Pages

Wednesday, January 9, 2013

විශ්මිත මකුළු ලෝකය- Amazing Spider World


"පෘථිවිය" සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇතැයි සැළකෙන එකම ග්‍රහලොවයි. ජීවය ඇති වූයේ කෙසේද? එය පහදා දීමට විවිධ සිද්ධාන්ත බිහිවී තිබේ. කෙසේ නමුත් දැනට පිළිගන්නා අන්දමට පරිණාමවාදය මෙම සිද්ධාන්ත තුලින් ප්‍රමුඛ පෙළේ පිළිගැනීමක් ලබා ඇත. අප චාල්ස් ඩාවින් හට එහි ගරුත්වය ලබා දුන්නත් ඒ සඳහා තවත් හිමිකරුවෙක් ද සිටින අතර ඔහුටද එම ගෞරවය ලබා දිය යුතු බව අපි සිහියේ තබා ගත යුතු වෙනවා. ඔහු නමින් ඇල්ෆ්‍රඩ් රසල් වොලස් ය. 

Tuesday, January 8, 2013

Office 365-මොකද්ද මේ ඔෆිස් 365?

මේ ගැන කථා කරන්නට ප්‍රථමයෙන් අපි Cloud Computing ගැන මදක් විමසා බැලීම වැදගත්. Cloud Computing යනු සම්පත් (මෘදුකාංග හා දෘඩාංග ) සේවාවක් ලෙස ජාලයක් හරහා (උදාහරණ වශයෙන් අන්තර් ජාලය හරහා) ප්‍රයෝජනයට ගැනීමයි. 

Saturday, October 27, 2012

Diving through the Windows 8- වින්ඩෝස් 8

මයික්‍රොසොෆ්ට් හි නවතම වින්ඩෝස් සංස්කරණය ඊයේ(26) වනදා නිකුත් වුණා. එහි බීටා සංස්කරණයක් අත් හදා බැලීමට මටත් හැකි වුණා. ඒ සමඟම ඊයේ රාත්‍රියේ දී එය යාවත්කාලීන කර ගැනීමටද හැකියාව ලැබුණා.


Saturday, October 13, 2012

ජාවාස්ක්‍රිප්ට් වලින් රිජෙක්ස් - Introduction to Regular Expressions from Javascript

මොනවද මේ Regex නැත්නම් Regular Expressions කියලා කියන්නේ. පරිගණක භාෂාවක අප String Manipulation ලෙස හඳුන්වන වාක්‍ය ඛණ්ඩ සංවිධානාත්මකව හැසිරවීමේ රටාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. 

එනම් වාඛ්‍ය ඛණ්ඩ නැත්නම් Strings වල රටා හඳුනා ගෙන ඒවා අපට අවශ්‍ය කටයුතු වලට යොදා ගැනීම මෙහිදී සරල වශයෙන් සිදු කෙරේ. සරල පැහැදිලි කිරිමක් ගනිමු.

Thursday, August 16, 2012

ජාවාහි Singleton Objects ගැන දැන ගනිමු. What are Singleton objects in java programming language

                 අද කථා කරන්න යන්නේ ජාවා පාඩමක් පිළිබඳවයි. තරමක් දුරට ජාවා ගැන අවබෝධය ඇති කෙනෙක්ට මෙම ලිපිය වැදගත් වේවි. ඒ නැතත් බොහෝ සරල ලෙස පැහැදිලි කරන්නට උත්සාහ කරන්නම්. මේ සඳහා ඔබට OOP (Object Oriented Programming)පිළිබඳ තරමක් දුරට අවබෝධය අවශ්‍ය කරනවා. ජාවා දන්න බොහෝ දෙනෙක් OOP ගැනද දන්නවාට සැකයක් නෑ. ජාවාහි Object 1 යනු සත්‍ය ලෝකයේ වස්තුවකට සමාන කරන ලද වස්තුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට ගති ගුණ ( properties ) උදා වර්ණය, ප්‍රමාණය මෙන්ම හැසිරීම් ( behaviors ) ද තිබෙනවා. උදා: වස්තුව කාරයක් නම් කාරය ගමන් කරයි, කාරයේ රෝද කැරකෙයි. මෙම වස්තූන් විවිධ ලෙස හැසිරීමෙන් විවිධ ක්‍රියාකාරකම් කල හැකියි. ඔබ ජාවා වලට ආධුනිකයෙක් නම් ගැන වැඩි විස්තර මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකියි. 

Wednesday, July 11, 2012

ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස් අල(ර්)ට් - Free News alert to your mobile phone


ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter  ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක්   සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.