Pages

Saturday, October 30, 2010

යතුරු පුවරුවේ යතුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට නැත්තේ ඈයි?-Why aren't the keys on a keyboard in alphabetical order?

අප කවුරුත් භාවිතා කරන පරිගණක යතුරු පුවරුවේ පමණක් නොවේ මීට වසර කිහිපයකට පෙර බහුලවම භාවිතා වූ තවමත් සුලු වශයෙන් භාවිතා වන යතුරු ලියනයේ පවා අකුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට නොමැති බව ඔයාලා දැකලා තියෙනවාද?දැකලා නැත්නම් ඔන්න බලාගන්නකෝ.



ඔන්න ඔය විදියට තමයි යතුරු ලියනයේ යතුරු පිහිටල තියෙන්නේ.නමුත් ගැටලුව ඇයි මෙහෙම තියෙන්නේ කියලානේ ද? හරි එහෙනම් අහ ගන්නකෝ කථාව.
                  මුල් කාලයේ එතරම් පරිගණක තිබ්බේ නෑනේ.ඒවා කරළියට ආවේ ඉතා මෑතකදී නමුත් ඊට කලින් මුද්‍රණ කටයුතු කල නිසා අකුරු යතුරු ලිවීම සදහා භාවිතා කලේ යතුරු ලියනය.මෙහිදී මුල්ම යතුරු පුවරුව හදලා තිබ්බේ ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට යතුරු තියෙන පරිදියි. නමුත් එම යතුරු ලියනයෙන් වැඩ කරද්දි යතුරු ලියන්නන් මහත අපහසුවට පත් වුනා.යතුරු ලියද්දි පැටලීම් තෙරපීම් ඈති වන්නට උනා.යතුරු ලියන වේගය ඉතා සීමා සහිත වුනා.එම නිසා මේ ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට යතුරු තියෙන ක්‍රමයේ යම් අඩු පාඩුවක් ඈති බව එකල එම ක්ෂේත්‍රයේ කටයුතු කල උදවියට පෙනී ගියා.ඉන් පසු නව යතුරු ලියන රටාවක් සොයමින් ඉන්නා අතර තුර 1873 දී Christopher Latham Sholes විසින් අද අප භාවිතා කරන යතුරු පුවරුවේ මූලික රටාව ඉදිරිපත් කරනු ලෑබුවා.මෙය හදුන්වනු ලබන්නේ QWERTY යතුරු පුවරුව කියායි.එහි මුල්ම අකුරු පේලියේ පළවෙනි අකුරු 6 යොදා ගෙන තමයි ඒ නම භාවිතා කරන්නේ.

ප්‍රධාන වශයෙන්ම එහි රටාව ඉදිරිපත් කර තිබුනේ ඉංග්‍රීසි භාශාවේ වචන වල අකුරු භාවිතා කිරීමේ පදනම මතයි.එනම් භාශාව තුල බහුලව භාවිතා වන වචන ඉක්මනින් ලිවීම සදහා එම අකුරු ඇගිලි ආසන්නයට ගෙන ඒමෙන්. මෙය සාර්ට්ථක වූ නිසා එය එකල යතුරු ලියන වලට භාවිතා කිරීම ඇරඹුණා. ක්‍රමයෙන් මිනිසුන් මෙම ක්‍රමයට පුරුදු වූ නිසා පරිගණක යතුරු පුවරුවට ද මෙම ආකෘථියම යෙදීමට තීරණය වුනා.මන්ද යත් නැවත පරිගණක යතුරු පුවරුවට පුරුදු වීමට අමතර කාලයක් ගැනීම අවම කර ගැනීම සදහායි.

             කෙසේ වුවත් මෙම යතුරු පුවරුවෙන් ඉතා වේගයෙන් යතුරු ලියන්නට නොහැකි බව මද කලක් යන විට මිනිසුන් තේරුම් ගත්තත් මෙය සාදා ඈත්තේ පැටලීම අවම කිරීමට නිසා හා මෙය බොහෝ කලක් මිනිසුන් අතර ජනප්‍රිය වී ඈති නිසා යවමත් මෙය සම්මත යතුරු පුවරුව වශයෙන් බහුලවම භාවිතා කරනවා.මෙම යතුරු පුවරුව වමත හුරු අයට පහසු අතර දකුණත හුරු අයට මදක අපහසු වේ. මන්ද යත් වමතින් පමණක් වචන  1000 ක පමණ ලියන්නට හැකි වුවත් දකුණතින් ලිවිය හැක්කේ වචන 100 පම්ණ සුලු ගණනකි.අද පවතින තත්වයට මේ යතුරු පුවරුව දියුණු වී ඈත්තේ ඉතා වෙහෙස වීමෙන් කරන ලද පරීක්ෂණ වල ප්‍රථිඵල අනුවය.අද යතුරු පුවරුවට අමතර යතුරු රාශියක් එකතු වී ඇති අතර ඒවාට හිමි නියම තැන හිමි කර දීමට තවමත් පරීක්ශණ කරයි.

එම පරීක්ශණ වල ප්‍රථිඵලයක් ලෙස Dvorak යතුරු පුවරුව හෑදින්විය හෑක.
                          
එමගින් පැටලීමක් නොමැතිව ඉතා වේගයෙන් ලියන්නට හැකි බව තහවුරු කරගෙන තිබේ. එය 1936 දී ආචාර්ය August Dvorak හා ආචාර්ය William Dealey විසින් හදුන්වා දෙන ලදි. මෙයට අමතරව තවත දියුණු කරන ලද යතුරු පුවරු රාශියක් භාවිතා කරන නමුත් බහුලවම තවමත් භාවිතා වන්නේ සම්මත QWERTY යතුරු පුවරුවයි.



6 comments:

  1. අපි නොදන්නවා වුණාට හැමදෙයකම තාක්ෂණික අරුතක් ඇති බවට හොඳම නිදසුනක්

    ReplyDelete
  2. ගොඩක් හොද දෙයක් ඒත් මෙ පෙජ් එක slow නෙ.

    ReplyDelete
  3. ඇගේ කෑල්ලක් වගේ තියෙන key board එක ගැන අද තමා හරියටම විස්තරයක් දැනගත්තේ. ස්තුති

    ReplyDelete
  4. මට තිබුනු ප්‍රශ්නයක් විසඳුනා thanks

    ReplyDelete
  5. @ චාමර ඒක ඈත්ත හැම දෙයක්ම කරල තියෙන්නේ මොකක් හරි හෙතුවක් ඇතුව.ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි.

    @ Chathuranga මම හිතන්නේ පේජ් ස්ලෝව් වෙන්න හේතුව අලුතෙන් දාපු gadget එක.ඒක අයින් කල දැන් හරි මන් හිතන්නේ.ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි.
    @ ගීත් ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි.
    @ mali_89 ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි.

    ReplyDelete