Pages

Tuesday, August 20, 2013

Twitter Bootstrap

ඔබ වෙබ් අඩවි නිර්මාපකයෙක් නම් ඔබ දැනටමත් මේ පිළිබඳව දන්නවා ඇති. ඉතා ඉක්මනින් වෙබ් අඩවියක අතුරුමුහුණත් වලට ආකර්ශණීය පෙනුමක් මේ ලබා දිය හැකි Tool Kit  එකක් ලෙස මේ Twitter Bootstrap හැඳින්විය හැකියි.





මෙය ඉතා ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් වන twitter වෙබ් අඩවියේ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු වන Mark Otto හා Jacob Thornton ගේ නිර්මාණයක් වන අතර මෙය HTML හා CSS යොදා ගෙන වැඩි දියුණු කර ඇති බෙහෙවින් කාර්යක්ෂම කේත පද්ධතියකි. මූලික වශයෙන් මෙය twitter වෙබ් අඩවියේ අතුරුමුහුණත් වැඩි දියුණු කිරීම සඳහා යොදා ගන්නා උසස් මට්ටමේ පද්ධතියක් ලෙස ද හැඳින්විය හැක.

පහත යොමුව ඔස්සේ මේ කේත පද්ධතිය ඔබට බා ගත හැකි අතර ඒ සඳහා විස්තරාත්මක උපදෙස් මාලාවක් ද සපයා ඇත.

මෙය නවීන උපක්‍රම යොදා ගෙන යොදා ගෙන වැඩිදියුණු කර තිබෙන අතර මෙමඟින් විචිත්‍ර අකුරු රටා, forms, buttons, වගු ආදී සියළුම දේ පහසුවෙන් නිර්මාණය කල හැක.

මෙය CSS යොදා ගෙන නිර්මාණය කර තිබුණත් සාමාන්‍ය CSS හරහා ලබා ගත නොහැකි කාර්‍යක්ෂමතාවයක් හා නම්‍යශීලී බවක් ලබා දී ඇත.එමෙන්ම පරිශීලනය පහසු කරන පහසුකම් රැසක්ම ලබා දී ඇත. Bootstrap යොදා ගෙන ඔබේ වෙබ් අඩවියත් පහසුවෙන් අඩු කාලයකින්  නිර්මාණය කර ගත හැකිය.

මූලාශ්‍ර : https://dev.twitter.com/blog/bootstrap-twitter

No comments:

Post a Comment