ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.මේ දවස් වල හරිම කාර්යබහුලයි.අද මම පරිගණකය සරල ගණිත කර්ම කිරීම සදහා යොදා ගන්න ක්‍රමවේදය ඉතාම සරලව කියන්නම්.
පරිගණකයේ මතකය තුල එහෙම නැත්නම්RAM(Random Access Memory) එක තුල තැන්පත්ව ඇති දත්ත අපිට අවශ්‍ය ගණිත කර්ම කිරීමේදී රෙජිස්ටර් යන නමින් හදුන්වන මතක කොටස් තුලට් දත්ත රැහැන්(Data Buses) හරහා ගෙනවිත් එම ගණිත කර්ම සිදු කරයි.මෙය සරලවම මෙය එසේ දැක්විය හැකි වුවත් මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්.එසේ කිරීමටද හේතුවක් තියෙනවා.සරලවමපැහැදිලි කල හැකි හේතුව ලෙස ඉතා වේගයෙන් දත්ත සමග් ගනු දෙනු කල හැකි වීම සලකිය හැකියි.නමුත් මෙහි ර්ටත් වඩ වැදගත් හේතුවක් තිබෙනවා.දැනට එය අමතක කරමුකෝ.
මෙසේ රෙජිස්ටර් වෙතට ගෙන් ආ දත්ත ගණිත කර්මය කිරීමෙන් අනතුරුව නැවත RAM මතකයේ Memory Locations වල තැන්පත් කරනවා.මේ ක්‍රියාවලිය පැහැදිලි කිරීම සදහා Machine Instructions ලිවීමේ ක්‍රම්වේදය යොදා ගන්නවා.
උදාහරණ 1
Pages
▼
Friday, December 24, 2010
Saturday, October 30, 2010
යතුරු පුවරුවේ යතුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට නැත්තේ ඈයි?-Why aren't the keys on a keyboard in alphabetical order?
අප කවුරුත් භාවිතා කරන පරිගණක යතුරු පුවරුවේ පමණක් නොවේ මීට වසර කිහිපයකට පෙර බහුලවම භාවිතා වූ තවමත් සුලු වශයෙන් භාවිතා වන යතුරු ලියනයේ පවා අකුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙළට නොමැති බව ඔයාලා දැකලා තියෙනවාද?දැකලා නැත්නම් ඔන්න බලාගන්නකෝ.
Sunday, October 17, 2010
ලිං ජලයේ කැල්සියම් ප්‍රථිශතය සොයමුද?- Determinatoin of calcium in well water sample
1. තාවකාලික කඨිනත්වය -කැල්සියම් හා මැග්නීසියම් වල බයි කාබනේට ජලයේ දිය වීමෙන් ඇති වේ.
2. ස්ථිර කඨිනත්වය - කැල්සියම් හා මැග්නීසියම් වල සල්පේට හා ක්ලෝරයිඩ ජලයේ දිය වීමෙන් ඈති වේ.
තාවකාලික කඨිනත්වය නමේ තේරුමෙන්ම තාවකාලික වන අතර පහසු ක්‍රම මගින් ඉවත් කල හැක. ඒවා නම්
Saturday, October 16, 2010
වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම 2.-Determination of lead emission from motor vehicles part 2
ඊයම් ද්‍රාවණය වී ඇති ඉහත සාම්පලයේ ඊයම් සොයා ගැනීම සදහා ක්‍රමයක් ලෙස එය අනුමාපනයක් මගින් හදුනා ගත හැකි ප්‍රතිකාරකයක් සමග ප්‍රතික්‍රියා කෙරේ. මේ අනුමාපනය සදහා කෙලින්ම Pb2+ යොදා ගත නොහැක. මන්ද යත් එය Redox ප්‍රතික්‍රියා වලට සහභාගී නොවීමයි. එය භෂ්මයක් සමග ප්‍රතික්‍රියා කල විට සාදන්නේ අවක්ෂේපයක්(Pb(OH)2) නිසා එමගින් අනුමපනයක් කල නොහැක.මේ නිසා කල හැක්කේ ඊයම් වෙනත් ද්‍රව්‍යයක් බවට හරවා එම ද්‍රව්‍යය මගින් ඊයම් සාන්ද්‍රණය සොයා ගැනීමයි. ඒ සදහා Redox ප්‍රතික්‍රියා දක්වන Potassium Di-chromate සමග ප්‍රතික්‍රියා කරවා ඉතිරි (Cr2O7)2 ප්‍රමාණය අනුමාපනයක් මගින් හදුනා ගැනීමෙන් ඊයම් ප්‍රමාණය සෙවිය හැකිය.
මෙහිදී මාධ්‍යය ආම්ලික හෝ භාශ්මික වීම ප්‍රතික්‍රියාව සදහා සුදුසු නැත.එම නිසා මාධ්‍යය උදාසීන කිරීමට NaOH යොදා ගනී. ආම්ලික මාධයේදී පහත ප්‍රතික්‍රියාව සිදු වී අවක්ෂේපය දියවී නැවත (Cr2O7)2- සෑදේ.
(Cr2O7)2- + H2O > 2(CrO4)2- +2H+
එසේ වීමෙන් සියලුම ඊයම් අවක්ෂේප නොවේ. මාධ්‍යය භාශ්මික වුවහොත් Pb(Oh)2 අවෂේපය සාදා ඊයම් එයටත් වැය වේ.එම නිසා මාධ්‍යය උදාසීන වීම වැදගත් ය. මෙහිදී NaOH යෙදීමේදී Pb(Oh)2 සෑදෙන නිසා pHඅගය නියතව තබා ගැනීමට ස්වාරක්ශක දාවණය යොදා ගනී
Monday, October 11, 2010
වාහන වලින් පිටවන ඊයම් ප්‍රතිශතය සෙවීම.-Determination of lead emission from motor vehicles
1940 න් පමණ පසු විද්‍යාඥයින් මෝටර් රථ එන්ජින් සදහා ඊයම් යෙදීම අරඹන ලදි. මෙයට හේතුව ඉන්ධන දහනය සුමට ආකරයෙන් සිදු නොවීම නිසා වාහන වල knock වීම් සිදු වීමයි. එයට පිළියමක් ලෙස ඊයම් අඩංගු Tetra Ethyl Lead (TEL)යොදා ගෑනීමට හෑකි බව විද්‍යාඥයින් තේරුම් ගත්තේ ඊයම් සතු ගුණාංග කිහිපයක් නිසයි. ප්‍රධාන වශයෙන් ඊයම් TEL වල කාබන් පරමානුව සමග සහ සංයුජ බන්ධනයක් සාදයි. මෙයට හේතුව කාබන් හා ඊයම් අතර විද්‍යුත් සෘණතා වෙනස අඩු වීම්යි. එම නිසා මෙම සහසංයුජ බන්ධනය කෑඩී බිහි වන්නේ මුක්ත ඛණ්ඩක දෙකකි. මුක්ත ඛණ්ඩක යනු ඉතා අස්ථායි පරමාණු වේ.එම නිසා ඒවා උත්සාහ කරන්නේ කෙසේ හෝ ස්ථායි වීමටයි. මෙහිදී එන්ජිමේ උණුසුම හා පුළිගු වල ශක්තියෙන් TEL බන්ධනය කෑඩී එමගින් නිපදවන මුක්ත ඛණ්ඩක වලින් ඉන්ධනයේ දිගු හයිඩ්රෝකාබන් දාම වල බන්ධන බිද වෑටේ. එමෙන්ම ඉන්ධනයේ මෙම TEL සංයෝගය දිය වීමද වෑදගත් හේතුවකි එය යොදා ගෑනීමට.
Friday, September 10, 2010
මොනවද මේ ASCII කියන්නේ?-What is an ASCII
ASCII යනුවෙන් හෑදින්වෙන්නේ American Standard Code for Information Interchange යන්නයි.එය උච්චාරණය කරන්නේ ඇස්කී යනුවෙනි.එය සංකේත කේථාංකනය කිරීමේ සම්මත ක්‍රමයක් ලෙස සරලව හෑදින්විය හෑකිය.සංකේථයක් පරිගණකයක හෝ ඉලෙක්ට්‍රෝනික උපකරණයක දර්ශණය කරන සම්මත ආකාර කිහිපය අතරින් මුල්ම හා කුඩාම ක්‍රමය ලෙස මෙය හැදින්විය හැකිය.ඇමෙරිකානු සම්මතයක් වන මෙය අද වන විටත් බොහෝ උපාංග වල භාවිතා වේ.වර්ථමානයේ UTF-8 හා Unicode වැනි සම්මතයන් ද භාවිතා කල හැකි තරමට මේ උපාංග දියුණු වී ඈත.ඒවා ASCII වලට වඩා වැඩි සංකේත ගණනකට ප්‍රථිචාර දෑක්විය හෑකි වන ලෙස නිමවා ඈත.US-ASCI Internet Assigned Numbers Authority (IANA) මගින් ASCII සදහා සංකේත අනුපිළිවෙල ඉදිරිපත් කරනු ලබයි.මේ ක්‍රමය මුලින්ම වාණිජ වශහ්යෙන් යොදා ගත්තේ දුරස්ථ මුද්‍රක යන්ත්‍ර සදහායි.1960 ඔක්තෝබර් 6 වෑනිදා මේ ක්‍රමය සම්ම්ත වශයෙන් භාවිතා වීම ඈරඹිණි.
ASCII භාවිතා වන්නේ ප්‍රධාන වශයෙන් පරිගණකයේ අකුරු පෙන්වීම සදහායි.පරිගණකයට අප සදහන් කරන අකුරු හෝ ඉලක්කම් හදුනා ගෑනීමේ හෑකියාවක් නොමැත.මන්ද යත් එය ක්‍රියා කරනුයේ ද්විමය සංඛ්‍යා වලට ප්‍රතිචාර දක්වමිනි.පරිගණකයට අවශ්‍ය ද්විමය සංඛ්‍යා
ASCII භාවිතා වන්නේ ප්‍රධාන වශයෙන් පරිගණකයේ අකුරු පෙන්වීම සදහායි.පරිගණකයට අප සදහන් කරන අකුරු හෝ ඉලක්කම් හදුනා ගෑනීමේ හෑකියාවක් නොමැත.මන්ද යත් එය ක්‍රියා කරනුයේ ද්විමය සංඛ්‍යා වලට ප්‍රතිචාර දක්වමිනි.පරිගණකයට අවශ්‍ය ද්විමය සංඛ්‍යා