Pages

Friday, March 4, 2011

වින්ඩොස් සදහා ජාවා පථ සකස් කිරීම(ස්ථිර ක්‍රමය) - Set Java Path for Windaws(permenent method)

       අද මම සූදානම් වෙන්නේ ජාවා පරිගණක භාෂවෙන් වැඩ කරන කොට කලයුතු දෙවන වැදගත් කටයුත්ත ගැන කියල දෙන්න.පලමු වැදගත් කටයුත්ත තමයි ජාවා tool kit (JDK tool kit) එක පරිගණකයට ස්ථාපනය කර ගැනිම.මෙන්න මේ ලිපිනයෙන් java tool kit 1 බාගත කර ගත හැකියි.ඉන් අනතුරුව මේ කියන කටයුත්ත කර ගැනීමෙන් අනතුරුව ඔබේ පරිගණකය ජාවා වලින් වැඩ කිරීමට හැකි තත්වයට පත් වෙනවා.මුලින්ම C drive එක තුල ඇති (ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය තිබෙන drive එකේ)ජාවා bin ගොනුවේ ලිපිනය ලබා ගත යුතුයි. ඔබේ මෙහෙයුම් පද්ධතිය windaws 7 නම් මෙහි දැක්වෙන ලිපිනය ලබා ගත හැකියි.C:\Program Files\Java\jdk1.6.0_23\bin
         දැන් පරිගණකයේ Mycomputer right click කර එන drop down list එකෙහි properties තෝරාගන්න. (Short cut key- Windaws + pause)


  
 ඉන්පසු මෙහි ඇති Advanced System Settings click කරන්න.

මීලගට එහි ඇති Enviorenment Variables click කරන්න

මෙම වින්ඩෝවේ System Variables හි ඇති path තෝරාගන්න.එය click කර edit කරන්න.

 මෙහි තිබෙන path එක කිසිම වෙනසකට ලක් නොකර එය අගට  ; එකක් දමන්න .ඉන්පසු අපි පෙරදී ලබා ගත් ජාවා බින් ගොනුවේ ලිපිනය මෙතැනට paste කරන්න.
             දැන් සියලුම වින්ඩෝ ok කරමින් වසා දමන්න.අපේ කටයුත්ත අවසානයි.එහි ප්‍රථිපල බැලීම සදහා windaws + R press කර RUN කොන්සෝලය ලබා ගෙන එහි cmd ලෙස type කරන්න.ඉන්පසු ලැබෙන comand promt එකෙහි javac යන්න කල විට මේ පරිදි දීර්ඝ තොරතුරු ලැබේ නම් අපි සියලුම දේ නිවැරදිව කර ඇති අතර අපේ පරිගණකය ජාවා සදහා සූදානම්.


1 comment: