Pages

Friday, February 25, 2011

පරිගණක භාෂා - Computer Languages

            ඔන්න සෑහෙන කාලෙකින් ආව බ්ලොග් එක පැත්තෙ දැන් ලියන්නත් කාලෙ එච්චර නෑ.වැඩ වැඩ ඉවරයක් නෑ.කමක් නෑ පුලුවන් විදියට දිගටම ලියන්නම්කෝ.අද මම කියන්න යන්නේ පරිගණක භාෂා ගැන.ඒ ගැන ලියන්න හිතුවේ අපේ UOC අයටත් ඒක වැදගත් වෙයි කියලයි.

            ඉස්සෙල්ලම කියන්න ඕනෙනේ පරිගණකය කියන්නේ යන්ත්‍රයක් නේ.ඉතින් එයට මිනිසුන් හා ගනු දෙනු කිරීමට ක්‍රමයක් සෘජු ක්‍රමයක් නෑනේ.ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිසුන් හා මිනිසුන් අතර සන්නිවේදනය කරන ආකරයට කෙලින්ම අදහස් හුවමාරු කර ගන්න එයට තවමත් හැකියාවක් නෑ.මම තවමත් කියල කියන්නෙ මේ වන විට කෘතිම බුද්ධිය සහිත පරිගණක නිපදවීමට මිනිසා උත්සාහ ගනිමින් ඉන්නවානේ.සමහර විට ඒ කාර්යන් සාර්ථක විය හැකි නිසයි. මෙන්න මේ නොහැකියාව නිසා පරිගණකය හා සන්නිවේදනය කල හැකි ක්‍රමයක් ලෙස පරිගණක යෙදුම් (Computer Applications,Softwares)හදුන්වා දී තිබෙනවා.මේවා හරහා අපට පරිගණකය හා සම්බන්ධ වී අපගේ කටයුතු ඉටු කර ගත හැකි වී තිබේ.අප එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරගන්න සිංහල, ඉංග්‍රීසි වගේ භාෂාවක් භාවිතා කරනවා වගේ ඉහත කී යෙදුම් නිර්මාණය කිරීම සදහා යොදා ගන්නා මාධ්‍යය ලෙස පරිගණක භාෂාව(Programming Language) යොදා ගන්නවා. සරලව කිව්වොත් මෘදුකාංගයක් ලිවීම සදහා තමයි පරිගණක භාෂාවක් යොද ගන්නේ.මෙම භාෂාව මිනිසාගේ උවමනා හා අවශ්‍යතා සදහා කෘතිමව නිපදවා ඇති එකකි.



          අද වන විට පරිගණක භාෂා 3000ක් පමණ තිබෙනවා.එයින් කිහිපයක් ඉතා ජනප්‍රිය මට්ටමේ තිබෙනවා කිව්වොත් නිවැරදියි.පරිගණක භාෂා ඒවාගේ ක්‍රියාකාරීත්වය මත වර්ග කර තිබෙනවා.දැන් බලමු ඒවා මොනවාද කියලා.

1. Machine Language (යන්ත්‍ර භාෂාව)
1st Generation Languages(පළවෙනි පරම්පරාව) 

             පරිගණකය ක්‍රියාත්මක වන භාෂාව එනම් යාන්ත්‍රික 1 හා 0 යොදා ගන්නා භාෂාවක් ලෙස මෙය හෑදින්විය හැකියි.මෙය භාවිතා කිරීමට පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හොදින් අවබෝධ වී තිබිය යුතුයි.ඒ වගේම ලිවීම ඉතා අසීරු කටයුත්තක්.මෙයින් ලියා තිබෙන දෙයක් පහසුවෙන් තේරුම ගැනීමට නොහෑකියි. එම නිසා දෙවන පරම්පරාව හදුන්වා දෙන්නට ඇත.

2.Assembly language
2nd Generation languages(දෙවන පරම්පරාව)
Low Level Languages (පහල මට්ටමේ පරගණක භාෂාව)

යන්ත්‍ර භාෂාව වෙනුවට සරල ඉංග්‍රීසි වචන යොදා ගත හැකි ලෙස මෙය සකස් කර තිබෙනවා.මුල් එකට වඩා තරමක් ලිවීම පහසුයි.මයික්‍රොකොන්ට්‍රෝලර්ස් වල ලියන භාෂාවත් මෙයට සමනයි.මෙයින් ලිවීමට නම් යන්ත්‍ර භාෂාව ගැන යම් අවබෝධයක් තිබිය යුතු වෙනවා.මෙයින් ලියන කේතය භාෂා පරිවර්ථකයක්(Compiler) මගින් යන්ත්‍ර භාෂාවට හරවනු ලබනවා. 

3.High Level Programming Language.(උසස් මට්ටමේ පරිගණක භාෂාව)
3rd Generation(තුන් වන පරම්පරාව) 

 පහත් මට්ටමේ භාෂාව වෙනුවට මේ ඉහල මට්ටමේ භාෂාව හදුන්වා දී තිබෙනවා.මෙයි ක්‍රමලේඛනය අනික්වාට වඩා පහසුයි.ඉංග්‍රීසි භාෂාව යොදා ගෙන ඇති නිසා කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගත හැකි වෙනවා.එම නිසා අද වන විට වැඩියෙන් භාවිතා වෙනවා. 
උදාහරණ ලෙස Java, CoBOL Fortan, RPG, Basic, Algol, C, C++, Visual Basics 6.0 හදුන්වා දිය හැකියි.

4.Super High Level Programming Language.(ඉතා උසස් මට්ටමේ පරිගණක භාෂාව)
3rd Generation(හතර වන පරම්පරාව) 



තුන් වන පරම්පරවේ පරිගණක වලටත් වඩා ක්‍රමලේඛනය පහසු වී ඇත.මේවායෙදී කැපිටල් සිම්ප්ල් අකුරු භේද නැත.එනම් Case Insensitive ය.
උදාහරණ ලෙස SQL(Structured Query Language), SQL+, SQLP/L,LINC හදුන්වා දිය හැකියි. 

 දැනට වඩාත් ජනප්‍රිය වී ඇති භාෂා විවිධ ක්ෂේත්‍ර වලට මෘදුකාංග නිපදවීමට සදහා යොද ගනු ලබනවා. 

* මෙහෙයුම් පද්ධති (Operating Systems) සදහා  C,C++ 
* යෙදවුම් මෘදුකාංග (Application Softwares) සදහා Java, C++,C, C#.NET ,Visual Studio,Visual Basics,
*වෙබ් අඩවි නිර්මාණයට(Web Developing) HTML,XHTML,JAVASCRIPT,PHP,JSP,XML,VB Script,Ajax
*දත්ත සමුදාය කළමණාකරනය(Data Base Management) SQL,JAVA,C++
 *කෘතිම බුද්ධිය(Artificial Intelligence)සදහා ProLog, Java,C++,C#.Net, XML, 

4 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්,ඉදිරියටත් හොදටම කරගෙන යන්න.සුබ පතනවා ඔබට,

    ReplyDelete
  2. මේවායෙදී කැපිටල් සිම්ප්ල් අකුරු භේද නැත.එනම් Case Sensitive ය.machan meka chek karnna.

    ReplyDelete
  3. @ WINDOWS USUAL SOFTWARES AND FORUMS සමාවෙන්න වැරදීමක් ඔන්න හැදුවා.ස්තුතියි පෙන්වා දුන්නාට.

    ReplyDelete
  4. හොදයි සහෝදරයා.. දිගටම ලියන්න!

    ReplyDelete