Pages

Tuesday, August 30, 2011

How to use Batch scripts- බැච් විධාන භාවිතය.



ගොඩක් කාලෙකින් නේද?  ඔන්න ඊයේ තමයි කැම්පස් එකේ විභාගේ ඉවර උනේ.අද ඉතිං බ්ලොග් එක පැත්තේ ආවා.
විභාග මානසිකත්වය නිසා මට දැන් ලියන්න දෙයක් හිතෙන්නෙත් නෑ.නමුත් මම අද කෙටියෙන් විස්තර කරන්නම් එදිනෙදා පරිගණක කටයුතු වලදී අපට අවශ්‍ය වෙන batch script  ගැන.මම අද මේ batch scripts ක්‍රියා කරන ආකාරය විස්තර කරන්නේ නෑ.වෙන දවසක එය කරන්නම්. මූලික වශයෙන් සියලුම විධාන AUTOEXEC.BAT  යන ගොනුව හරහා execute (විධාන ක්‍රියාවට නැගීම)වීමෙනුයි මෙය සිදු වන්නේ.සැ.යු. මෙය ක්‍රියා කරන්නේ windows මෙහෙයුම් පද්ධතියේ පමණි.



මීට දශක කිහිපයකට(3)කට ඉහත හඳුන්වා දුන් MS-DOS මෙහෙයුම් පද්ධති වල ග්‍රාපික පරිගණක අතුරු මුහුණතක්(Graphical User Interface /GUI ) නොතිබූ අතර පරිගණකය හා ගනු දෙනු කල හැකි වූයේ මේ batch විධාන හරහාය.එය Command line interface  යනුවෙන් හදුන්වන පරිගණක විධාන පරිසරය තුල ක්‍රියාත්මක විය. අද හඳුන්වා දී ඇතත් පරිගණක මෙහෙයුම් පද්ධතිය  සමඟ සෘජුව ගනුදෙණු කල හැකි ක්‍රමයක් ලෙස තවමත් භාවිතා කෙරේ. එදිනෙදා කටයුතු වලදී අපට මෙම විධාන බොහෝ වැදගත් වේ.ඉන් කිහිපයක් අද විස්තර කරන්නම්.


මුලින්ම command prompt එක විවෘත කර ගත යුතුයි.ඒ සඳහා ක්‍රම කිහිපයක්ම තිබෙන අතර පහසුම ක්‍රමය  මෙහි විස්තර කර ඇත.windows key හා R එක වර තද කරන්න එවිට Run Console විවෘත වන අතර එහි CMD ලෙස type කර enter ඔබන්න.

සමහර අවස්ථා වලදී අපගේ ජංගම දත්ත හුවමාරු උපකරන (pen drives/flash drives/portable hard disks) නිසි ලෙස ක්‍රියා නොකරයි.සමහර විට විවිධ හේතු ඊට තුඩු දිය හැකියි.උදාහරණයක් ලෙස ඒවා open නොවන විට එහි දත්ත පරිගණකයට copy කර ගන්නේ කෙසේද යයි බලමු.මෙය කිරීම සඳහා pen එක පරිගණකය විසින් හඳුනා ගෙන තිබිය යුතු අතර සමහර වයිරස නිසා එය විවෘත කර ගත  නොහැකි වැනි අවස්ථා වලදී මෙය භාවිතා කල හැක.

මේ සඳහා මුලින්ම පෙන් එක තුල ඇති දේවල් හඳුනා ගත යුතුය.
දැන් අප batch විධාන කිහිපයක් හඳුනා ගනිමු.
cd -මෙය directory එකක් නැත්නම් folder එකක් තුලට යාමට භාවිතා කරයි.උදා:- C drive එකේ සිට C:\Program Files වෙතට යාමට මෙසේ භාවිතා කල හැක.

C:
cd program Files

එසේත් නැත්නම් අපට යාමට අවශ්‍ය ස්ථානයේ  address එක කෙලින්ම මෙසේ ලබා දීමෙන් එය කර ගත හැක.

cd C:\Program Files

නැතිනම් cd ලෙස කර type එක වරින් වර TAB key තද කිරීම මගින් අවශ්‍ය folder 1 තෝරා ගත හැකියි.

cd..
යොදා ගැනීමෙන් folder 1කින් ආපස්සට පැමිණිය හැක.
උදා:-
C program files සිට නැවත C drive වෙතට පැමිණීමට
cd..
යොදා ගත හැක.
කෙලින්ම drive එකකට යාමට නම් එම drive එකේ නම හා : (colan) යොදා ගත හැක.
උදා C හි සිට D ට යාමට
D:
යොදා ගත හැක.
ඉහත ක්‍රම භාවිතා කර අපගේ පෙන් එක තුළට පිවිසීමෙන් අනතුරුව එහි අන්තර්ගතය බැලීම සඳහා
tree
විධානය භාවිතා කල හැක.

එයින් අපගේ පෙන් එක තුල ඇති සියලුම ගොනු සහ අනු ගොනු දම්වැලක් ආකාර‍යට සම්බන්ධ වී ඇති ආකාරය  පෙන්වයි.ඉහත ආකාර‍යට ගොනු වල විස්තර බලා ගැනීමෙන් අනතුරුව අපට copy කර ගැනීමට අවශ්‍ය ගොනුවේ නම ඉතාම නිවැරදි ලෙස තිබෙන ආකාරයටම  සටහන් කර ගත යුතුයි.
ඉන්පසුව copy ලෙස type කර කුඩා හිදැසක්(space) තබා copy කිරීමට අවශ්‍ය ගොනුවේ නම දෙන්න.ඉන් පසු නැවත හිස් තැනක් තබා පෙරලි කොමා (double quotes "" )  තුල folder 1 copy කිරීමට අවශ්‍ය ස්ථානය(destination path) ලබා දිය යුතුයි.

copy (foder or file name with extension)  "destination path"

folder එකක් නම්

copy New Folder "D:\Pen drive copy"

ගොනුවක්(file) නම්

copy movie.avi "D:\Pen drive copy"

අපට අවශ්‍ය වන්නේ එකම වර්ගයේ ගොනු සියල්ලම copy කර ගැනීමට නම් මේ විධානය භාවිතා කල හැකියි.

copy *. required extension "D:\Pen drive copy"
උදා:-

copy *.mp3 "D:\Pen drive copy"

මෙයින් අදාල folder එක තුල ඇති .mp3 ආකාරයේ සියලුම ගොනු වේ.

ඉහත ආකරයෙන් පරිගණකයේ එක් තැනක ගොනු තවත් තැනකට copy  කර ගත හැක.මීලඟ ලිපියෙන් format කිරීමට නොහැකි පෙන් එකක් batch commands භාවිතා කර format කරන ආකරය ඉගෙන ගනිමු.
මේ සම්බන්ධ ගැටලු තිබේ නම් සංවාදයට විවෘතයි.

2 comments:

  1. නියමයි සහෝදරයා! හොද වැඩක්! දිගටම ලියන්න! ගොඩක් ප්‍රෙයෝජනවත් ලිපියක්.....

    ReplyDelete
  2. ම්ම්ම්... හොඳ ලිපියක්, දිගටම ලියන්න!

    ReplyDelete