා මාධ්‍යය උදාසීන වීම වැදගත් ය. මෙහිදී NaOH යෙදීමේදී Pb(Oh)2 සෑදෙන නිසා pHඅගය නියතව තබා ගැනීමට ස්වාරක්ශක දාවණය යොදා ගනී 


මෙසේ පෙර සකස් කර ගත් දාවණයෙන් කොටසක් ගෙන නටවා ගත යුතුය. එහිදී වාශ්පශීලී සංයෝග තිබුන හොත් ඒවා ඉවත් වී යයි. ඉන්පසු දමා Potassium Di-chromate නැවත නටවා ගනී.  

Potassium Di-chromate දැමූ විගස සෑදෙන දීප්තිමත් කහ පැහැති අවක්ෂේපය  දිය කර ක්‍රමානුකූල විශාල අවක්ෂේපයක් ලබා ගැනීම මෙම නැටවීමේ  අරුතයි. රත් කල ව්ට අවක්ෂේප‍යේ Ksp ඉහල යාමෙන් එය දිය වේ. ක්‍රමානුකූලව කාමර උෂ්ණත්වයට පත් වන විට පෙරහන් කඩදාසියේ සිදුරු වලට වඩා විශාල අවක්ෂේපයක් සෑදී තිබෙනු ඇත. එම අවක්ෂේපයය පෙරා පෙරණය [(Cr2O7)2-] වෙන් කර ගත යුතුය. පෙරහන් කඩදාසිය සංශුද්ධ ජලයෙන් එහි වණර්ය නැති වන තුරුම සෝදා සියලු ප්‍රතික්‍රියා නොකල [(Cr2O7)2-] අනුමාපන ප්ලාස්කුවකට ලබා ගත යුතුය.මෙසේ සියලුම පෙරණය අනුමාපන ප්ලාස්කුවකට ලබා ගෙන එයට Dil.Sulphuric Acid හා Phospheric Acid දමන්න.ඉන්පසු Fe2+ සමහ අනුමාපනය කිරීමෙන් ඉතිරි Di-chromate  ප්‍රමාණයද එමගින් ඊයම් ප්‍රමාණයද සොයා ගත හැක. 

3 comments:

  1. " ක්‍රමානුකූලව කාමර උෂ්ණත්වයට පත් වන විට පෙරහන් කඩදාසියේ සිදුරු වලට වඩා විශාල සිදුරු සහිත අවක්ෂේපයක් සෑදී තිබෙනු ඇත"
    සිදුරු විශාල වීමක් නෙමේ මේකෙදි ඇත්තටම වෙන්නේ. එක්වරම අවක්ෂේපය ඇතිවෙනකොට සාමාන්‍යයෙන් අංශු ගොඩක් එක්වරම ඇතිවෙනවා. එවිට ඒවා අතර ඉඩ අඩු නිසා අංශු වලට වර්ධනය වෙන්න ලැබෙන්නේ නෑ. මේක නිසා හැදෙන අංශු සියුම්. වොට්මන් පෙරහන් කඩෙහි සිදුරු වල හිරවෙලා පෙරීම අවහිර කරන්න පුළුවන්. හැබැයි අවක්ෂේපය හෙමින් ඇතිවෙනකොට (රත්කර සෙමින් සිසිල් වීමට සැලැස්වීමෙන්) එක්වරකට ඇතිවෙන අංශු ප්‍රමාණය අඩුයි. අංශු අතර ඉඩ වැඩියි. එතකොට අංශු වලට වර්ධනය වෙලා ස්තරයක් විදියට අවක්ෂේපය ඇතිවෙනවා. පෙරහනේ සිදුරුවලට ගොස් අවහිර වීම සිදු වෙන්නේ නෑ.

    ReplyDelete
  2. aththatama mama adahas kale siduru wishaala vena eka neme.ethanata anawashya siduru kiyala wachanayak awith man eka niwaradi karannam.kohomat oya lipi 2 demme godak hadisiyen oyala oka karanna kalin.a nisa weradi hadanna welawak thibbe ne.ada thamay mama blog ekata awe.a nisa ada okkoma hadala yannam.

    methana api issellama rath karannei ksp agaya wedi karagannane pbcro4 wala.ethakota awaksheipaya diya venava.nawata sisil wenakota oba kiwwa widiyata eka wara hadena avakshepa anshu pramaanaya adu venava.avakshepya vottman kadadaasiyakin noperena tharamata vishaala venavaa.avakshepa hadena krama 2 thiyenawaa.
    1.nucleation precipitation
    2. particle Growth precipitation

    oba kiwwa anshu godak athi wena kriyaadaamaya thama palaweni eka devaeni eka thamay api mehidii karannei a kiyanne wishaal anshu labaa gaeniima.

    e wagema me widiyata kramanukuulava sisil weddi oclution kiyana kriyaawaliya nawathinawa.a kiyannei awakshepye anshu atarata venat anshu methanadi nam H+ haa ocsalate ayana athul wima natara vima.mei kriyaawaliya kelinma me dravanaya sisil kalaamay aethi venne.

    sthuti oba dAkvuu sahayogayata shenyaa

    ReplyDelete
  3. ඔව් ඔව්
    එහෙම තමයි :D
    එල !

    ReplyDelete