Pages

Saturday, October 30, 2010

යතුරු පුවරුවේ යතුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට නැත්තේ ඈයි?-Why aren't the keys on a keyboard in alphabetical order?

අප කවුරුත් භාවිතා කරන පරිගණක යතුරු පුවරුවේ පමණක් නොවේ මීට වසර කිහිපයකට පෙර බහුලවම භාවිතා වූ තවමත් සුලු වශයෙන් භාවිතා වන යතුරු ලියනයේ පවා අකුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට නොමැති බව ඔයාලා දැකලා තියෙනවාද?දැකලා නැත්නම් ඔන්න බලාගන්නකෝ.

Sunday, October 17, 2010

ලිං ජලයේ කැල්සියම් ප්‍රථිශතය සොයමුද?- Determinatoin of calcium in well water sample

 පසු ගිය ලිපියෙන් අපි කථා කලේ වාහනයකින් පිටවන ඊයම් ප්‍රමාණය සෙවීම ගැනනේ.අද මම කියන්න යන්නේ අපේ පානය සදහා ගන්න හෝ එදිනෙදා වෑඩ කටයුතු කිරීමටට ජලය ලබා ගන්නා ලිං ජලයේ තිබෙන කැල්සියම් ප්‍රතිශතය සෙවීම ගැන. ජලයේ මෙසේ ඛනිජ වර්ගයක් දිය වී තිබීම හදුන්වන්නේ කඨිනත්වය ලෙසයි.ප්‍රධාන වශයෙන් කැල්සියම් හා මැග්නීසියම් වල ලවණ දිය වීම නිසා මෙම කඨිනත්වය ඈති වේ. කඨිනත්වයේ අවස්ථා කි.
1. තාවකාලික කඨිනත්වය -කැල්සියම් හා මැග්නීසියම් වල බයි කාබනේට ජලයේ දිය වීමෙන් ඇති වේ.
2. ස්ථිර කඨිනත්වය - කැල්සියම් හා මැග්නීසියම් වල සල්පේට හා ක්ලෝරයිඩ ජලයේ දිය වීමෙන් ඈති වේ.
තාවකාලික කඨිනත්වය නමේ තේරුමෙන්ම තාවකාලික වන අතර පහසු ක්‍රම මගින් ඉවත් කල හැක. ඒවා නම්

Saturday, October 16, 2010

වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම 2.-Determination of lead emission from motor vehicles part 2

ඊයම්  ද්‍රාවණය වී ඇති ඉහත සාම්පලයේ ඊයම් සොයා ගැනීම සදහා ක්‍රමයක් ලෙස එය අනුමාපනයක් මගින් හදුනා ගත හැකි ප්‍රතිකාරකයක් සමග ප්‍රතික්‍රියා කෙරේ. මේ අනුමාපනය සදහා කෙලින්ම Pb2+ යොදා ගත නොහැක. මන්ද යත් එය Redox ප්‍රතික්‍රියා වලට සහභාගී නොවීමයි. එය භෂ්මයක් සමග ප්‍රතික්‍රියා කල විට සාදන්නේ අවක්ෂේපයක්(Pb(OH)2) නිසා එමගින් අනුමපනයක් කල නොහැක.මේ නිසා කල හැක්කේ ඊයම් වෙනත් ද්‍රව්‍යයක් බවට හරවා එම ද්‍රව්‍යය මගින් ඊයම් සාන්ද්‍රණය සොයා ගැනීමයි. ‍ඒ සදහා Redox ප්‍රතික්‍රියා දක්වන Potassium Di-chromate සමග ප්‍රතික්‍රියා කරවා ඉතිරි (Cr2O7)2 ප්‍රමාණය අනුමාපනයක් මගින් හදුනා ගැනීමෙන් ඊයම් ප්‍රමාය සෙවිය හැකිය.

මෙහිදී මාධ්‍යය ආම්ලික හෝ භාශ්මික වීම ප්‍රතික්‍රියාව සදහා සුදුසු නැත.එම නිසා මාධ්‍යය උදාසීන කිරීමට NaOH යොදා ගනී. ආම්ලික මාධයේදී පහත ප්‍රතික්‍රියාව සිදු වී අවක්ෂේපය දියවී නැවත (Cr2O7)2- සෑදේ.
(Cr2O7)2- + H2O > 2(CrO4)2- +2H+ 
එසේ වීමෙන් සියලුම ඊයම් අවක්ෂේප නොවේ. මාධ්‍යය භාශ්මික වුවහොත් Pb(Oh)2 අවෂේපය සාදා ඊයම් එයටත් වැය වේ.එම නිසා මාධ්‍යය උදාසීන වීම වැදගත් ය. මෙහිදී NaOH යෙදීමේදී Pb(Oh)2 සෑදෙන නිසා pHඅගය නියතව තබා ගැනීමට ස්වාරක්ශක දාවණය යොදා ගනී 

Monday, October 11, 2010

වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම.-Determination of lead emission from motor vehicles

1940 න් පමණ පසු විද්‍යාඥයින් මෝටර් රථ එන්ජින් සදහා ඊයම් යෙදීම අරඹන ලදි. මෙයට හේතුව ඉන්ධන දහනය සුමට ආකරයෙන් සිදු නොවීම නිසා වාහන  වල knock වීම් සිදු වීමයි. එයට පිළියමක් ලෙස ඊයම් අඩංගු Tetra Ethyl Lead (TEL)යොදා ගෑනීමට හෑකි බව විද්‍යාඥයින් තේරුම් ගත්තේ ඊයම් සතු ගුණාංග කිහිපයක් නිසයි. ප්‍රධාන වශයෙන් ඊයම් TEL වල කාබන් පරමානුව සමග සහ සංයුජ බන්ධනයක් සාදයි. මෙයට හේතුව කාබන් හා ඊයම් අතර විද්යුත් සෘණතා වෙනස අඩු වීම්යි. එම නිසා මෙම සහසංයුජ බන්ධනය කෑඩී බිහි වන්නේ මුක්ත ඛණ්ඩක දෙකකි. මුක්ත ඛණ්ඩක යනු ඉතා අස්ථායි පරමාණු වේ.එම නිසා ඒවා උත්සාහ කරන්නේ කෙසේ හෝ ස්ථායි වීමටයි. මෙහිදී එන්ජිමේ උණුසුම හා පුළිගු වල ශක්තියෙන් TEL බන්ධනය කෑඩී එමගින් නිපදවන මුක්ත ඛණ්ඩක වලින් ඉන්ධනයේ දිගු හයිඩ්‍රෝකාබන් දාම වල බන්ධන බිද වෑටේ. එමෙන්ම ඉන්ධනයේ මෙම TEL සංයෝගය දිය වීමද වෑදගත් හේතුවකි එය යොදා ගෑනීමට.