Pages

Wednesday, June 13, 2012

ගූග්ල් ක්‍රෝම් ප්ලගින්ස් - Google Chrome plugins (Extensions)

2008 දී හඳුන්වා දුන් Google Chrome දැන් බොහෝ ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක් බවට පත් වෙලා අවසන්. මයික්‍රොසොෆ්ට් නිෂ්පාදනයක් වූ Internet Explorer සඳහා හොඳ තරඟයක් මෙයට ලබා දෙන්නට හැකි වී තිබෙනවා. අද මම ඉදිරිපත් කරන්නේ ක්‍රෝම් හි සුවිශේෂී අතුරු වැඩසටහන් (plugins) කිහිපයක්. මේවා ගොඩක් අය දැනටමත් භාවිතා කරන ඉතාම ප්‍රසිද්ධ වැඩසටහන්. නමුත් නොදන්නා අයට වැදගත් යැයි හිතුණු නිසා මේ ගැන ලිපියක් ලියන්න හිතුණා.



1. LK TIPS
ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වූ මෙය ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක අවශ්‍යතාවය සපුරනවා. බ්‍රව්සරයේ දිස් වන ඉංග්‍රීසි වචනයක් වෙතට මූසිකය (mouse pointer) ගෙන ගිය විට එහි සිංහල තේරුම දිස් වෙනවා. ඉතාම වැදගත් වැඩසටහනක් ලෙස සැලකිය හැකි අතර වෙනත් ශබ්දකෝෂ වෙත ගොස් තේරුම් බැලීමට ගත වන කාලය අඩු කර ගත හැකියි.මේ ලිපිනයෙන් මෙය බාගත කල හැකියි.

2. IE TAB
විවිධ වෙබ් අඩවි වලදී සමහර විට ඒවා නිසි ආකාරයෙන් බැලීමට Internet Explorer  අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස ගත ActiveX controls හැකියි. මෙයට පිළියමක් ලෙස Internet Explorerහි ටැබ් එකක් ක්‍රෝම් මත මෙමඟින් විවෘත කර ගත හැකියි.බාගත කරන්න.

3. TURN OFF THE LIGHT
වෙබ් අඩවියකට ඇති Video එකක් පසු බිම අඳුරු කොට තාත්වික ලෙස නැරඹීමට මෙය යොදා ගත හැක. මෙය ස්ථාපනය කල පසු ඕනෑම් Video පටයක්( උදා Youtube.com) වෙතට යන්න. ඉන්පසු ක්‍රෝම් හි address bar එකේ ඇති Bookmark සලකුනට වම් පස මතුවී තිබෙන බල්බය ක්ලික් කර බලන්න වෙනස.බාගත කරන්න.

4. AD BLOCK
වෙබ් අඩවියක ඇති වෙළඳ දැන්වීම ඉවත් කර දෙයි. බාගත කරන්න.

5. GOOGLE READER
අපි follow කරන ලද බ්ලොග් අඩවි වල ලිපි එකම තැනක සිට කියවීමට මෙය සහය දෙන අතර තවත් විවිධ ලිපි කියවීමටත් කර save තබා ගැනීමටත් අවස්ථාව  ලබ දෙයි. බාගත කරන්න.

6. facebook ලොග් වී නොමැති විට Notifications හා Messages බ්ව්සරය මත දිස් වේ. බාගත කරන්න.

7. PANIC BUTON
අන්තර්ජාලයේ බොහෝ වේලා කටයුතු කරන විට විශාල ටැබ් ගණනක් විවෘතව තබා ගැනීමට සිදු වන අවස්ථා බොහොමයි. මෙමඟින් එම ටැබ්ස් සැනින් ඉවත් කිරීමටත් නැවත ලබා ගැනීමටත් හැකියි. මෙය බාගත කරගෙන ටැබ්ස් විශාල ගණනක් විවෘතව තිබෙන එකට දකුණින් තිබෙන Panic button එක ක්ලික් කරන්න.

මීට අමතරව තවත් බොහෝ plugins මෙම ලිපිනය ඔස්සේ බාගත හැකියි.

3 comments:

  1. ෂා...නියම පොස්ට් එකක්....... දිගටම ලියන්න...ඔබට ජය....

    ReplyDelete
  2. ඔහොම යන් පුබුදු! ජය වේවා!

    ReplyDelete