Pages

Sunday, November 10, 2013

ස්වයංක්‍රීයව පරිගණකය ක්‍රියා විරහිත කරමු - Shutdown the Computer Automatically

ඔබ නිතරම පරිගණකය ආශිතව කටයුතු කරන්නෙක්ද? එසේ නම් නිතැතින්ම මේ ගැටළුව ඔබටත් ඇති වී ඇති. යම් දීර්ඝ කාලයක් ගත වන කටයුත්තක් සිදු කරමින් සිදු කරමින් සිටින විට හදිසියේම ඔබට ඉවතට යෑමට සිදු වේ. එහෙත් පරිගණකය ක්‍රියා විරහිත (shut down) කිරීමට ද නොහැකිය. එසේ නම් යම් කාලයක් තබා උදාහරණයක් ලෙස මඟින් පරිගණකය shut down කිරීමට තිබේ නම් අගනේ යැයි විටෙක ඔබට සිතෙන්නට හැකිය.

එසේ නම් කිසිදු අමතර මෘදුකාංගයක් භාවිතා නොකර batch script මඟින් එවැනි සරල application එකක් සකසා ගන්නා ආකාරය බලමු.මෙය windows 7 හි අත් හදා බලා ඇති නමුත් අනෙකුත් බොහෝ unix පද්ධති වලද ක්‍රියා කරනු ඇත. සමහර විටෙක widnows xp වල මෙය ක්‍රියා නොකරනු ඇති.
මුලින්ම Notepad එක open කර එය ඔබට කැමති නමක් යොදා අවසානයට .bat extension එක සහිතව save කර ගන්න.
e.g timer.bat

ඉන්පසු පහත කේතය copy කර එහි paste කර ගන්න. save කර ගැනීමෙන් අනතුරුව run කර බලන්න. shutdown වීමට අවශ්‍ය කාලය ලබා දී ඔබට ඉවතට යා හැක. ස්වයංක්‍රීයව එම කාලය අවසන් වීමෙන් පසුව පරිගණකය shut down වනු ඇත.
 :A   
  @ECHO off   
  TITLE Shutdown timer   
  COLOR 0e   
  ECHO by Pubudu Nawarathna   
  ECHO -------------------------------------   
  SET input=   
  SET /p input= Do you really need to shutdown(y/n):   
  @ECHO off   
  IF %input% EQU n goto A if NOT B   
  :B   
  ECHO Enter the time to shutdown...   
  set /p id=Enter time in seconds:   
  TIMEOUT /T %id% /NOBREAK   
  @ECHO off   
  TASKKILL /fi "username eq %username%" /fi "imagename ne explorer.exe" /fi "imagename ne cmd.exe" /fi "imagename ne sidebar.exe" /fi "imagename ne winlogon.exe" /im *   
  @ECHO off   
  cd C:\Windows\System32   
  shutdown /s /t 10   

මේ කේතය මඟින් සියළුම running process end කරන බැවින් ඔබට එසේ කිරීමට අවශ්‍ය නැත්නම් පහත පරිදි වෙනස් කම් කල හැකිය.
පහත සඳහන් කේතයේ යම් වෙනස් කම් කිරීම මඟින් ඔබටම සුවිශේෂී වූ timer එකක් සාදා ගත හැක.

 TASKKILL /fi "username eq %username%" /fi "imagename ne explorer.exe" /fi "imagename ne cmd.exe" /fi "imagename ne sidebar.exe" /fi "imagename ne winlogon.exe" /im *    

විශේෂයෙන් සඳහන් process හැර අනෙකුත් සියළුම process end කිරීම මේ මඟින් කරයි. නමුත් අපට බොහෝ විට අවශ්‍ය වන්නේ එක process 1 පමණක් end කර පරිගණකය ක්‍රියා විරහිත කිරීමයි. ඒ සඳහා command prompt එකේ tasklist යනුවෙන් type කර මේ අවස්ථාවේ run වන process පිළිබඳ විස්තරයක් ලබා ගත හැක. එයින් ඔබට කාලයකට පසු close කිරීමට අවශ්‍ය process එකේ නම copy කර ගන්න. උදාහරණයක් ලෙස chrome තෝරා ගමු. එය chrome.exe යනුවෙන් දිස් වනු ඇත. එය පමණක් close කර පරිගණකය shutdown කිරීමට අවශ්‍ය නම් මෙලෙස ඉහත කේතය වෙනස් කල යුතු වේ.

 TASKKILL /fi "username eq %username%" /fi "imagename eq chrome.exe" /im *    

ඔබට අවශ්‍ය වන්නේ වැඩසටහන force කිරිමකින් කෙසේ හෝ end කිරීමට නම් මෙලෙස කේතය වෙනස් කල යුතු වේ.

 TASKKILL /f /fi "username eq %username%" /fi "imagename eq chrome.exe" /im *    

අවසානයේ පහත පරිදි දිස් වනු ඇත.

 :A    
  @ECHO off    
  TITLE Shutdown timer    
  COLOR 0e    
  ECHO by Pubudu Nawarathna    
  ECHO -------------------------------------    
  SET input=    
  SET /p input= Do you really need to shutdown(y/n):    
  @ECHO off    
  IF %input% EQU n goto A if NOT B    
  :B    
  ECHO Enter the time to shutdown...    
  set /p id=Enter time in seconds:    
  TIMEOUT /T %id% /NOBREAK    
  @ECHO off    
  TASKKILL /fi "username eq %username%" /fi "imagename eq chrome.exe" /im *    
  @ECHO off    
  cd C:\Windows\System32    
  shutdown /s /t 10    

ඔබට අවශ්‍ය වන්නේ පරිගණකය hibernate කිරීමට නම් ඉහත සඳහන් කේතය වෙනුවට පහත කේතය යොදා bat file 1 සාදා ගෙන එය run කරන්න. එසේ නොමැති නම් මෙම කේතය පේළියෙන් පේළිය command prompt හි paste කිරීමද කල හැකියි.

 :A    
  @ECHO off    
  TITLE Hibernate timer    
  COLOR 0e    
  ECHO by Pubudu Nawarathna    
  ECHO -------------------------------------    
  SET input=    
  SET /p input= Do you really need to hibernate (y/n):    
  @ECHO off    
  IF %input% EQU n goto A if NOT B    
  :B    
  ECHO Enter the time to hibernate...    
  set /p id=Enter time in seconds:    
  TIMEOUT /T %id% /NOBREAK    
  @ECHO off    
  cd C:\Windows\System32    
  shutdown /h   


ඔබත් අත් හදා බලා යම් ගැටළුවක් වේ නම් කොමන්ට් එකක් දමන්න.

6 comments:

  1. puluwannam windows 7 security gana tikak kiyala denna.

    ReplyDelete
  2. මෙන්න මම හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනවා කම්පියුටර් එක අපිට ඕනි වෙලාවට ඔටෝ ඕෆ් වෙන විදිහට සෙට් කරන්න පුලුවන්...

    http://tmallinone.blogspot.in/2014/02/shutdown-pc-automatically-version-2.html

    ReplyDelete
  3. @tharindu one tharam amathara software thiyenawa. meka software use nokara karana widiya gena :) thanks for the comment
    @dinesh monawda oyata security gena dena ganna one

    ReplyDelete