Pages

Friday, December 24, 2010

සරල පරිගණක විධාන ලිවීම(Writing Machine Instructions)

      ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.මේ දවස් වල හරිම කාර්යබහුලයි.අද මම පරිගණකය සරල ගණිත කර්ම කිරීම සදහා යොදා ගන්න ක්‍රමවේදය ඉතාම සරලව කියන්නම්.
      පරිගණකයේ මතකය තුල එහෙම නැත්නම්RAM(Random Access Memory) එක තුල තැන්පත්ව ඇති දත්ත අපිට අවශ‍්‍ය  ගණිත කර්ම කිරීමේදී රෙජිස්ටර් යන නමින් හදුන්වන මතක කොටස් තුලට් දත්ත රැහැන්(Data Buses) හරහා ගෙනවිත් එම ගණිත කර්ම සිදු කරයි.මෙය සරලවම මෙය එසේ දැක්විය හැකි වුවත් මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්.එසේ කිරීමටද හේතුවක් තියෙනවා.සරලවමපැහැදිලි කල හැකි හේතුව ලෙස ඉතා වේගයෙන් දත්ත සමග් ගනු දෙනු කල හැකි වීම සලකිය හැකියි.නමුත් මෙහි ර්ටත් වඩ වැදගත් හේතුවක් තිබෙනවා.දැනට එය අමතක කරමුකෝ.
      මෙසේ රෙජිස්ටර් වෙතට ගෙන් ආ දත්ත ගණිත කර්මය කිරීමෙන් අනතුරුව නැවත  RAM මතකයේ Memory Locations වල තැන්පත් කරනවා.මේ ක්‍රියාවලිය පැහැදිලි කිරීම සදහා Machine Instructions ලිවීමේ ක්‍රම්වේදය යොදා ගන්නවා.

උදාහරණ 1

Saturday, October 30, 2010

යතුරු පුවරුවේ යතුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට නැත්තේ ඈයි?-Why aren't the keys on a keyboard in alphabetical order?

අප කවුරුත් භාවිතා කරන පරිගණක යතුරු පුවරුවේ පමණක් නොවේ මීට වසර කිහිපයකට පෙර බහුලවම භාවිතා වූ තවමත් සුලු වශයෙන් භාවිතා වන යතුරු ලියනයේ පවා අකුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට නොමැති බව ඔයාලා දැකලා තියෙනවාද?දැකලා නැත්නම් ඔන්න බලාගන්නකෝ.

Sunday, October 17, 2010

ලිං ජලයේ කැල්සියම් ප්‍රථිශතය සොයමුද?- Determinatoin of calcium in well water sample

 පසු ගිය ලිපියෙන් අපි කථා කලේ වාහනයකින් පිටවන ඊයම් ප්‍රමාණය සෙවීම ගැනනේ.අද මම කියන්න යන්නේ අපේ පානය සදහා ගන්න හෝ එදිනෙදා වෑඩ කටයුතු කිරීමටට ජලය ලබා ගන්නා ලිං ජලයේ තිබෙන කැල්සියම් ප්‍රතිශතය සෙවීම ගැන. ජලයේ මෙසේ ඛනිජ වර්ගයක් දිය වී තිබීම හදුන්වන්නේ කඨිනත්වය ලෙසයි.ප්‍රධාන වශයෙන් කැල්සියම් හා මැග්නීසියම් වල ලවණ දිය වීම නිසා මෙම කඨිනත්වය ඈති වේ. කඨිනත්වයේ අවස්ථා කි.
1. තාවකාලික කඨිනත්වය -කැල්සියම් හා මැග්නීසියම් වල බයි කාබනේට ජලයේ දිය වීමෙන් ඇති වේ.
2. ස්ථිර කඨිනත්වය - කැල්සියම් හා මැග්නීසියම් වල සල්පේට හා ක්ලෝරයිඩ ජලයේ දිය වීමෙන් ඈති වේ.
තාවකාලික කඨිනත්වය නමේ තේරුමෙන්ම තාවකාලික වන අතර පහසු ක්‍රම මගින් ඉවත් කල හැක. ඒවා නම්

Saturday, October 16, 2010

වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම 2.-Determination of lead emission from motor vehicles part 2

ඊයම්  ද්‍රාවණය වී ඇති ඉහත සාම්පලයේ ඊයම් සොයා ගැනීම සදහා ක්‍රමයක් ලෙස එය අනුමාපනයක් මගින් හදුනා ගත හැකි ප්‍රතිකාරකයක් සමග ප්‍රතික්‍රියා කෙරේ. මේ අනුමාපනය සදහා කෙලින්ම Pb2+ යොදා ගත නොහැක. මන්ද යත් එය Redox ප්‍රතික්‍රියා වලට සහභාගී නොවීමයි. එය භෂ්මයක් සමග ප්‍රතික්‍රියා කල විට සාදන්නේ අවක්ෂේපයක්(Pb(OH)2) නිසා එමගින් අනුමපනයක් කල නොහැක.මේ නිසා කල හැක්කේ ඊයම් වෙනත් ද්‍රව්‍යයක් බවට හරවා එම ද්‍රව්‍යය මගින් ඊයම් සාන්ද්‍රණය සොයා ගැනීමයි. ‍ඒ සදහා Redox ප්‍රතික්‍රියා දක්වන Potassium Di-chromate සමග ප්‍රතික්‍රියා කරවා ඉතිරි (Cr2O7)2 ප්‍රමාණය අනුමාපනයක් මගින් හදුනා ගැනීමෙන් ඊයම් ප්‍රමාය සෙවිය හැකිය.

මෙහිදී මාධ්‍යය ආම්ලික හෝ භාශ්මික වීම ප්‍රතික්‍රියාව සදහා සුදුසු නැත.එම නිසා මාධ්‍යය උදාසීන කිරීමට NaOH යොදා ගනී. ආම්ලික මාධයේදී පහත ප්‍රතික්‍රියාව සිදු වී අවක්ෂේපය දියවී නැවත (Cr2O7)2- සෑදේ.
(Cr2O7)2- + H2O > 2(CrO4)2- +2H+ 
එසේ වීමෙන් සියලුම ඊයම් අවක්ෂේප නොවේ. මාධ්‍යය භාශ්මික වුවහොත් Pb(Oh)2 අවෂේපය සාදා ඊයම් එයටත් වැය වේ.එම නිසා මාධ්‍යය උදාසීන වීම වැදගත් ය. මෙහිදී NaOH යෙදීමේදී Pb(Oh)2 සෑදෙන නිසා pHඅගය නියතව තබා ගැනීමට ස්වාරක්ශක දාවණය යොදා ගනී 

Monday, October 11, 2010

වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම.-Determination of lead emission from motor vehicles

1940 න් පමණ පසු විද්‍යාඥයින් මෝටර් රථ එන්ජින් සදහා ඊයම් යෙදීම අරඹන ලදි. මෙයට හේතුව ඉන්ධන දහනය සුමට ආකරයෙන් සිදු නොවීම නිසා වාහන  වල knock වීම් සිදු වීමයි. එයට පිළියමක් ලෙස ඊයම් අඩංගු Tetra Ethyl Lead (TEL)යොදා ගෑනීමට හෑකි බව විද්‍යාඥයින් තේරුම් ගත්තේ ඊයම් සතු ගුණාංග කිහිපයක් නිසයි. ප්‍රධාන වශයෙන් ඊයම් TEL වල කාබන් පරමානුව සමග සහ සංයුජ බන්ධනයක් සාදයි. මෙයට හේතුව කාබන් හා ඊයම් අතර විද්යුත් සෘණතා වෙනස අඩු වීම්යි. එම නිසා මෙම සහසංයුජ බන්ධනය කෑඩී බිහි වන්නේ මුක්ත ඛණ්ඩක දෙකකි. මුක්ත ඛණ්ඩක යනු ඉතා අස්ථායි පරමාණු වේ.එම නිසා ඒවා උත්සාහ කරන්නේ කෙසේ හෝ ස්ථායි වීමටයි. මෙහිදී එන්ජිමේ උණුසුම හා පුළිගු වල ශක්තියෙන් TEL බන්ධනය කෑඩී එමගින් නිපදවන මුක්ත ඛණ්ඩක වලින් ඉන්ධනයේ දිගු හයිඩ්‍රෝකාබන් දාම වල බන්ධන බිද වෑටේ. එමෙන්ම ඉන්ධනයේ මෙම TEL සංයෝගය දිය වීමද වෑදගත් හේතුවකි එය යොදා ගෑනීමට.

Friday, September 10, 2010

මොනවද මේ ASCII කියන්නේ?-What is an ASCII

ASCII යනුවෙන් හෑදින්වෙන්නේ American Standard Code for Information Interchange යන්නයි.එය උච්චාරණය කරන්නේ ඇස්කී යනුවෙනි.එය සංකේත කේථාංකනය කිරීමේ සම්මත ක්‍රමයක් ලෙස සරලව හෑදින්විය හෑකිය.සංකේථයක් පරිගණකයක හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණයක දර්ශණය කරන සම්මත ආකාර කිහිපය අතරින් මුල්ම හා කුඩාම ක්‍රමය ලෙස මෙය හැදින්විය හැකිය.ඇමෙරිකානු සම්මතයක් වන මෙය අද වන විටත් බොහෝ උපාංග වල භාවිතා වේ.වර්ථමානයේ UTF-8 හා Unicode  වැනි සම්මතයන් ද භාවිතා කල හැකි තරමට මේ උපාංග දියුණු වී ඈත.ඒවා ASCII වලට වඩා වැඩි සංකේත ගණනකට ප්‍රථිචාර දෑක්විය හෑකි වන ලෙස නිමවා ඈත.US-ASCI Internet Assigned Numbers Authority (IANA) මගින්     ASCII සදහා සංකේත අනුපිළිවෙල ඉදිරිපත් කරනු ලබයි.මේ ක්‍රමය මුලින්ම වාණිජ වශහ්යෙන් යොදා ගත්තේ දුරස්ථ මුද්‍රක යන්ත්‍ර සදහායි.1960 ඔක්තෝබර් 6 වෑනිදා මේ ක්‍රමය සම්ම්ත වශයෙන් භාවිතා වීම ඈරඹිණි.


ASCII භාවිතා වන්නේ ප්‍රධාන වශයෙන් පරිගණකයේ අකුරු පෙන්වීම සදහායි.පරිගණකයට අප සදහන් කරන අකුරු හෝ ඉලක්කම් හදුනා ගෑනීමේ හෑකියාවක් නොමැත.මන්ද යත් එය ක්‍රියා කරනුයේ  ද්විමය සංඛ්‍යා වලට ප්‍රතිචාර දක්වමිනි.පරිගණකයට අවශ්‍ය ද්විමය සංඛ්‍යා ASCII ක්‍රමය මගින් සම්මත ආකරය හරවා දීමට කටයුතු කරනු ලැබේ. මෙහිදී ද්විමය සංඛ්‍යා යනු මොනවාදෑයි ගෑටළුවක් පෑන නගී.අප සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ 10 පාදයේ සංඛ්‍යා ය.ඒවා නම් 0,1,2,3,4,5,6,7,8,9 වේ.මෙහි Digits නැතිනමි සංඛ්‍යාංක 10 වේ.නමුත් පරිගණකයට හදුනා ගත හෑක්කේ 2 පාදයේ සංඛ්‍යා පමණි.එනම් 0,1 සංඛ්‍යා ය.මෙය පරිගණකයට ලබා දෙන්නේ සුළු වෝල්ටීයතා වෙන්ස් කිරීමක් මගිනි.එය පරිගනකයේ මව් පුවරුව විසින් හදුනා ගැනීමෙන් අනතුරුව පරිගණක  මෙහෙයුම් පද්ධතියට ලබා දේ.ඉන්පසු අවශ්‍ය ගණනය කිරීම් කරනු ලෑබේ.

Friday, August 6, 2010

උණුසුම් සුභ පෑතුම්-Wish you all the best

2010 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලුම සහෝදර සහෝදරියන්ට මම මගේ උණුසුම් සුභ පෑතුම් මෙසේ එක් කර සිටිමි.
එමෙන්ම එම තරග විභාගය උසස් අන්දමින් සමත් වීමට අවශ්‍යය ශක්තිය හා ‍ෛධර්යය ලෑබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.
specially sanj, sandharuwan, manusha, dulani, namal, kasun, prasadini, wish you all the best guys.

Wednesday, August 4, 2010

ඓතිහාසික උතුරුපව්ව රජ මහා විහාරය(වෘතපා විහාරය)-Uthurupaw Raja maha Viharaya

අප හැදී වෑඩුනේ බෞද්ධ පරිසරයක නිසා පන්සල අපිට ඉතාම සමීප ය.කෙසේ වෙතත් ගමේ පන්සල  අපිට ඉතාම සමීප සම්බන්ධතාවක් දක්වන ස්ථානයකි.මේ නිසා අද ලිපිය අපේ ගමේ පන්සල ගැන ලියන්නට මට සිතුණි.
ඔබ අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල, ත්‍රිකුණාමලය වන්දනාවේ යන මාර්ගයේ පිහිටා තිබෙන බැවින් එහි යන ඔබට මෙම විහාරය ද වැඳ පුදා ගෙන යා හැකි නම් එය ඉතාම භාග්‍යයක් කොට සලකමි.මෙය ජීවිතයේ එක් වරක් හෝ වැඳ පුදා ගත යුතු ස්ථානයක් ලෙස හැදින්විය හැක.
කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මහා මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දෙසට පැමිණෙන විට කිලෝ මීටර් 24 පමණ ගිය විට කුඩා නගරයක් වන ගොකරෑල්ල හමුවෙයි. එතැන් සිට මඳ දුරක් ගොකරෑල්ල පොලීසිය පසු කොට ගිය විට වම් පසින් කඳුලව පාර දක්නට ලෑබෙයි

Monday, July 12, 2010

කොරියාවේ රස කෑමක් බලමුද?-Tasty food in korea


අද මම වෙනස්කටත් එක්ක කොරියාවේ ඉන්න අපේ අය්යා කෙනෙක් එවපු පින්තූරයක් බ්ලොග් එකට දාන්න හිතුවා.මේක බලන්න ටිකක් අප්‍රසන්න පින්තූරයක්.ඒ කියන්නේ කොරියවේ වෙළද සෑලක ආහාරය තබා තිබුනු (කොරියාවේ අයගේ නම් ඉතා රසවත්)ආහාරයක්ලු.ලංකාවේ අය ඉස්සො කනවා වගේ කියලා තමයි කියන්නේ.පින්තූරය බලලම ඉන්නකෝ.

Sunday, July 11, 2010

pdf පරිවර්ථකය- Dopdf converter

ගොඩක් දවසකින් හොද මෘදුකාංගයක් ගෑන කියන්න බෑරි වුනු නිසා අද කියන්න යන්නේ නිතරම අපිට වෑදගත් වන මෘදුකාංගයක්ක් ගෑන.මේකේ නම තමයි dopdf.මේකෙන් අපේ ගොනුවක් පහසුවෙන් pdf ගොනුවක් බවට පරිවර්ථනය කරන්න පුලුවන්.මෙතනින් බාගත කර ගන්න.මෙය පරිගණකයේ ස්ථාපනය වන්නේ නව මුද්‍රකයක්(Printer) ලෙසයි.එම නිසා මුද්‍රකය විවෘත කර ගත හෑකි ඕනෑම වෑඩසටහනක්(Application) මගින් (උදා:- MS Word, Notepad, Word pad, MS Paint) මෙයින් ගොනු pdf බවට පරිවර්ථනය කර ගත හෑකියි.මම  Word Document එකක් බවට පරිවර්ථනය කර ගන්නා ආකාරය පෙන්වන්නම්.Convert කිර්‍රිමට අවශ්‍ය Word ගොනුව විවෘත කර ගන්න.Print පෑනලය විවෘත කරන්න.

Friday, July 9, 2010

මූණ පොතේ මුණූ-Face ditecting

ඊයේ රෑ මේක දෑක්කේ.මීට දින කිහිපයකට කලින් මූණ පොතට මූණ හදුනා ගන්න මෘදුකායක් දාලා කියලා මම බ්ලොග් එකක දෑක්කා.මටත් ඒක අත් විදින්න ලෑබුණා.මම දාපු පින්තූරයක ඈති මගේ මිතුරන්ගේ මුහුනු හදුනා ගෙන ඒවා ටෑග් කරන්න කියනවා.මම දන්නේ නම් නෑහෑ මේක අලුත් පහසුකමක් ද කියලා නම් කොහොම හරි අද තමයි මම නම් දෑක්කේ.

අද පෝස්ට් එකක් දාන්නත් ඕනේ කියලා හිතුණු නිසා දාන්න කියලා ආවා.නමුත් කොළඹ ගිහින් දෑන් තමයි ආවේ.හරි මහන්සි.අද අක්කලාගේ උපාධි ප්‍රධානෝත්සවය තිබ්බා.බණ්ඩාරණායක අණුස්මරණ සම්ම්න්ත්‍රණ ශාලාවේ තමයි තිබුනේ.අපි ඒකට ගියා.එද්දි ටිකක් රෑ උනා.හෙට පන්ති යන්නත් ඕනෙ ඒ නිසා නිදා ගන්න වෙනවා.අද දාන්න හිටපු පෝස්ට් එක හෙටම දානවා.තරහ නෑනේ.

Tuesday, July 6, 2010

මම හදපු පලමු මෘදුකාංගය-Software developing

කලින් දාපු මෘදුකාංගය හෑමෝටම එතරම් ප්‍රයෝජනවත් නොවන නිසා මම මීට මාස කිහිපයකට කලින් හදපු මගේ පලවෙනි  මෘදුකාංගය upload කරන්නම්.මේ වගේ එකක් හෑමෝම වගේ දෑකලා ඈති.නමුත් ඔන්න මමත් හෑදුවා.සමාවෙලා මේකත් කලින් එක download කර ගත්තු විදියටම download කර ගන්න.මෙන්න ලින්ක් එක
http://groups.google.com/group/aurorasolutions/web/ID%20card%20Reader.rar

user name=pubudu
password =123

Monday, July 5, 2010

මගේන් මෘදුකාංගයක්-Software developing

මම පොඩි මෘදුකාංගයක් හෑදුවා .download කරගෙන හොදද කියන්නකෝ.සමාවෙන්න ඕනේ.මේක download යන්න right click copy කරලා එහෙම නෑත්නම් මේ ලින්ක් එක copy කරගෙන
http://groups.google.com/group/aurorasolutions/web/ASCHI_READER.rar
එය ඔබගේ download manager එකට paste කර බාගත කර ගන්න.upload කරන්න වෙන ක්‍රමයක් හොයා ගන්නකම්.හෑබෑයි මේ software 1 එතරම් හොද එකක් නම් නෙමේ.අඩු පාඩු ගොඩක් ඈති.සමහර අයට නම් එච්ච්චර වෑඩකුත් නෑති වෙයි.කමක් නෑ.හොදද කියල විතරක් කියන්න්කෝ.අනාගතයේදී මම හදලා  තියෙන හොද මෘදුකාංග කිහිපයක් දාන්නම්.

Saturday, July 3, 2010

ලංකාවේ බෑකු පද්ධතිය

ලංකාවේ බෑංකු පද්ධතිය කියලා මාතෘකාව දෑම්මට මම අද කියන්න යන්නේ ඒ ගෑන නම් නොවේ.මේක මට වෙච්චි පොඩි සිද්ධියක්.මේක උනේ දෑනට දවස් දෙක තුනකට කලින්.එදා මමයි තාත්තයි රාජ්‍ය බෑංකුවකට ගියා එක්තරා අවශ්‍යතාවයට.මම එතන කවුන්ටරය ලග තිබුනු පුටු සෑටිය උඩ වාඩි වෙලා ඉද්දී තාත්තා පෝලිමේ හිටියා ආපු කාර්ය ඉටු කර ගන්න.ටික වේලාවක් ඉද්දී තාත්තා කවුන්ටරය ලගටම ආවා.නමුත් ටික වේලාවක් ගියත් පෝලිම ඉදිරියට යන පාටක් පේන්න නෑ.දෑන් පෝලිමෙ ගොඩක් සෙනග පිරිලා.අපිට ඉක්මනට යන්න ඕනෑ කමක් තිබුනු නිසා පරක්කුව මොකද බලන්න මම ඉද ගෙන හිටපු තෑනින් නෑගිටල
තාත්තා ලගට ගියා.ඊට පස්සෙ මට ඈහෙනවා හරි හරි controll panel දෑන් යන්න දෑන් enter කරන්න වගේ වචන.අවු 30-45 පමණ අතරේ වන කාන්තා නිළධාරින් කිහිප දෙනෙක් කවුන්ටරය ලග වෑඩ කරන පරිගණකය ලග වට වෙලා මොකද්ද setting එකක් හදන්න උත්සාහ කරනවා.


Friday, June 18, 2010

Run Multiple skype messenger on single machine-එක පරිගණකයක ස්කයිප් මෑසෙන්ජර් කිහිපයක් ධාවනය කිර්‍රිම.

කලින් ලිපියේ කිව්වේ යාහූ මෑසෙන්ජර් කිහිපයක් එක වර ධාවනය කරන හෑටිනේ.මේ ලිපියෙන් කියන්නේ skype ගිනුම් කිහිපයක් එක වර ධාවනය කරන ආකාරයයි.මෙය අපි short cut එකක් නිර්මාණය කිර්‍රිම මගින් සිදු කර ගනු ලබනවා.
පළමුවෙන්ම පරිගණකයේ skype ස්ථාපනය කර ඈති ස්ථානයට ගොස් එම folder 1 තුල ඈති  Phone යනුවෙන් නම් කර ඈති folder  එකෙහි path එක address bar 1 තුලින් copy කර ගනු ලබනවා.default path එක නම් මේ ආකාරයෙන් වනු ඈති C:\Program Files\Skype\Phone.ඉන්පසු short cut එක පිහිටුවිය යුතු ස්ථානයට  ගොස්  right click කර new>short cut තුලින් නව short cut එකක් ලබා ගන්න ඕනේ.

Run Multiple yahoo messenger on single machine-එක පරිගණකයක යාහූ මෑසෙන්ජර් කිහිපයක් ධාවනය කිර්‍රිම.

අපිට යාහූ ගිනුම් කිහිපයක් තියෙන විට අපගේ යාහූ මෑසෙන්ජරය මගින් ඒ සියල්ලම බලා ගන්නට ඈත්නම් කොතරම් හොදද නේද?මෙහිදී මා කියන්නට යන්නේ යාහූ මෑසෙන්ජර කිහිපයක් එකම පරිගණකය තුල ධාවනය කිර්‍රිම මගින් අපගේ ගෑටලුව නිරාකරණය කර ගෑනීමයි.
ඒ සදහා windows රෙජිස්ට්‍රිය edit කර යුතු වෙනවා.එම නිසා මෙය මදක් ප්‍රවේශමෙන් කල යුතු වෙනවා.
පළමුවෙන්ම Start>Run open කර එහි regedit යනුවෙන් සටහන් කර enter කරන්න.ඉන්පසු වින්ඩෝස් රෙජිස්ට්‍රිය open වේවි.එහි  HKEY_CURRENT_USER > Software > Yahoo > pager >Test වෙත ගිය විට පහත ආකාරයෙන් වින්ඩෝවක් ලෑබේ.

Sunday, June 13, 2010

FIFA WORLD CUP 2010 THEME SONG

අද වන විට අප හෑම දෙනා අතරම ෆිෆා උන්මාදය පෑතිර ගිහින්.මේ දවස් වල  මෙහි නිල ගීතයත් ගොඩක් 
ජනප්‍රිය වෙලා එය පහත යොමුව මගින් බාගත හෑකි අතර එහි පද ද මෙහි දක්වා ඈත.

Sunday, June 6, 2010

Streaming VLC --VLC වෑඩ කෑලි

Prograssive download කියන්නේ video එකක් බලන විට එහි ඉදිරි කොටස් download නොවී කෙලින්ම ගිහින් බලන්න නොහෑකි video වලට.නමුත්  Streaming download කියන්නේ video එක download වෙන්න කලින් අපිට අවශ්‍ය තැන් වලට ගිහින් ඒ video එක නරබන්න පුළුවන්videoes වලට .videoes වලට විතරක් ම නෙ‍මේ audio වලටත් මෙය පොදුයි.මේ Streaming ගති ගුණය Vlc media player 1ටත් තියෙනවා කියලා මම දෑනගත්තේ ලගදී.Vlc open කර ගන්නකෝ.Media >>Open Network Stream(CTR + N ) ගිහින් network stream open කර ගන්න.

Saturday, May 29, 2010

Mobile Tricks-මොබයිල් කෙරුම්

ඔබට අත්තේ Nokia 1600 ජංගම දුරකතනයක්ද එසේනම් මේ අංක type කර බලන්න.
*#5513#
*#5512#
*#5514#


යථා තත්වය ට පැමිණීමට *#5511#  type
කරන්න.

Friday, May 28, 2010

internet tricks- අන්තර්ජාල වෑඩ කිඩ

අපේ ipaddress එකෙන් අපි අපි ඉන්නා තැන හොයා ගන්න web ගැන අඩවියක්  ගැන තමය් දෑන් කියන්න හදන්නේ.run හි cmd type කර එහි ipconfig යන්න type කල විට අපගේ ipaddress දැක ගත හැකිය. එය මෙහි දැක්වෙනෙ  කොටසෙහි type කර search කරන්න.විස්තර එහි දක්නට ලැබේවි.

windows tricks -- වින්ඩොව්ස් ට්‍රික්ස්

ඔන්න වෙසක් සතියේ මං කියන්න යන්නේ තවත් වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්.මේක ගොඩක් අය නම් දන්නවත් ඇති නමුත් දන් නෑති  එක්කෙනෙකුට හරි වැදගත් වෙයි කියලා මං කියලා දෙනවා.windows වලදී මොකක් හරි ගොනුවක් මත right click කලාම send to කියලා මෙනුවක් ඔබ දැක තියෙනවා නේද?

එහි තිබෙන දේ අතරින් ගොනුවක් කෙලින්ම යැවිය හක්කේMy Documents වලට පමණයි.නමුත් අවශ්‍ය නම් එතැන ට අපි කැමති folder එකක් ලබා දීම කල හැකිය. ඒ සදහා ප්‍රථමයෙන් ම  system 1 hiden files visible කර ගත යුතු වෙනවා. ඒ සදහා My computer හෝ ඕනෑම  folder 1 open කර tools>Folder Options>view>show hidden files and folders click කර apply කර ගන්න.මේ ක්‍රමය windpws xp තුලදී ය. ඉන්පසු මෙන්න මේ විදියට යන්න ඕනේ.ඔබගේ os එක තිබෙන partition එක double click කරන්න ඒ කියන්නේ windows තිබෙන drive එක.Documents and Settings වල ඔබේ user account එක මත double click කරන්න.එහි SendTo ලෙස folder එකක් දක්නට ලැබේවි.

Sunday, May 23, 2010

How to connect Access Database into Java ---ජාවා වලට Access සම්බන්ධ කරන හැටි

අද නම් මං කියන්න යන්නේ ජාවා භාෂාව ටිකක් දන්න අය සදහා වැදගත් වන පාඩමක්. ඒ කියන්නේ ජාවා සදහා  access database 1 connect කර ගන්නේ කොහොමද කියලා.
 පළමුවෙන්ම අපි access database 1 හදා ගෙන ඉමු. microsoft access open කර ගෙන මෙන්න මේ පින්තූරයේ දක්වෙන ලෙස  new data base 1 හදා ගන්න ඕනේ.
 blank database click කර database 1ට නමක් දෙන්න .
 අපිට කෑමති නමක් දෙන්න පුලුවන් database 1 සදහා . MyAccessDatabase1 ලෙස මං දෙනවා.

Wednesday, May 19, 2010

Mobiola web cam for s60

ඔන්න තවත් වැදගත්  Software 1 ගැන තමයි මං අද කියන්න යන්නේ. මේකේ නම තමය්  Mobiola web cam S60 3rd  අපි ලග වෙබ් කැම් එකක් නැත්නම් මේ මෘදුකාංගය යොදා ගෙන අපේ ජංගම දුරකථනය වෙබ් කැම් එකක් ලෙස යොදා ගත  හැකිය. මේකට ජංගම දුරකථනයේ හා පරිගණකයේ  Bluetooth පහසුකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම්  Data cable එක හරි WiFi හරි යොදා ගන්නත් පුලුවන්.මේ software එක install කරන්න නම් අපේ ජංගම දුරකථනය  s60 3rd edition වෙන්න ඕනේ. මං හරියටම දන්නේ නෑ මේක කලින්  version වලටත් ඒ කියන්නේ s60 1st  සහ 2nd සංස්කරණ වලටත්  වැඩ කරනවද කියලා.කොහොම උනත් මෙන්න මේ දුරකථන වල නම් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ.

Tuesday, May 18, 2010

Sandha Mithuri vs Mozhi

මට මාර සින්දු 2 හම්බුනා.2 ම තිබ්බේ  You tu be එකේ.එකක් නම් අපි හැමෝම අහලා තියෙනවා.අනික නම් ගොඩක් අය අහලා නැතුව ඇති. කමක් නැ ඔන්න මං  2ම link එක දැම්මා බලන්නකෝ.මොකද්ද  ලස්සනම එක කියලා ඔයාලගේ අදහස කියන්න මං නම් කැමති සිංහල එකට තමයි.

සිංහල සිංදුව : සඳ මිතුරී.
ගායනය : කසුන කල්හාර.
ගී පද : අචල සොල්මන්.
සංගීතය :  Raj
Dir Amila G


Wednesday, May 12, 2010

A bug's Life



සුබ දවසක්.අද ඔබට මම කියන්න යන්නෙ අපුරු චිත්ර පටියක් ගැනයි. එය තමයි A bug's life .1998 නොවැම්බර් මස 25 තමය් මෙය නිකුත් කෙරුනේ. ඉතාම් ආකර්ශනීය චිත්රපටියක් ලෙස මෙය හැදින්විය හැකිය.



Tuesday, May 11, 2010

How to work with vlc media player

VLC මීඩියා ප්ලේයරය
අද මං මෘදුකාංගයක් ගැන කියලා දෙන්නය් යන්නේ. මේක අලුත් එකක් නම් නෙමේ නමුත් ගොඩක් අය මේකේ තියෙන වැදගත් වැඩ දන්නෙ නෑනේ. ඒ නිසා මං දන්න විදියට කියලා දෙන්නම්.මේක නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් ඒ නිසා මේක  ගොඩක් ඉක්මනින් ජනප්‍රිය උනා.VLC Media Player එකට අපි දන්න ගොඩක්  Media files ධාවනය කරන්න පුලුවන්. මේක අර වින්ඩෝස්  media player වගේ කරදරකාරයෙක් නම් නෙමේ. ඒ නිසයි ගොඩ ක් අය මේ මෘදුකාංගයට කැමති.


 කොහොමද මේක ස්ථාපනය කරන්නේ

ඉස්සෙල්ලම අපි මේ  Softawre එක පරිගණකයට ස්ථාපනය කර ගන්න ඕනෙනේ.ඉතින් මෙන්න ලින්ක්  එක.මේ  VLC වල නිල වෙබ් අඩවිය, මේකට ගියා නම් අලුත්ම සං ස්කරණය ලබා ගන්න පුලුවන්.


දැනට නම් අලුත්ම සං ස්කරණය තමය්  VLC 1.05.මේක  17.6 MB විතර  file එකක් අපේ ගොඩක් අයට Unlimited Internet නැති නිසයි එහෙම කිව්වේ. මෙන්න ඒකේ ලින්ක් එක.
 
මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි Portable Version එකක් තිබීම. ඒ කියන්නේ මේක  install නොකරම  භාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නේ  Pen Drive එකක දාගෙන ගිහින් උනත් සින්දු බලන්න පුලුවන්. මෙන්න ඒකේ ලින්ක් එක. 

මෙතනින් කෙලින්ම බාගන්න .(21MB)

දැන් කටිටිය ඒක  install කර ගන්න ඇති නේ නේද?  ඊට පස්සේ ඒක  Open කරාම මෙන්න මේ වගේ තමයි පේන්නේ.



Monday, May 10, 2010

About me

My name is Pubudu Nawarathna.I am 20 years old.This is my blog spot.Hence this day I'm going to post many technology informations,Technology learning lessons ,how to use software solutions and leisure time activities like movies and songs.So please join with me and learn something to your lives and also share your knowledge with others.