Pages

Tuesday, September 24, 2013

මොකද්ද මේ Leap Motion?

ඔබ පරිගණකය සමඟ නිතර ගණු දෙණු කරන්නෙක්ද? මවුසය හා කී බෝඩය මේ වන විට ඔබට එපා වී තිබෙනවාද? එසේ නම් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි උපාංගයක් ගැනයි. මේ උපාංගය සමඟ එන පරිගණකයක් ද සමාගම පසුගිය දා හඳුන්වා දුන්නා. එම වීඩියෝව පහලින් ඔබට නරඹන්න පුළුවන්. මෙම තාක්ෂණය හඳුන්වන්නේ Leap Motion ලෙසයි. ඇමෙරිකාවේ Motion Control සමාගම විසින් හඳුන්වා දී ඇති මේ නව තාක්ෂණය සමඟින් ඔබට මවුසයක් භාවිතයෙන් තොරව පරිගණකය හා ගණු දෙනු කල හැකි. මෙම තාක්ෂණයට ඔබගේ අතෙහි චලන ඉතා නිවැරදිවා හඳුනා ගත හැකි අතර එමඟින් හිස් අවකාශය තුල ඔබ දක්වන ත්‍රිමාන චලන මඟින් පරිගණකයට විධාන ලබා දීම කල හැකි. මෙම උපාංගය Kinect උපාංගයකට වඩා වෙනස් වේ. මඟින් මුළු සිරුරේම චලන ලබා ගැනීමට හැකි අතර මෙමඟින් අතෙහි චලන පමණක් හඳුනා ගනී.

අධි සංවේදී තාක්ෂණික උපාංගයක් වන මෙය මීට කලින් වෙනම උපකරණයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවා. නමුත් මෑතක සිට එය පරිගණක වලට Built-In පහසුකමක් ලෙස හඳුන්වා දී තිබෙනවා. මෙය පරිගණකයේ ඉදිරි ගමන් මඟ වෙනස් කරන නව නිපැයුමක් ලෙසයි හඳුන්වා දී තීබෙන්නේ. ඒ පිළිබඳ තැනූ වීඩියෝව පහතින් නරඹන්න.


මූලාශ්‍ර:



3 comments: