Pages

Thursday, August 16, 2012

ජාවාහි Singleton Objects ගැන දැන ගනිමු. What are Singleton objects in java programming language

                 අද කථා කරන්න යන්නේ ජාවා පාඩමක් පිළිබඳවයි. තරමක් දුරට ජාවා ගැන අවබෝධය ඇති කෙනෙක්ට මෙම ලිපිය වැදගත් වේවි. ඒ නැතත් බොහෝ සරල ලෙස පැහැදිලි කරන්නට උත්සාහ කරන්නම්. මේ සඳහා ඔබට OOP (Object Oriented Programming)පිළිබඳ තරමක් දුරට අවබෝධය අවශ්‍ය කරනවා. ජාවා දන්න බොහෝ දෙනෙක් OOP ගැනද දන්නවාට සැකයක් නෑ. ජාවාහි Object 1 යනු සත්‍ය ලෝකයේ වස්තුවකට සමාන කරන ලද වස්තුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට ගති ගුණ ( properties ) උදා වර්ණය, ප්‍රමාණය මෙන්ම හැසිරීම් ( behaviors ) ද තිබෙනවා. උදා: වස්තුව කාරයක් නම් කාරය ගමන් කරයි, කාරයේ රෝද කැරකෙයි. මෙම වස්තූන් විවිධ ලෙස හැසිරීමෙන් විවිධ ක්‍රියාකාරකම් කල හැකියි. ඔබ ජාවා වලට ආධුනිකයෙක් නම් ගැන වැඩි විස්තර මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකියි. 

Wednesday, July 11, 2012

ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස් අල(ර්)ට් - Free News alert to your mobile phone


ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter  ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක්   සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.

Monday, July 9, 2012

Youtube වීඩියෝ mp3 ලෙස බාගැනීම. Download youtube video as mp3


බොහෝ විට අපට youtube වෙබ් අඩවියේ ඇති වීඩියෝ පටයක ඕඩියෝ කොටස පමණක් ලබා ගැනීමට සිදු වන අවස්ථා තිබෙනවා.
උදාහරණ ලෙස ගීතයක් mp3 ලෙසින් ලබා ගැනීමට අවශ්‍ය විට
video එකක් mp3 ලෙස convert කර ගැනීමට අවශ්‍ය වූ විට

Wednesday, June 13, 2012

ගූග්ල් ක්‍රෝම් ප්ලගින්ස් - Google Chrome plugins (Extensions)

2008 දී හඳුන්වා දුන් Google Chrome දැන් බොහෝ ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක් බවට පත් වෙලා අවසන්. මයික්‍රොසොෆ්ට් නිෂ්පාදනයක් වූ Internet Explorer සඳහා හොඳ තරඟයක් මෙයට ලබා දෙන්නට හැකි වී තිබෙනවා. අද මම ඉදිරිපත් කරන්නේ ක්‍රෝම් හි සුවිශේෂී අතුරු වැඩසටහන් (plugins) කිහිපයක්. මේවා ගොඩක් අය දැනටමත් භාවිතා කරන ඉතාම ප්‍රසිද්ධ වැඩසටහන්. නමුත් නොදන්නා අයට වැදගත් යැයි හිතුණු නිසා මේ ගැන ලිපියක් ලියන්න හිතුණා.

Saturday, March 3, 2012

තමන් විසින් තමන්වම කැඳවීම හෙවත් Recursive Algorithms


එදා මට Recursive Algorithms වල හොඳ උදාහරණයක් මඟ ඇරුනා. ඒ නිසා මේ එක ලිව්වේ ඒ උදාහරණය ගැන කියන්න. මේ වෙද්දිත් කාට හරි මේ Algorithms වර්ගය ගැන පොඩි හරි අවුලක් තියෙනවා නම් මේක කියෙව්වම ඒක නිරාකරණය වෙලා ඕනෙම අමාරු ගානක් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒ නිසා කොතරම් කාර්ය්‍ය බහුල උනත් විනාඩි 10කින් මේක ලිව්වේ.

Tuesday, December 6, 2011

How to use Batch scripts2- බැච් විධාන භාවිතය2.


අද මම ගිය වර ලිපියේ ඉතිරි ටික ලියන්න තමයි සූදානම් වෙන්නේ. කලින් ලිපියෙන් මම කියල දුන්නා Batch Scripts වල මූලික කරුණු කිහිපයක්. අද ලිපියෙන් තව කරුණු කිහිපයක් ඉගෙන ගනිමු.
මුලින්ම බලමු Format කරන්න බැරි Pen Drive එකක් Format කර ගන්නා ආකාරය