අද දවස සුවිශේෂී දවසක්. ඔව් අද තමයි ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගෙන 65 වසරක් ගත වන දිනය. නමුත් ඒ සුවිශේෂී බවට අමතරව අද තවත් විශේෂත්වයක් ගෙන දෙන දවසක් මක් නිසාද කිව හොත් අද තමයි ලංකාවේ පළවෙනි USSD Game එක මහජනයා සඳහා නිකුත් වන දිනය. මේ වන කොටත් තරඟය ඇරඹිලා තියෙන්නේ. ඒ නිසා අද පෝස්ටුවෙන් ඒ ගැන කථා කරන්න මම හිතුවා.
මොකද්ද මේ USSD කියන්නේ?
Unstructured Supplementary Service Data යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම ක්‍රමය ජංගම දුරකථන සඳහා භාවිතා වන ප්‍රොටොකෝලයක්. එමඟින් ඔබට දුරකථන සේවා සපයන්නා (Service Provider) හා සම්බන්ධ විය හැකි. එමඟින් තමයි ඔබගේ ජංගම දුරකථනයේ මුදල් ශේෂය වැනි දෑ පිරික්සන්නේ මෙතෙක් කලක එවැනි සේවාවන් සඳහා පමණක් මේ මෙනු ක්‍රමය භාවිතා කලත් අද වන විට ඒ ගමන් මඟ නව මුහුණුවරක් ගෙන ජංගම දුරකථන ක්‍රීඩාවක් දක්වා දියුණු වී තිබෙනවා.
කොහොමද ක්‍රීඩාව Play කරන්නේ?
මේ ක්‍රීඩාව Play කරන්න අවශ්‍ය එකම දේ තමයි Dialog සම්බන්ධතාවයක් සහිත ජංගම දුරකථනයක් ඔබ සතුව තිබීමයි. අද තිබෙන බොහෝ ක්‍රීඩා කිරීම සඳහා Smart දුරකථන අවශ්‍ය වෙනවා. නමුත් මේ සඳහා එවැනි අවශ්‍යතාවයක් නෑ. ඕනෑම වර්ගයක දුරකථනයකින් ඔබට මේ සඳහා එක් විය හැකියි. ඔබ ඒ සඳහා කල යුත්තේ ඔබේ ජංගම දුරකථනයෙන් #771*671# ඇමතීම පමණයි.
මොකද්ද මේ Game එකෙන් කරන්නේ?
සරලව කිව්වොත් මේක Quiz Game එකක්. ඒ කියන්නේ ඔබට ලබා දෙනවා සතියකට ඉතාම පහසු ප්‍රශ්ණ 100. ඒ ප්‍රශ්ණ වලට වැඩිම ලකුණු ලබා ගන්න පළමු ක්‍රීඩකයා තමයි ඒ සතියේ ජයග්‍රාහකයා වන්නේ.
මොනවද ක්‍රීඩාවෙන් ලැබෙන්නේ?
ක්‍රීඩා තරග Competition ලෙස හඳුන්වන අතර මාසයකට Competitions 4 පැවැත්වෙනවා. එනම් සතියකට එකක් ලෙස.එනම් සතියකට වරක් ජයග්‍රාහකයෙක් බිහි වෙනවා. ඊට අමතරව තවත් සැනසිලි තෑගි බොහොමයක් ලබා ගන්නට පුළුවන්. සුවිශේෂීම දේ තමයි ජයග්‍රාහකයා තෝරන්නේ කුසපත් ඇදීමකින් නොවීමයි. පළමුවෙන්ම වැඩිම ලකුණු ලබා ගන්න ක්‍රීඩකයා තමයි සතියේ ජයග්‍රාහකයා. සැනසිලි ත්‍යාග සමහරක් නම් කුසපත් ඇදීමකින් දෙනු ලබනවා. ඔබට අදාල සතියේ ලබා දෙන ත්‍යගය ක්‍රීඩා මෙනුවෙන් නැරඹීමට හැකියි. මෙහිදී ඔබගේ දැනුම සඳහා තමයි මූලිකත්වයක් ලබා දී ඇත්තේ. ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට අමතරව අති මහත් දැනුමක් ඔබට ක්‍රීඩාව හරහා ලබා ගත හැකියි.
කොහොමද ක්‍රීඩාව සඳහා එකතු වෙන්නේ.
මේ ක්‍රීඩාවේ සුවිශේෂත්වය වන්නේ මෙය නිතරම සේවා දායකයාගෙන් එන පණිවිඩයක් මඟින් ක්‍රියාත්මක වීමයි. එනිසා ඔබ ක්‍රීඩාව සඳහා එකතු වන විට තිරයේ දිස් වන උපදෙස් අනුව කටයුතු කල යුතු වෙනවා.
#771*671# අංකය අමතා ක්‍රීඩාවට එකතු වූ පසු ඔබට Mind Blaster Select the Option යනුවෙන් යම් පණිවුඩයක් දිස් වෙනවා.
1. Register
2. Help
99. Exit
මෙහිදී ඔබ පළමුවෙන් කල යුතු වන්නේ ක්‍රිඩාව සඳහා ලියපදිංචි වීමයි. මෙම ක්‍රීඩාව පුරාම ඇත්තේ මෙවැනි විධාන අනුව කටයුතු කිරීමටයි. 1 යන අංකයට අදාල වන්නේ Register යන්නයි. 99 යන්නට අදාල වන්නේ ක්‍රීඩාවෙන් ඉවත් වීමයි. ඔබ කල යුත්තේ ඔබගේ ජංගම දුරකථනයේ වම් පස ඇති Button එක ඔබා අවශ්‍ය විධානය සේවා දායකයා වෙත යැවීමයි. මේ button එක ජංගම දුරකථන වර්ගය අනුව වෙනස් වෙනවා. සමහර විට එය Send හෝ Ok යනුවෙන් දිස්වනු ඇති.
ඔබට ලියාපදිංචි වීමට අවශ්‍ය නම් කල යුත්තේ ඉහත කී මෙනුවේ 1 යන්න type කර එවීමයි. පිට වීමට අවශ්‍ය නම් 99 type කර එවීම කල යුතු වෙනවා. ලියාපදිංචි වීමේදී ඔබගෙන් යම් අංකයක් විමසනු ඇති. සෑම ක්‍රීඩකයෙකුටම ක්‍රීඩාව සඳහා එකතු වන විට අංකයක් ලබා දෙන අතර තවත් ක්‍රීඩකයෙකු මේ අංකය ඇතුලත් කර ක්‍රීඩාව සඳහා එකතු වුවහොත් අදාල අංකය හිමි ක්‍රීඩකයාට Coin 1 ලැබෙනවා. මේ coins ගැන විස්තර පසුව විස්තර කරන්නම්. ඔබ එසේ යම් මිතුරෙකු විසින් එවනු ලැබූ ආරාධනාවක් නිසා ක්‍රීඩාව සඳහ යොමු වූයේ නම් එම මිතුරා ඔබට එවූ අංකය ඇතුලත් කල යුතු වෙනවා. එසේ අංකයක් ඔබ සතුව නැති නම් මෙම පියවර skip කර ඊලඟ පියවර වෙත යොමු විය හැකියි.
මෙහිදී ඔබගෙන් විමසන්නේ user name 1 ඇතුලත් කරන ලෙසයි. මෙම user name එක මඟින් තමයි ඔබගේ මිතුරන් ක්‍රීඩාව තුලදී ඔබව හඳුනා ගනු ලබන්නේ. එනිසා මෙයට ඔබ නිතර භාවිතා කරන නමක් ලබා දිය යුතු වෙනවා. මෙම නම මින් පසු වෙනස් කල නොහැකි නිසා නම ලබා දීමේදී සැලකිලි විය යුතු වෙනවා.
නම ඇතුලත් කිරීමෙන් පසු ඔබගෙන් විමසන්නේ Subscription model 1 පිළිබඳවයි. මෙහිදී සතියකට හෝ මාසයකට ලෙස ක්‍රම දෙකකින් ක්‍රීඩාව සඳහා එකතු විය හැකියි. සතියකටම ක්‍රීඩාව ක්‍රීඩා කිරීම සඳහා ඔබට වැය වන්නේ රුපියල් 7.50 (බදු රහිතව ) වැනි ඉතා සුළු මුදලක්. මාසයකට නම් ඔබට රුපියල් 30 (බදු රහිතව ) පමණයි වැය වන්නේ. ඔබට ලබා දෙන ත්‍යාග හා සසඳන විට මේ මුදල ඉතාම සුලු මුදලක් වෙනවා.
දැන් ඔබ ක්‍රීඩාව සඳහා සූදානම්. ප්‍රශ්ණයකට තප්පර 30 ලබා දෙනවා ඔබ කල යුත්තේ තප්පර 30 ඇතුලත ඔබගේ පිළිතුරට අදාල වන අංකය මෙනු එකේ සඳහන් කර එවීමයි. ප්‍රශ්ණයක් වැරදුනොත් ඔබට coin එකක් අහිමි වෙනවා. පළමුවෙන්ම ඔබට coins 3ක් ලබා දෙන අතර ඒව අවසන් වූ විට ඔබට මිතුරන් එක් කර ගැනීමේ තවත් coins ලබා ගත හැකි. ඒ සඳහා උපදෙස් ක්‍රීඩාවේදී ලබා දෙනවා. වැඩිම මිතුරන් පිරිසක් සතියක් තුලදී එකතු කර ගන්නා ක්‍රීඩකයාටත් ත්‍යාග ලබා දෙනවා.
ක්‍රීඩාව කරමින් ඉන්නා අතර තුර සම්බන්ධතාවය බිඳ වටුනොත් මොකද කරන්නේ.?
එසේ වූ විට ඔබ නැවතත් ඉක්මනින් ක්‍රීඩාව සඳහා එකතු වන්න. මෙහිදී කිසිදු මුදලක් ඔබගෙන් අය වන්නේ නෑ. ඔබට coin එකක් අහිමි වෙන්නෙත් නෑ. මක් නිසාද යත් එම සම්බ්න්ධතාවය බිඳ වැටුණු පණිවුඩය ක්‍රීඩව සඳහා ලැබෙන නිසාය.
කුමන භාෂාවකින් තරඟ වැදිය හැකිද?
English සහ සිංග්ලිෂ් වලින් තරඟය හා සම්බන්ධ විය හැකියි. ඔබගේ භාෂාව වෙනස් කිරීම Settings මෙනුවෙන් කල හැකියි.
ඔබට මතුවන සියළුම ප්‍රශ්ණ මෙහි දක්වන්න. ඉක්මනින්ම පිළිතුර ලබා දෙනු ඇති.
වැඩි විස්තර ක්‍රීඩාවේ ෆෑන් පේජය හරහා ලබා ගත හැකියි. Mind Blaster Official FB Fan Fage
ක්‍රිඩාව කරන්න නම් ආසයි.... එත් ඉතින් ඩයලොග් යුස් කරන්නෙම නෑනේ මම.... ඩොන්ගලෙට හැර
ReplyDeleteඩොන්ගලේ සොෆ්ට්වෙයා එක අළුත් නම් ඒකෙත් USSD තියෙනවා
ReplyDelete