Pages

Wednesday, May 12, 2010

A bug's Life



සුබ දවසක්.අද ඔබට මම කියන්න යන්නෙ අපුරු චිත්ර පටියක් ගැනයි. එය තමයි A bug's life .1998 නොවැම්බර් මස 25 තමය් මෙය නිකුත් කෙරුනේ. ඉතාම් ආකර්ශනීය චිත්රපටියක් ලෙස මෙය හැදින්විය හැකිය.



මෙහි අධ්යක්ෂනය John Lasseter හා Andrew Stanton ගෙනි. මෙය සම්මාන රැසක් දිනා ගෙන ඇති අතර ඔස්කා සම්මාන උලෙල සදහා නාම යෝජනා සදහා ද තේරුනි. එය පහත ලිපිනයෙන් බාගත හැක.(Torrent Download)

අපගේ කතා නායකයා වන්නේ Flick නැමති කුහුඹියායි.
රැලේ අන් අය මෙන් නොව වෙනස් ආකරයෙන් සිතන කෙනෙකු වන තම කංඞායමේ සුබ සෙත උදෙසා නව නිපැයුම් රැසක් කරනු ලබයි. නමුත් ඒවා අන් කිසිකු ගනන් නොගනී. රැලේ අය සිතන්නේ Flick යමක් කලහොත් එය විනාශයක මුල බවයි . කෙසේ වෙතත් මින් කිසිවකින් අධෛර්යට පත් නොවේ.
කංඞායම මේ වන විටත් පළගැටියන් සමූහයකගේ පාලනයට යටත්ව සිටී.
එනම් ඔවුන් රැස් කරන අහාර වලින් කොටසක් පළගැටියන්ට ලබා දීමයි. එසේ නොවුනහොත් කුහුඹින් මරා දමන බවට ඔවුන් තර්ජනය කරයි.

ශීත කාලය ලං වන විට විශාල අහාර තොගයක් රැස් කිරීමට කුහුඹින්ට හැකි විය. කෙසේ වුවත් Flick අතින් අත් වැරදිමකින් ආහාර විනාශ වේ.
ඉන් පසු මහත් කරදර වලට මුහුන පාන්න ට රැලට සිදුවේ. කුහුඹින්පාලනය කරනා Atta කුමරිය අවසානයේ පළගැටියන් හා සටන් කල හැකි පිරිසක් සොයා Flick ව පිටත් කරය්. මෙසේ පිටත් කරන්නේ Flick ගෙන් තවත් කරදර වලින් වැලකිමය්. අවසානයේ සර්කස් කන්ඞායමක් ද රැගෙන නැවත Flick පැමිනේ. Flick සිතන්නේ මොවුන් ඉතා ම දක්ස පිරිසක් බවය්.නමුත් එසේ නොවේ. දැන් ගැටලු රැසකි. අවසානයේ තම කංඞායම බේරා ගැනීමට Flick ට හැකි වේ ද? ඔබත් නරබන්න.

2 comments: