Pages

Saturday, May 7, 2011

අපි නොදන්න පොටෝ කලාව-Easy photo method

      ඉතින් කොහොමද? සෑහෙන කාලෙකින් ආවා බ්ලොග් එක පැත්තේ.අද කොහොම හරි පෝස්ට් එකක් දාන්න ඔනේ කියල හිතුනු නිසයි මේ පැත්තේ ආවේ.මම අද ටිකක් වෙනස් මාතෘකාවක් කථා කරන්න කියලා අවේ.නමුත් මේ කියන කථාව බොහෝ දෙනෙක් දන්නවා ඇති.ඒත් දන්නේ නැති ගොඩක් දෙනෙක් ඉන්නවා තාමත්.ඒ නිසයි මම මේ ගැන ලියන්න හිතුවේ.



        මීට අවුරුදු කිහිපයකට කලින් අපිට ඡායාරූපයක් ගන්න ඕනෙ උනාම අනිවාර්යෙන්ම ස්ටුඩියෝ එකකට ගිහින් ඒකට සෑහෙන ගානක් වියදම් කරලා පොටෝ 3ක් විතර අරන් එන්න වුනා කියලා ඔයගොල්ලන්ට මතක ඇති.මම දන්න හැටියට දැන් රු.250-300 විතර යනවා.ඉස්සර අපි ගාව Digital Camera තිබ්බෙත් නෙ ජංගම දුරකථන තිබ්බෙත් නෑ.ඒ නිසා එහෙම ස්ටුඩියෝ එකකින් පොටෝ එකක් ගන්නවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑනේ.නමුත් දැන් තාක්ශණය දියුණු වෙලා අපි ගොඩක් දෙනෙක් ගාව මේ කිව්ව උපකරණ දෙකින් එකක් හරි තියෙනවා.ඉතින් ඉස්සර කලා වගේ ඇයි අපි තවත් ස්ටුඩියෝ වලට වැඩියෙන් ගෙවන්නේ.සල්ලි තියෙනවා නම් ඉතින් ප්‍රශ්ණයක් නෑ.නමුත් එහෙම හැමෝටම කරන්න බෑනේ.මේකට හොදම නියම විසදුමක් තියෙනවා.හදුනුම්පත් ප්‍රමාණයේ ඡායාරූප 8 පමණ ගන්න වැයවෙන්නේ රු 17-20 අතර ගණනක් පමණයි.අපිට ඕනේ වෙන්නේ පැහැදිලි පොටෝ එකක් ගන්න පුලුවන් උපකරණයක් ඒ කියන්නේ කැමරාවක් දුරකථනයක් වගේ දෙයක්.මේකෙන් විභේදනය වැඩි පොටෝ එකක් ගන්න පුලුවන් වීම ප්‍රමාණවත්.පොටෝ එක ගන්න කොට තනි පාටක් තියෙන හොදින් එලිය තියෙන පසුබිමක ගන්න ඕනී.ඇත්තටම වරක් දෙවරක් මේක කරලා පුරුදු වුනාම කරන ආකාරය තමන්ටම වැටහෙන්න පටන් ගන්නවව.පලවෙනි පාරම ඉතින් වැඩේ හරි‍යට එන්න නම් හොද දක්ෂයෙක් වෙන්න ඔනේ.ඊට පස්සේ අපිට ඔනේ වෙනවා අපේ සුපුරුදු photoshop මෘදුකාංගය.මෙහිදී පොටෝ එක එඩිට් කරන්න මහා දැනුමක් ඕනේ නෑ.කරන්න ඕනේ පොටෝ එක තමන්ට ඔනේ ප්‍රමාණයට crop කර ගැනීම ඒ කියන්නේ පාස්පෝට්,හැදුනුම්පත් ප්‍රමාණයේ වගේ සහ එහි ගුණාත්මක බව වර්ධනය කර ගැනීම එනම් brightness,colour,level,contrast  වගේ දේවල් නිවැරදිව සකස් කර ගැනීම වගේ දේවල් ටිකක් කරන්නේ කොහොමද කියල දැන සිටීම පමණයි.

       ඊට පස්සේ අපේ පොටෝ එක 3R සහ 4R යන photo papaer size දෙකෙන් එකකට දමා සකස් කර ගන්න ඕනේ.මේ දෙකේම මිල රු 20කට වඩා අඩුයී.අපිට ඔනේ පොටෝ ප්‍රමාණය මත මෙය තෝරා ගැනීම කරන්න වෙනවා.ඉන් පසු එය උපරිම ගුනාත්මක භාවයෙන් jpg එකක් විදියට save කරන්න ඕනේ.දැන් වැඩේ හරි මෙය පෙන් එකකට හරි වෙනත් ක්‍රමයකින් හරි අරන් ගිහින් ප්‍රින්ට් කර ගන්නයි ඊලගට ඕනේ.මෙය කරද්දූ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද සමහර පොඩි ස්ටුඩියෝ පොටො ප්‍රින්ත් කරන්නේ පොඩි printers වලින්.එහෙම තැනක් අපෙ වැඩේට හරි යන්නේ නෑ.ඔනේ වෙන්නේ මහා පරිමාණයෙන් පොටෝ මුද්‍රණය කරන්න පුලුවන් fuji printer 1 තියෙන ස්ටුඩියෝ එකක්.මම අහල තියෙන හැටියට ඒක රුපියල් කෝටියකටත් වඩ මිල වැඩී.ඔයාලට ඒක අදුන ගන්න අපහසු නෑ.ගොඩක් ලොකු උපකරණයක් ඒක.කාමරයක් පිරෙන්නම තියෙනවා.මම නිතරම යන්නේ කුරුණෑගල සිරිසර ස්ටුඩියෝ එකට.එතනින් අඩු මුදලට edit කර ගන්නත් පුලුවන් තමන් දන්නේ නැත්නම්.ඉතින් පොටෝ එක ප්‍රින්ට් කරන්න විනාඩි 20 විතර යාවි.වැඩෙත් ඉක්මන් ලාබයි පහසුයි.මට ගිය අවුරුද්දේ පොටෝ 30 පමණ ඔනේ උනා.විශ්ව විද්යාලයේ වැඩ වලට.ඔක්කොටම රු 200කට වඩා ගියේ නෑ.නමුත් මම යාලුවෙක්ගෙන් අහුවම එයා කිව්වෙ රු 1800 විතර ගියා කියලයි සාමාන්ය ක්‍රමයට.දැන් වෙනස තේරෙනවානේ.

2 comments:

  1. පුබුදු සහෝ, හොඳ ඉඟියක් දීල තියෙන්නෙ.
    මමත් කාලෙක ඉඳන් මේ වැඩේ කරනව..සෑහෙන ලාබයි වගේම අපිට ඕන හැටියට වැඩෙත් වෙනව නෙව!

    ReplyDelete
  2. මචෝ අපිට බඩේ පාර ගහන්න එපෝ!

    ReplyDelete