මයික්‍රොසොෆ්ට් හි නවතම වින්ඩෝස් සංස්කරණය ඊයේ(26) වනදා නිකුත් වුණා. එහි බීටා සංස්කරණයක් අත් හදා බැලීමට මටත් හැකි වුණා. ඒ සමඟම ඊයේ රාත්‍රියේ දී එය යාවත්කාලීන කර ගැනීමටද හැකියාව ලැබුණා.
Pages
▼
Saturday, October 27, 2012
Saturday, October 13, 2012
ජාවාස්ක්‍රිප්ට් වලින් රිජෙක්ස් - Introduction to Regular Expressions from Javascript
මොනවද මේ Regex නැත්නම් Regular Expressions කියලා කියන්නේ. පරිගණක භාෂාවක අප String Manipulation ලෙස හඳුන්වන වාක්‍ය ඛණ්ඩ සංවිධානාත්මකව හැසිරවීමේ රටාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.
එනම් වාඛ්‍ය ඛණ්ඩ නැත්නම් Strings වල රටා හඳුනා ගෙන ඒවා අපට අවශ්‍ය කටයුතු වලට යොදා ගැනීම මෙහිදී සරල වශයෙන් සිදු කෙරේ. සරල පැහැදිලි කිරිමක් ගනිමු.
Thursday, August 16, 2012
ජාවාහි Singleton Objects ගැන දැන ගනිමු. What are Singleton objects in java programming language
අද කථා කරන්න යන්නේ ජාවා පාඩමක් පිළිබඳවයි. තරමක් දුරට ජාවා ගැන අවබෝධය ඇති කෙනෙක්ට මෙම ලිපිය වැදගත් වේවි. ඒ නැතත් බොහෝ සරල ලෙස පැහැදිලි කරන්නට උත්සාහ කරන්නම්. මේ සඳහා ඔබට OOP (Object Oriented Programming)පිළිබඳ තරමක් දුරට අවබෝධය අවශ්‍ය කරනවා. ජාවා දන්න බොහෝ දෙනෙක් OOP ගැනද දන්නවාට සැකයක් නෑ. ජාවාහි Object 1 යනු සත්‍ය ලෝකයේ වස්තුවකට සමාන කරන ලද වස්තුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට ගති ගුණ ( properties ) උදා වර්ණය, ප්‍රමාණය මෙන්ම හැසිරීම් ( behaviors ) ද තිබෙනවා. උදා: වස්තුව කාරයක් නම් කාරය ගමන් කරයි, කාරයේ රෝද කැරකෙයි. මෙම වස්තූන් විවිධ ලෙස හැසිරීමෙන් විවිධ ක්‍රියාකාරකම් කල හැකියි. ඔබ ජාවා වලට ආධුනිකයෙක් නම් ගැන වැඩි විස්තර මෙම ලිපි පෙළ කියවීමෙන් ලබා ගත හැකියි.
Wednesday, July 11, 2012
ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස් අල(ර්)ට් - Free News alert to your mobile phone
ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්රවෘත්ති සේවාවක් සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.
Monday, July 9, 2012
Youtube වීඩියෝ mp3 ලෙස බාගැනීම. Download youtube video as mp3
බොහෝ විට අපට youtube වෙබ් අඩවියේ ඇති වීඩියෝ පටයක ඕඩියෝ කොටස පමණක් ලබා ගැනීමට සිදු වන අවස්ථා තිබෙනවා.
උදාහරණ ලෙස ගීතයක් mp3 ලෙසින් ලබා ගැනීමට අවශ්‍ය විට
video එකක් mp3 ලෙස convert කර ගැනීමට අවශ්‍ය වූ විට
Wednesday, June 13, 2012
ගූග්ල් ක්‍රෝම් ප්ලගින්ස් - Google Chrome plugins (Extensions)
2008 දී හඳුන්වා දුන් Google Chrome දැන් බොහෝ ජනප්‍රිය වෙබ් බ්‍රව්සරයක් බවට පත් වෙලා අවසන්. මයික්‍රොසොෆ්ට් නිෂ්පාදනයක් වූ Internet Explorer සඳහා හොඳ තරඟයක් මෙයට ලබා දෙන්නට හැකි වී තිබෙනවා. අද මම ඉදිරිපත් කරන්නේ ක්‍රෝම් හි සුවිශේෂී අතුරු වැඩසටහන් (plugins) කිහිපයක්. මේවා ගොඩක් අය දැනටමත් භාවිතා කරන ඉතාම ප්‍රසිද්ධ වැඩසටහන්. නමුත් නොදන්නා අයට වැදගත් යැයි හිතුණු නිසා මේ ගැන ලිපියක් ලියන්න හිතුණා.
Saturday, March 3, 2012
තමන් විසින් තමන්වම කැඳවීම හෙවත් Recursive Algorithms
එදා මට Recursive Algorithms වල හොඳ උදාහරණයක් මඟ ඇරුනා. ඒ නිසා මේ එක ලිව්වේ ඒ උදාහරණය ගැන කියන්න. මේ වෙද්දිත් කාට හරි මේ Algorithms වර්ගය ගැන පොඩි හරි අවුලක් තියෙනවා නම් මේක කියෙව්වම ඒක නිරාකරණය වෙලා ඕනෙම අමාරු ගානක් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒ නිසා කොතරම් කාර්ය්ය බහුල උනත් විනාඩි 10කින් මේක ලිව්වේ.