Pages

Tuesday, December 6, 2011

How to use Batch scripts2- බැච් විධාන භාවිතය2.


අද මම ගිය වර ලිපියේ ඉතිරි ටික ලියන්න තමයි සූදානම් වෙන්නේ. කලින් ලිපියෙන් මම කියල දුන්නා Batch Scripts වල මූලික කරුණු කිහිපයක්. අද ලිපියෙන් තව කරුණු කිහිපයක් ඉගෙන ගනිමු.
මුලින්ම බලමු Format කරන්න බැරි Pen Drive එකක් Format කර ගන්නා ආකාරය



1. මුලින්ම Pen Drive එක පරිගණකයට සම්බන්ධ කර ගන්න
2. Coammand Prompt විවෘත කර ගන්න.
3. මෙසේ Type කරන්න

Format [space] [Volume Letter] [colan] /Q
උදාහරණයක් ලෙස J නැමැති Drive එක Format කිරීමට අවශ්‍ය යැයි සිතන්න. එවිට මෙසේ ලබා දිය හැක.
format j: /q
Q යනුවෙන් ලබා දෙන විධානය වන්නේ Quick Format එකක් කරන්න යනුවෙනි. මෙය අත්‍යවශ්‍යම නැත.
format j:
ද ප්‍රමාණවත් වේ.
නමුත් සමහර අවස්ථා වලදී Pen Drive එක Full Format එකක් කිරීමට අවස්ථාව ලබා නොදේ.
4. දැන් පහත පණිවිඩය දිස් වේවි. ඉන්පසු Enter ඔබන්නසියල්ල හොඳින් නම් දැන් ඔබගේ Pen Drive එක Format වීම අරඹයි.

"Insert new dis for drive j"
and press ENTER when ready........."

නමුත් එසේ නොවුනහොත් මේ රූපයේ සඳහන් පරිදි Pen Drive එක Unmount කිරීමට අවශ්‍ය බවට පණිවිඩයක් ලැබෙවි.

"Format cannot run because the volume is in use by another process. format may run if this disk dismounted first. Would you like to force a dismount on this volume (y/n)"

එසේ ආවිට එය "y" type කර අනුමත කරන්න.

නැතිනම්
format j: /x
ලෙස ලබා දෙන්න.
දැන් ඔබේ Pen එක Format වීම අරඹයි. එය අවසන් වූ විට එහි Label Name එකට සුදුසු නමක් දී ලබා දීමෙන් කාර්‍ය අවසන් වේ.



මීලඟට අපි බලමු වෙනත් විධාන කිහිපයක් හා ඒවා වැදගත් වන ආකාරය.

1. Dir
මෙයින් කරන්නේ යම් ගොනුවක්(Folder) හෝ Drive එකක් තුල පිහිටි සියලු අනුගොනු හා files වල විස්තර ලබා දීමයි
dir C:
ලෙස ලබා දීමෙන් C drive එක මත ඇති files වල විස්තර ලබා ගත හැකියි.
dir c:\windows
ලෙස ලබා දීමෙන් C හි windows folder එක මත ඇති files වල විස්තර ලබා ගත හැකියි.
2. cls
මෙයින් කරන්නේ command prompt window එක clear කර ගැනීමයි.

3 ipconfig
මින් අපගේ local ip address එක ලබා ගත හැකියි.

4. date
මෙහිදී පරිගණකයේ දිනය ලබා දේ. එය වෙනස් කිරීමට ද අවස්ථාව ලබා දෙන අතර එය පහත සම්මතයට අනුව ලබා දිය යුතුය.( මාසය - දිනය- වසර )
(mm-dd-yy)

5. time
මෙහිදී පරිගණකයේ වේලාව ලබා දෙන අතර එය වෙනස් කිරීමටද අවස්ථාව ලබා දේ.

6. shutdown /s
මෙම විධානය ඉතා වැදගත් වේ. මින් සිදුවන කාර්ය්‍ය අමුතුවෙන් කිව යුතු නැත. සමහර පරිගණක වල මෙය ක්‍රියාත්මක වන්නේ නැත.මන්ද යත් ඒවායේ Default එක වශයෙන් Syste32 හැර වෙනත් එකක් ලබා දී තිබිය හැක.එනිසා පළමුවෙන්ම එක ලබා දිය යුතුය.

පරිගණකය යම් වේලාවකට පසු shutdown කිරීමට අවශ්‍ය නම්
shutdown /s /t [time]
ලබා දිය හැක.
උදාහරණයක් ලෙස තප්පර 150කින් shutdown වීමට අවශ්‍ය නම්
shutdown /s /t 150
ලෙස ලබා දිය හැක.
මෙහි /s වෙනුවට /r යෙදීමෙන් restart කල හැක.
shutdown /r /t 150

එවිට තප්පර 150කින් වනු ඇත.
shutdown /a
යෙදීමෙන් මෙම shutdown වීම හෝ restart වීම නවතා දැමිය හැක.(Abort the mission).

7. logoff
පරිගණකය logoff කල හැක.

8. md
make directory යනුවෙන් හැඳින්වෙන මෙයින් නව Folders සෑදිය හැක.
නව ගොනුව සෑදිය යුතු ස්ථානයට ගොස්
md [folder name]
ලෙස ලබා දීමෙන් නව ගොනුවක් සාදා ගත හැක.
උදාහරණයක් ලෙස F drive එකේ  MyFolder යනුවෙන් folder එකක් සෑදීමට අවශ්‍ය නම්

f:
md MyFolder
ලෙස ලබා දිය හැක.

9. rd
මෙය ඉතාම සැලකිල්ලෙන් යොදා ගත යුතු විධානයකි. ඇසිල්ලකින් මෙයට ඔබගේ පරිගණකයේ Drive එකක් මුළුමනින්ම delete කල හැක.එයට ගත වන්නේ තප්පර කිහිපයක් වන අතර කිසිම දැනුම් දීමකින් තොරව මේ හරහා ඕනෑම ගොනුවක් හිස් කල හැක. එනිසා මම හිස් folder එකක් පමණක් delete කරන ආකාරය කියා දෙන්නම්. මෙය ඕනෑම තැනක folder එකක් delete කිරීමට යොදා ගත හැකි අතර ඔබ මෙයින් වයිරසයක් හැදුවහොත් මහත් විනාශයක් කල හැකි බැවින් වැඩි විස්තර ඔබ විසින්ම සොයා ගන්නා ලෙස කියමි. Delete කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් rd [folder name]
ලෙස ලබා දෙන්න.එවිට හිස් folders පමණක් delete වනු ඇත.

මෙම ලිපියේ තවත් පියවරක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment