Pages

Tuesday, May 11, 2010

How to work with vlc media player

VLC මීඩියා ප්ලේයරය
අද මං මෘදුකාංගයක් ගැන කියලා දෙන්නය් යන්නේ. මේක අලුත් එකක් නම් නෙමේ නමුත් ගොඩක් අය මේකේ තියෙන වැදගත් වැඩ දන්නෙ නෑනේ. ඒ නිසා මං දන්න විදියට කියලා දෙන්නම්.මේක නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් ඒ නිසා මේක  ගොඩක් ඉක්මනින් ජනප්‍රිය උනා.VLC Media Player එකට අපි දන්න ගොඩක්  Media files ධාවනය කරන්න පුලුවන්. මේක අර වින්ඩෝස්  media player වගේ කරදරකාරයෙක් නම් නෙමේ. ඒ නිසයි ගොඩ ක් අය මේ මෘදුකාංගයට කැමති.


 කොහොමද මේක ස්ථාපනය කරන්නේ

ඉස්සෙල්ලම අපි මේ  Softawre එක පරිගණකයට ස්ථාපනය කර ගන්න ඕනෙනේ.ඉතින් මෙන්න ලින්ක්  එක.මේ  VLC වල නිල වෙබ් අඩවිය, මේකට ගියා නම් අලුත්ම සං ස්කරණය ලබා ගන්න පුලුවන්.


දැනට නම් අලුත්ම සං ස්කරණය තමය්  VLC 1.05.මේක  17.6 MB විතර  file එකක් අපේ ගොඩක් අයට Unlimited Internet නැති නිසයි එහෙම කිව්වේ. මෙන්න ඒකේ ලින්ක් එක.
 
මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි Portable Version එකක් තිබීම. ඒ කියන්නේ මේක  install නොකරම  භාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නේ  Pen Drive එකක දාගෙන ගිහින් උනත් සින්දු බලන්න පුලුවන්. මෙන්න ඒකේ ලින්ක් එක. 

මෙතනින් කෙලින්ම බාගන්න .(21MB)

දැන් කටිටිය ඒක  install කර ගන්න ඇති නේ නේද?  ඊට පස්සේ ඒක  Open කරාම මෙන්න මේ වගේ තමයි පේන්නේ.



දැන් සින්දුවක් අහන්න හරි බලන්න හරි ඕනේ නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ. උඩ මෙනු බාර් එකේ Media වලට ගිහින් Open Media ගිහින් අපිට ඕනේ  Media file එක ඕපන් කර ගන්න. මේක එක විදියක් විතරයි. ඕනේ නම් සින්දුවක් හරි ෆිල්ම් එකක් හරි තියෙන තැනකට ගිහින් ඒ  file එක ඇදගෙන ඇවිත්  VLC එකට අතහරින්න ඒ කියන්නේ Drag and Drop කරන්න .


 උපසිරැසි බලන හැටි 

අපි ෆිල්ම් එකක් බලද්දි අපිට ඒකේ  Subtitles තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා නේ.ඉතින් එහෙම උනාම අපි  Subtitle file එක කොහෙන් හරි බාගන්න ඕනේ.ඊට පස්සේ අපිට පුලුවන්  VLC Media Player එකෙන් ඒක  Run කරන්න.Subtitle file එක  .srt  හරි  text file එකක් හරි වෙන්න පුලුවන්.ඔනේ එකක්  VLC වල  Open වෙනවා.මං වෙන දවසක අපි කැමති විදියට subtitles හදන විදිය කියලා දෙන්නම් .

මෙනු බාර් එකේ හරි දැන් වාදනය වන  Media file එකක right click කරාම  එන පොප් අප් ලිස්ටි  එකේ Video---- Subtitle track ගියාම  එනවා  Open file dialog box එකක්.ඒකෙන් අපිට ඕනේ  file තෝරලා දුන්නාම්  Subtitle file එක  display වෙන්න ගන්නවා. 

 ඒ උනාට  සමහර  Subtitle files dispaly වෙන්නේ හරියට වචනය කියන තැන නෙමේ.ඉතින් එහෙම උනාම  Key board එකේ "G" සහ  "H" කියන යතුරු ඔබලා අපිට ඕනේ විදියට subtitle එක dispaly වෙන වේලාව වෙනස් කරන්න පුලුවන්. 

සමහර විට Audio එක  video එකට සමගාමීව  play වෙන් නැත්නම් යතුරු පුවරුවේ  "J" සහ "K" කියන යතුරු ඔබලා අපිට ඕනේ විදියට Audio එක paly වෙන වේලාව වෙනස් කරන්න පුලුවන්. 

Hot Key පහසුකම

VLC වල තියෙනවා හරි අපූරු පහසුකමක්. ඒ තමය්  Hot key Feature.ඒ කියන්නේ මේකේ ගොඩ ක් වැඩ key board එකේ keys වලින්  කර ගන්න හැකි වීම. මං කියන්නම් අපිට නිතරම ඕනේ වෙන  Hot keys ටිකක්.ඔක්කොම යතුරු බලා ගන්න ඔනේ නම් යන්න  tools –Preferences – Hot keys.
F = Full screen(පුලුල් තිරය)

N = Next media (ඊළග Media file එකට යෑමට )

P = Previous media (ඊළග පසු පස Media file එකට යෑමට )

B = Select Audio track (ධාවනය වන  Audio track එක  වෙනස් කිරීම )

E = Next Frame(ගොනුව  ධාවනය Frame එකෙන් Frame එකට )

C = Crop(ගොනුවෙන් කැමති ප්‍රමාණයක් කපා ඉවත් කර නැරඹීමට )



Goto Time පහසුකම


Volume Controll එකට යටින්  පොඩි Timer එකක් දැක ගන්න පුලුවන් මේක  click කලාම මෙන්න මේ Dialog box eka open වෙනවා 
දැන් අපිට ඕනේ වේලාව් සටහන් කරල GO Click කලාම  ඒ වේලාව තියෙන තැනට ඉක්මනින් යනවා.මේක නොතිබ්බා නම් අපිට  ඒ තැන හොය හොය යන්න වෙනවා නේ. 



ඒත් එක්කම අපිට  හඞ අඩු වැඩි කර ගන්න පුලුවන්  Mouse eke Scroll එක කරකවලා

No comments:

Post a Comment