Pages

Saturday, October 27, 2012

Diving through the Windows 8- වින්ඩෝස් 8

මයික්‍රොසොෆ්ට් හි නවතම වින්ඩෝස් සංස්කරණය ඊයේ(26) වනදා නිකුත් වුණා. එහි බීටා සංස්කරණයක් අත් හදා බැලීමට මටත් හැකි වුණා. ඒ සමඟම ඊයේ රාත්‍රියේ දී එය යාවත්කාලීන කර ගැනීමටද හැකියාව ලැබුණා.


මගේ හැඟීම පරිදි මෙහි මෙට්‍රෝ අතුරු මුහුණත නම් ඉතා විශිෂ්ට ලෙස නිමවා තිබේ. නමුත් 7 හා සංසන්දනය කරන විට ස්ටාර්ට් මෙනු එකේ වලට පහසුවෙන් යෑමට ක්‍රමයක් නැති වීම තරමක් අපහසුතාවයකි. කෙසේ නමුත් මෙය නිපදවා ඇත්තේ Touch Screen පරිගණක සඳහා නිසා මෙය අඩු පාඩුවක් යැයි කිය නොහැකිය. වේගය ගැන යමක් කියන විට එය On වීමට ගත වන්නේ තප්පර 5ත් 12ත් අතර කාලයකි. එමෙන්ම සියළුම වැඩසටහන් ඉතාම කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වේ. 7 වල තිබූ Transparency  ලක්ෂණය මෙහි ඉවත්  කර ඇත. ඒ වෙනුවට Mat look එකක් ලබා දී ඇත්තේ වේගය නියමිත ලෙස පවත්වාගෙන යාමටයි.වර්ණ සංකලණය ඉතාම නිවැරදි ව කර ඇති බව මගේ හැඟීමයි. Picture Passwords වැනි නවතම පහසුකම් මෙයට එකතු කර ඇත.

metro interface - start menu

අප කවුරුත් අකමැති internet explorer සඳහා full screen ලබා දී තරමක් වෙනස් කර ඇත. ක්‍රෝම් හා තරඟ කිරීමට මෙයට හැකි වේ දැයි ඉදිරි කාලයේදී බලා ගත හැකි වනු ඇත.මගේ අදහස නම් තරගයේ වැඩි ජය ක්‍රෝම් හා ඇති බවයි. Unlimited Internet Connection ඇති කෙනෙක් හට ඉතාම ඵලදායි මෙහෙයුම් පද්ධතියක් යැයි කිව හැක. මක් නිසාද යත් මෙය නිපදවා ඇත්තේ මුළුමනින්ම අන්තර්ජාලයේ පවතින මෙට්‍රො වැඩ්සටහන් සමඟ සමඟ ගනු දෙනු කිරීමටයි. ඉදිරියෙදී සාමාන්‍ය වැඩසටහන් වලට වඩා මෙට්‍රෝ සමඟ ගනු දෙනු කිරීමට පරිශීලකයාට අවස්ථාවක් ලබා දීමට මයික්‍රොසොෆ්ට් සැරසෙන බව නිගමනය කල හැක.

PC Settings Background

Starting Metro App Store

Metro app Store

Installing Metro App

Internet Explorer 8

Skype Metro

Media Player

Bing Search Engine

හොඳ හෝ නරක කෙසේ වෙතත් අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙය නවමු අත්දැකීමක් වන් ඇති බවයි. ඒ නිසා ඔබත් මේ අත්දැකීම විඳ ගැනීමට අවස්ථාවක් ලබා ගන්න.

පහත ගොනු ඔස්සේ windows 8 ලබා ගත හැක.
මිලදී ගැනීමට

බීටා සංස්කරණය
64 bit (x64)
32 bit (x86)


2 comments:

  1. mekath patta wage

    menna internet eken salli hoyanna kemathi ayata patta site ekak. dawasata $1k sure. dawas 20n $20k cash out kaeanna.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete